Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 6:15 - Sinhala New Revised Version 2018

15 මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මෙසේ දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ඔල්වරහඬත් හොරණෑ ශබ්දයත් ඇතුව ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 6:15
16 හුවමාරු යොමු  

දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය.


සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය.


තවද, දාවිත් කුඩා වීණා ද මහා වීණා ද අත්තල් ද යන තූර්ය භාණ්ඩවලින් ගායනා කරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමන්ගේ සහෝදරයන් වූ ගායකයන් නියම කරන ලෙස ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේ ය.


මෙසේ දාවිත් හා සියලු ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද සහශ්‍රාධිපතීහු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිණිස ප්‍රීතියෙන් ගියෝ ය.


මෙසේ සියලු ඉශ්රායෙල්වරු ඔල්වර හඬත්, හොරණෑ ශබ්දයත් ඇති ව, නළාවලිනුත්, අත්තල්වලිනුත්, වීණාවලිනුත්, මහා වීණාවලිනුත් ශබ්ද පවත්වමින් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාවෝ ය.


ඔහුගේ සතුරන් ලජ්ජාවට පත් කරන්නෙමි. එහෙත්, ඔහු මත ඔහුගේ කිරුළ බබළන්නේ ය.


සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා! මුළු රෑ එතුමාණෝ නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!


හොරණෑ නාදයෙන් එතුමාණෝ පසසන්න. කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමාණෝ පසසන්න.


සව් සතුනි, අත්පොළසන් දෙන්න; ජය ගොස නංවා දෙවියන් වහන්සේට තුති දෙන්න.


ඔවුන් ඇතුළු වන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුළු වන්නේ ය. ඔවුන් පිටතට යන කල ඔහුත් පිටතට යන්නේ ය.


සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි. මාගේ ගැළවීමේ දෙවිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්