ආදි කාලයේ ඉඳන්ම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟට පූජනීය ස්ථාන හා දේවමාළිගා ගොඩනඟන්න කියලා අණ කළා, ඒවායේදී ශුභාරංචියේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පූජනීය පැමිණීමෙන් දේවමාළිගාවලට ආශීර්වාද කරන නිසා, අපි දේව මෙහෙයට හෝ දේශනාවකට සහභාගි වෙන සෑම විටම ගෞරවයෙන් ඉන්න ඕනේ. මෝසෙස් සහ ඊශ්‍රායෙල් දරුවන් ඊජිප්තුවෙන් පිටව යන කාලයේ හදපු මණ්ඩපය ඇත්තටම ගෙනියන්න පුළුවන් දේවමාළිගාවක් වුණා. පරණ ගිවිසුමේ සඳහන් වෙන හොඳටම දන්නා දේවමාළිගාව සලමොන් රජුගේ කාලයේ ජෙරුසලමේ හදපු එක (2 වංශකාගාර 2-5). අද, දෙවියන් වහන්සේ වාසය කරන්න කැමති ලොකුම දේවමාළිගාව ඔබේ හදවත. ඒ නිසා, ඔබේ ඇතුළත ලස්සන තැනක් හදන්න, ශුද්ධාත්මයාණන්ට නිදහසේ වාසය කරන්න පුළුවන්, කවදාවත් යන්න ඕනේ නැති තැනක්.
නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නොහොත් ශුද්ධවන්තයන් ලෝකයා විනිශ්චයකරන බව නොදනිවුද? ඉඳින් නුඹලා විසින් ලෝකයා විනිශ්චයකරනු ලබන්නේ නම්, ඉතා සුළු කාරණා විනිශ්චයකරන්ට නුඹලා නොවටින්නෝද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.
දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.
පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට ආ කල ස්වාමීන්වහන්සේගේ ගෘහය වලාපටලයෙන් පිරුණේය. වලාපටලය නිසා පූජකයන්ට සේවයකිරීම පිණිස සිටින්ට නොහැකි විය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරුණේය.
සාලමොන් යාච්ඤාකොට නිමකළ විට අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද දවාදැම්මේය; ස්වාමීන්වහන්සේගේ තේජසින් ගෘහය පිරීගියේය. සත්වෙනි මාසයේ විසි තුන්වෙනිදා ඔහු සෙනඟ තමුන්ගේ කූඩාරම්වලට යන්ට හැරියේය, ඔව්හුද ස්වාමීන්වහන්සේ දාවිත්ටත් සාලමොන්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් කළ යහපත ගැන ප්‍රීතිව සන්තෝෂ සිත් ඇතුව ගියෝය. මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජුගේ ගෘහයද නිමකෙළේය. ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් තමාගේම ගෘහයෙහිත් කරන්ට සාලමොන්ගේ සිතට ආ සියල්ලත් ඉෂ්ටකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ රාත්‍රියේ සාලමොන්ට පෙනී කථාකොට: මම නුඹේ යාච්ඤාව අසා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරාගතිමි. වැසි නොවසින ලෙස මම අහස වසන්නෙම්නම්, නොහොත් රට පාළුකිරීමට පළගැටියන්ට අණකරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම්නම්, මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි. දැනුදු මේ ස්ථානයේදී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇරී මාගේ කන් යොමුකරනු ලැබේ. මෙසේ මාගේ නාමය මේ ගෘහයෙහි සදාකාලේටම තිබෙන පිණිස මෙය තෝරාගන විශුද්ධ කෙළෙමි. මාගේ ඇස්ද මාගේ සිතද නිතරම මෙහි වන්නේය. ඉතින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස කරමින්, මාගේ පනත්ද විනිශ්චයන්ද පවත්වන්නෙහි නම්: ඉශ්‍රායෙල්හි ආණ්ඩුකාරයෙක් වීමට නුඹෙන් කෙනෙක් නැතිව නොයන්නේය කියා මා විසින් නුඹේ පියවූ දාවිත්ට ගිවිස්වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිරකරන්නෙමි. නුමුත් නුඹලා හැරී මා විසින් නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පනත්ද ආඥාද අත්හැර ගොස් වෙන දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන්නහු නම්, ස්වාමීන්වහන්සේගේ තේජසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරී තිබුණු නිසා පූජකයන්ට ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වෙන්ට බැරිවිය.
ගොඩනගන්නෝ ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දමන කල ඉශ්‍රායෙල්හි රජවූ දාවිත්ගේ පිළිවෙළේ හැටියට ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන පිණිස පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇතුවද ආසාප්ගේ පුත්‍රයෝ වන ලෙවීවරු අත්තල් ඇතුවද සිටගත්තෝය. ඔව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්: උන්වහන්සේ යහපත්ය, මක්නිසාද ඉශ්‍රායෙල් කෙරෙහි උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නෙය කියා ඔවුනොවුන් ගී කීවෝය. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමන නිසා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ විට මුළු සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.
මක්නිසාද ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි.
යේසුස්වහන්සේ දේව මාළිගාවට ඇතුල්ව, මාළිගාවෙහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි සියලු දෙන පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළාදමා: මාගේ ගෘහය යාච්ඤා ගෘහයක්ය කියනු ලබන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කරතියි ඔවුන්ට කීසේක.
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ මාළිගාව කඩාදමන්න, එවිට තුන් දවසකින් එය නැගුටු වන්නෙමියි කීසේක. යේසුස්වහන්සෙත් උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය. යුදෙව්වරු කථාකොට: මේ මාළිගාව ගොඩනැගීමට සතළිස් සාවුරුද්දක් ගතවිය, නුඹ ඒක තුන් දවසකින් නැගුටුවන්නෙහිදැයි කීවෝය. නුමුත් උන්වහන්සේ කථාකළේ තමන්ගේ ශරීරය නමැති මාළිගාව ගැනය.
යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.
මාගේ විපත්තියේදී ස්වාමීන්ට හඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවෙහි සිට මාගේ හඬ ඇසූසේක, උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
ස්වාමීන්වහන්සේගේ තේජස නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුල්විය. එවිට ආත්මය මා ඔසවාගෙන ඇතුල් මළුවට මා පැමිණෙවුවේය; ගෘහය ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දුටුමි.
ස්වාමීන්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය.
ඔබගේ මිදුල්වල වාසයකරන පිණිස ඔබ තෝරාගන්නාවූ, ඔබට ළංවෙන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දේය. ඔබගේ ගෘහයවූ ඔබගේ ශුද්ධ මන්දිරයේ යහපතින් අපි තෘප්තියට පැමිණෙන්නෙමුව.
තවද ඔව්හු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින්, ගෙදරදී රොටි කඩමින්, ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින්, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්, සෙනඟට ප්‍රිය උපදින ලෙස ක්‍රියාකරමින් පසුවුණෝය. ස්වාමීන්වහන්සේ වනාහි ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක්කළසේක.
නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?
ස්වාමීන්වහන්සේ කථාකොට: නුඹ මා ඉදිරියෙහි ඔප්පුකළ නුඹේ යාච්ඤාවත් කන්නලව්වත් ඇසුවෙමි. නුඹ ගොඩනැගූ මේ ගෘහයෙහි මාගේ නාමය සදාකාලේටම තබන පිණිස ඒක විශුද්ධකෙළෙමි; මාගේ ඇස්ද මාගේ සිතද නිරන්තරයෙන් මෙහි වන්නේය.
දවස්පතාම දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.
මම එහි දේවමාළිගාවක් නුදුටිමි. මක්නිසාද සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේද බැටළුපැටවාණෝද එහි දේවමාළිගාවය.
යේසුස්වහන්සේ දේව මාළිගාවට ඇතුල්ව, මාළිගාවෙහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි සියලු දෙන පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළාදමා:
ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධ මන්දිරයෙහි වැඩ සිටිනසේක, ස්වාමීන්ගේ සිංහාසනය ස්වර්ගයෙහිය; උන්වහන්සේගේ ඇස්වලින් මනුෂ්‍ය පුත්‍රයන් බලා ඇසිපියවලින් ඔවුන් පරීක්ෂාකරනසේක.
නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,
උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය. උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය.
ස්වාමීන්වහන්සේගේ තේජසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරී තිබුණු නිසා පූජකයන්ට ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වෙන්ට බැරිවිය.
උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව උගන්වමින් සිටියදී නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද උන්වහන්සේ ළඟට ඇවිත්: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුදැයි ඇසුවෝය.
මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි. ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි.
එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්, පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද? උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද, දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද, නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.
නුඹ ගොඩනගන මේ ගෘහය ගැන වනාහි, නුඹ මාගේ පනත්වල හැසිර මාගේ විනිශ්චයවල් ඉෂ්ටකර මාගේ සියලු ආඥා පවත්වමින් ඒ ප්‍රකාර හැසිරෙන්නෙහිනම්, නුඹේ පියවූ දාවිත්ට මා විසින් කී මාගේ වචනය නුඹට ඉෂ්ටකරන්නෙමි. තවද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අත්නෑර, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි වාසයකරන්නෙමියි කීසේක.
නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?
ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.
මේක ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාව යයි කියන බොරු වචන විශ්වාස නොකරන්න.
ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි, ඔහු තවත් එතැනින් පිටතට නොයන්නේය. මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.
දැන්, මාගේ දෙවියන්වහන්ස, මේ ස්ථානයෙහිදී කරන යාච්ඤාවට ඔබගේ ඇස් ඇරී ඔබගේ කන් යොමුවී තිබේවා.
ඉශ්‍රායෙල් පුත්‍රයෝද පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී ආවාවූ අනික් අයද දෙවියන්වහන්සේගේ ගෘහයේ කැපකිරීමේ කෘත්‍යය ප්‍රීතියෙන් පැවැත්තුවෝය.
තවද මම සමාදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක්වන්නේය. මම ඔවුන් පිහිටුවා, ඔවුන් වැඩිකොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලේටම පිහිටුවන්නෙමි. මාගේ මණ්ඩපයද ඔවුන් වෙත වන්නේය; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝය. මාගේ ශුද්ධස්ථානය හැම කල්හිම ඔවුන් අතරෙහි තිබීමෙන් මා ඉශ්‍රායෙල් විශුද්ධ කරන ස්වාමීන්වහන්සේ බව ජාතීන් දැනගන්නවා ඇත කියා කියන්නැයි කීය.
එසේ ද වුවත් අතින් සෑදුවාවූ ගෘහවල මහෝත්තමයාණන්වහන්සේ වාසය නොකරනසේක; අනාගතවක්තෘවූ කියන හැටියට:- ස්වර්ගය මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. කෙබඳු ගෘහයක් නුඹලා මට ගොඩනගවුද? නොහොත් මාගේ විශ්‍රාමස්ථානය කිමෙක්ද?
නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ, වඩා උතුම්වූ වඩා සම්පූර්ණවූ අතින් නොසෑදුවාවූ, එනම් මේ [භූමික] මැවිල්ලට අයිති නොවන්නාවූ මණ්ඩපය මැදින්,
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල්වූසේක.
එවිට වලාකුළ සම්මුඛවීමේ කූඩාරම වසා ගත්තේය, ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගියේය. වලාකුළ ඊ පිට රැඳුණු බැවින්ද ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගිය බැවින්ද මෝසෙස්ට සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන්ට නොහැකිවිය.
නුඹ ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියන්න–මාගේ වාසස්ථානය කොට නුඹ මට ගෘහයක් ගොඩනගන්නෙහිද?
ඉතින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට නුඹලාගේ සිතත් ආත්මයත් යොමුකරන්න; ස්වාමීන්වහන්සේගේ නාමයට ගොඩනගන්ට තිබෙන ගෘහය තුළට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද දෙවියන්වහන්සේගේ ශුද්ධ භාණ්ඩද ගෙනයන පිණිස නැගිට දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනගන්නැයි කීවේය.
එබැවින් ඔව්හු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි සිටිති; උන්වහන්සේගේ මාළිගාවේ රෑ දාවල් උන්වහන්සේට සේවයකරති. සිංහාසනයෙහි වැඩහිඳින තැනන්වහන්සේ තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහනසේක.
ඔහුට මෙසේ කියන්න–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, පැළෑටිය නම්වූ මනුෂ්‍යයා තමන්ගේ ස්ථානයෙන් පැළවී ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගනවා ඇත. උන්වහන්සේම ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගා, උන්වහන්සේම මහිමය දරමින්, තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩුකරනසේක; තමන් සිංහාසනයෙහිම පූජකයෙක්වද සිටිනසේක. ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි.
ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට–නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා විසින් තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට ගෘහයක් ගොඩනගනවා ඇතැයි කී හැටියට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මම අදහස්කරමි.
ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ. උන්වහන්සේගේ මුළු සෙනඟගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිටිනසේක්වා, ඔහු යූදාහි වූ යෙරුසලමට ගොස් යෙරුසලමෙහි සිටින ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගවා. (උන්වහන්සේ දෙවියන්වහන්සේය.)
මේ ගෘහයේ අන්තිම තේජස පළමු ඒකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.
ස්වාමීන්ගේ ශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ල: මහිමය වේවා කියයි.
මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.
ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව; අසා කමාවුණමැනව.
එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය. ඒ වලාපටලය නිසා පූජකයන්ට සේවය කිරීම පිණිස සිටින්ට බැරිවිය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජසින් දෙවියන්වහන්සේගේ ගෘහය පිරීගියේය.
නුඹලා මට අඩගසන්නහුය, ගොස් මට යාච්ඤාකරන්නහුය, මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි. නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත.
උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය. මේ සෙනඟ තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්නැයි කීසේක. එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්, ස්වාමීන්වහන්සේ විසින් මනුෂ්‍යයන් ඈතට පහකිරීමත්, දේශයෙහි මහත් හිස්කමක් වීමත් සිදුවෙන තුරුය. පසුව දසයෙන් කොටසක් එහි ඉතුරුවුණත් ඒක නැවත නාස්තිකරනු ලබන්නේය. එහෙත් ඒලොන් ගසක්ද අලෝන ගසක්ද කපාදැමූ කල එහි පණ තිබෙන්නාක්මෙන්ම ශුද්ධවූ වංශය ඔවුන්ගේ ප්‍රාණයයයි කීසේක. උන්වහන්සේ අවටින් සෙරාප්වරු සිටියෝය. එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය; දෙකකින් මුහුණ වසාගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කෙළේය. ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය. එවිට මොරගැසූ තැනැත්තාගේ හඬට එළිපත්වල අත්තිවාරම් සෙලවුණේය, ගෘහයද දුමෙන් පිරුණේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?
උන්වහන්සේ මට කථාකොට: නුඹේ පුත්‍රවූ සාලමොන්ම මාගේ ගෘහයද මළුද සාදන්නේය. මක්නිසාද මාගේ පුත්‍රයෙක් කොට ඔහු තෝරාගතිමි, මම ඔහුට පියෙක් වන්නෙමි.
සැරයටියක් වාගේ බටදණ්ඩක් මට දෙනලද්දේය. එවිට කෙනෙක් මට කථාකරමින්: නැගිට දෙවියන්වහන්සේගේ මාළිගාවද පූජාසනයද එහි නමස්කාරකරන්නන්ද මනින්න.
ඔහු, දෙවියන්වහන්සේයයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාරකරනු ලබන්නාවූ සියල්ලන්ට විරුද්ධව සිට, ඒ සියල්ලන්ට වඩා තමාම උසස්කරගෙන, දේවමාළිගාවෙහි වාඩිවී හිඳ, තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය.
යේසුස් වහන්සේ දේව මාළිගාවෙන් නික්ම යන කල මාළිගාවේ ගොඩනැගිලි උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලයෝ උන්වහන්සේ ළඟට ආවෝය.
මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.
එකල ඒලී තමාගේ ස්ථානයෙහි සැතපෙද්දීත්, දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිබුණාවූ ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාමුවෙල් නිදා ඉඳිද්දීත්, දෙවියන්වහන්සේගේ පහන නිවෙන්ට පළමුවෙන්,
ඔහුට මෙසේ කියන්න–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, පැළෑටිය නම්වූ මනුෂ්‍යයා තමන්ගේ ස්ථානයෙන් පැළවී ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගනවා ඇත.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවාට පසු හාරසිය අසූවෙනි අවුරුද්දේ එනම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සාලමොන්ගේ රජකම් කිරීමේ සතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයවූ ශීව් මාසයේදී ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.