Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 150:4 - Sinhala New Revised Version 2018

4 රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමාණෝ පසසන්න. වීණාවෙන් හා නළාවෙන් එතුමාණෝ පසසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමන් පසසන්න. වීණාවෙන් හා නළාවෙන් එතුමන් පසසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. වීණා තතින් හා නළාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 150:4
10 හුවමාරු යොමු  

ඔව්හු රබාන ද වීණාව ද වයමින් ගී ගයති; නළා හඬ අසා ප්‍රීති වෙති.


මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.”


දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි.


එතුමාණන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමාණන්ට පසස් ගී ගයත් වා!


වීණාව වයා හිමිතුමාණන් පසසන්න; තත් දසයේ වීණාව ගෙන එතුමාණන්ට පැසසුම් ගීත ගයන්න.


ඔබේ රාජකීය වස්ත්‍රවලින් සඳුන්, කපුරු, කස්තුරි සුවඳ විහිදෙයි. ඇත්දත් මාලිගාවල සංගීතකරුවෝ ඔබ මන පිනවති.


තත් දසයේ වීණාවේ හා කුඩා වීණාවේ වාදන මඟින් ද මහ වීණාවේ තනුවට ද ඔබේ ගුණ වැණීම හොබනේ ය.


ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.


“සමිඳාණෙනි, ඔබ මා සුවපත් කළ සේක. එබැවින් අපි දිවි හිමියෙන් වීණා වාදනය කරමින්, ඔබට ප්‍රශංසා කරමු; ඔබේ මාලිගාවේ දී ඔබට ප්‍රසංසා කරමු.”


දෙවි සමිඳාණෝ මාගේ ශක්තිය වේ. මාගේ පාද මුවෙකුගේ පාද මෙන් ශීඝ්‍ර කරන සේක. උස් තැන්වල ඇවිදින්න මට සලස්වන සේක. නායක ගායනාකරුට ය. වීණා ඇති ව ගායනා කිරීමට ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්