Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 87 - Sinhala New Revised Version 2018


සියොන් කන්දේ තේජස
කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍යමය ගීතයකි.

1 ශුද්ධ කන්ද මත සමිඳාණෝ සිය නගරය ගොඩනැඟුව සේක.

2 ඉශ්රායෙල්හි අන්කිසි තැනකට වඩා සමිඳාණෝ ජෙරුසලමට ප්‍රේම කරන සේක.

3 එම්බා දෙවි නුවර! ඔබ ගැන අසිරිමත් දෙය පවසනු ලබන්නේ ය.

4 “මා පිළිගන්න ජාතීන් අතර මිසරය සහ බබිලෝනිය සඳහන් කරන්නෙමි. ජෙරුසලමේ වැසියන් සමඟ පිලිස්තිය, තීර් සහ එතියෝපියාව යන දේශවල ජනයා ද ගණන් කරන්නෙමි. ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී යැ’යි මිනිස්සු කියන්නෝ ය.

5 සියොන් කන්ද ගැන මෙසේ කියනු ලබන්නේ ය; ‘සියලු ජාතීහු එහි උපත ලද්දෝ ය; මහෝත්තමයාණෝ ඇය ශක්තිමත් කරන සේක.’

6 ජනතාවන්ගේ ලේඛනයක් සකස් කරන විට, සියලු දෙන ජෙරුසලම් වැසියන් ලෙස, ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී ය’යි සමිඳාණෝ ගණන්ගන්න සේක.

7 ‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්, ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්