Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 3:17 - Sinhala Revised Old Version

17 යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 කිසිවෙකු දේව මන්දිරය වැනසුවොත් දෙවියන් වහන්සේ ඒ තැනැත්තා වනසන සේක. දෙවියන් වහන්සේගේ මන්දිරය විශුද්ධ ය. ඒ මන්දිරය නම් ඔබ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 යමෙක් දෙවියන්වහන්සේගේ මාලිගය විනාශ කරයි නම්, දෙවියන්වහන්සේ ඒ අය විනාශ කරන සේක. මන්ද දෙවියන්වහන්සේගේ මාලිගය ශුද්ධ ය. ඒ දේව මාලිගය ඔබ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 කිසිවෙකු දේව මන්දිරය වැනසුවොත් දෙවියන් වහන්සේ ඒ තැනැත්තා වනසන සේක. දෙවියන් වහන්සේගේ මන්දිරය විශුද්ධ ය. ඒ මන්දිරය නම් ඔබ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 3:17
19 හුවමාරු යොමු  

ගෘහයේ නියමය මෙසේය: කන්ද මුදුනෙහි වටකරම එහි මුළු සීමාව ඉතා ශුද්ධය. ගෘහයේ ව්‍යවස්ථාව ඒකය.


මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගනිමි, ඔවුන් මාගේ රහස් ස්ථානය කෙලහනවා ඇත. කොල්ලකාරයන්ද ඊට ඇතුල්වී කෙලහනවා ඇත. දම්වැළ සාදන්න.


එබැවින් මා ජීවත්වෙනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: නුඹේ සියලු අශික්ෂිතකම්වලින්ද නුඹේ සියලු පිළිකුල්කම්වලින්ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකළ නිසා සැබවින්ම මමත් නුඹ අඩු බවට පමුණුවන්නෙමි; මාගේ ඇස දයාව නොපෙන්වන්නේය, මමද කරුණා නොකරන්නෙමි.


එහෙත් යමෙක් අපවිත්‍රවී තමාගේ දෝෂ පහකරනොගත්තොත්, ඒ තැනැත්තා ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය දූෂණයකළ බැවින්, සභා මධ්‍යයෙන් සිඳිනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු පිට නොඉසිනලද්දේය; ඔහු අපවිත්‍රය.


දෙවියන්වහන්ස, අන්‍ය ජාතීහු ඔබගේ උරුමයට ඇතුල්වූවෝය; ඔව්හු ඔබගේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කළෝය; යෙරුසලම ජරාවාස ගොඩවල් කළෝය.


ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි.


අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.


එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් මධ්‍යයෙහි තිබෙන මාගේ මණ්ඩපය කිලුටුකොට තමුන්ගේ අපවිත්‍රකමෙන් නොනස්නා පිණිස නුඹලා ඔවුන්ගේ අපවිත්‍රකමෙන් ඔවුන් වෙන්කරන්න.


උන්වහන්සේ කථාකොට: මෙතැනට ළංනොවව. නුඹේ පාදවලින් නුඹේ වහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධභූමියකැයි කීසේක.


මේක කොපමණ භයානක ස්ථානයක්ද! ඒකාන්තයෙන්ම මේක දෙවියන්වහන්සේගේ ගෘහයය, මේක ස්වර්ගයේ දොරටුවයයි කීවේය.


අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාරකරව්; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ශුද්ධසේක.


ඔබගේ ශික්ෂා ඉතා ස්ථිරය. ස්වාමිනි, සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය.


තවද ශුද්ධවූ ගෘහයට මා විසින් සූදානම්කර තිබෙන සියල්ල හැර මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි ඇත්තාවූ මාගේ ළැදිකම නිසා මාගේම සම්පත වන රන්ද රිදීද මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දුන්නෙමි.


ඇගේ ප්‍රොපේතවරු අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලසුවෝය, ව්‍යවස්ථාව පෙරළුවෝය.


ශුද්ධස්ථානයෙහි සතුරා විසින් කර තිබෙන මුළු හානිය වන නිරන්තර විනාශයන් කරා ඔබගේ පාද නගා අවමැනව.


නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?


කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්