ගීතාවලිය 150 - Sinhala New Revised Version 2018පැසසුම් ගීයක් 1 සමිඳාණන් වහන්සේ පසසන්න. දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමාණෝ පසසන්න. එතුමාණන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමාණෝ පසසන්න. 2 එතුමාණන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමාණෝ පසසන්න. එතුමාණන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමාණෝ පසසන්න. 3 හොරණෑ නාදයෙන් එතුමාණෝ පසසන්න. කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමාණෝ පසසන්න. 4 රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමාණෝ පසසන්න. වීණාවෙන් හා නළාවෙන් එතුමාණෝ පසසන්න. 5 හඬැති අත්තලින් ද උස් නද දෙන අත්තලින් ද එතුමාණෝ පසසන්න. 6 ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා! |