Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 6:1 - Sinhala Revised Old Version

1 තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවාට පසු හාරසිය අසූවෙනි අවුරුද්දේ එනම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සාලමොන්ගේ රජකම් කිරීමේ සතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයවූ ශීව් මාසයේදී ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 තවද, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටත් ව ආපසු පැමිණ හාරසිය අසූ වන අවුරුද්දේ එනම්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සලමොන් රජකම් කිරීමට පටන්ගෙන සතර වන අවුරුද්දේ දෙ වන‍ මාසය වූ ශිව් මාසයේ දී ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 තවද, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටත් ව ආපසු පැමිණ හාරසිය අසූ වන අවුරුද්දේ එනම්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සලමොන් රජකම් කිරීමට පටන්ගෙන සතර වන අවුරුද්දේ දෙ වන‍ මාසය වූ ශිව් මාසයේ දී ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 6:1
26 හුවමාරු යොමු  

නුමුත් උන්වහන්සේට ගෘහයක් ගොඩනැගුවේ සාලමොන්ය.


නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,


ඔබගේ ආඥාද ශික්ෂාද පනත්ද පවත්වන්ටත්, මේ සියල්ලම ඉෂ්ටකරන්ටත්, මා විසින් සූදානම්කර තිබෙන මාලිගාව ගොඩනගන්ටත් මාගේ පුත්‍රවූ සාලමොන්ට සම්පූර්ණ සිතක් දුනමැනවයි කීවේය.


සතරවෙනි අවුරුද්දේ ශීව් මාසයේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම තබනලද්දේය.


මක්නිසාද අත්තිවාරම් ඇත්තාවූ, දෙවියන්වහන්සේ විසින් යෝජනාකර සෑදුවාවූ නුවර ගැන ඔහු බලාසිටියේය.


නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ, වඩා උතුම්වූ වඩා සම්පූර්ණවූ අතින් නොසෑදුවාවූ, එනම් මේ [භූමික] මැවිල්ලට අයිති නොවන්නාවූ මණ්ඩපය මැදින්,


නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.


දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.


නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?


තවද දුර සිටින්නෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනැගීමට උදව්වන්නෝය, සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹලා ළඟට එවූ බව නුඹලා දැනගන්නහුය. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹලා ඇත්තටම කීකරුවුණොත් මෙසේ සිදුවේයයි කීයේය.


ඉශ්‍රායෙල් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නුවරවලද අරොයෙර් හා ඊට අයිති නුවරවලද අර්ණොන් අසබඩ තිබෙන සියලු නුවරවලද අවුරුදු තුන්සියයක් වාසයකරද්දී නුඹලා ඒ කාලය අතරතුරේ ඒවා ගළවා නොගත්තේ මක්නිසාද?


ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට මෙසේ කීසේක:


උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක.


සාලමොන් රජ ස්වාමීන්වහන්සේට ගොඩනැගූ ගෘහයේ දිග රියන් සැටක්ය, පළල රියන් විස්සක්ය, උස රියන් තිහක්ය.


යොහානාන්ට දාව අසරියාද උපන්නෝය. (සාලමොන් විසින් යෙරුසලමේ ගොඩනැගූ ගෘහයෙහි පූජක තනතුර ඉෂ්ටකළේ ඔහුය.)


ඔව්හු උත්තරදෙමින්: අපි ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට ප්‍රථම ගොඩනගනලද්දාවූ, ඉශ්‍රායෙල්හි මහත් රජෙකු විසින් ගොඩනගා නිමකරනලද්දාවූ ගෘහය අපි නැවත ගොඩනගමුව.


උන්වහන්සේ උස්වූ ස්ථාන මෙන්ද සදාකාලේට තමන් පිහිටෙවු පොළොව මෙන්ද ස්වකීය ශුද්ධස්ථානය ගොඩනැගූ සේක.


මා විසින් ගෘහය කෙරෙහි ප්‍රසන්නවී ගෞරව ලබන පිණිස, නුඹලා කඳු රටට නැගී ගොස් ලී ගෙනවුත් ඒක ගොඩනගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද හාරසිය තිස් අවුරුද්ද කෙළවරවූ දවසේදීම ස්වාමීන්වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටත්ව ගියෝය.


ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.


දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමට සාලමොන් ලූ අත්තිවාරම මේය. පළමු තිබුණ රියන් මිම්මේ හැටියට දිග හැට රියනක්ය, පළල විසි රියනක්ය.


එවිට ඔහු මාළිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේය, ඒවා එක පැත්තක හරියනක් පළලටද අනික් පැත්තෙහි හරියනක් පළලටද තිබුණේය, එය කූඩාරමේ පළලය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්