Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හග්ගයි 2:9 - Sinhala Revised Old Version

9 මේ ගෘහයේ අන්තිම තේජස පළමු ඒකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 අලුත් දේව මාලිගාවේ තේජාලංකාරය පැරණි දේව මාලිගාවේ අලංකාරය ඉක්මවා යන්නේ ය. එහි මාගේ සෙනඟට සෞභාග්‍යයත්, ශාන්තියත් දෙන්නෙමි. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 අලුත් දේව මාලිගාවේ තේජාලංකාරය පැරණි දේව මාලිගාවේ අලංකාරය ඉක්මවා යන්නේ ය. එහි මාගේ සෙනඟට සෞභාග්‍යයත්, ශාන්තියත් දෙන්නෙමි. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හග්ගයි 2:9
20 හුවමාරු යොමු  

දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.


නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.


තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.


ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.


මාගේ සහෝදරයෙනි, අපගේ තේජවන්ත ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ තරාතිරම් සැලකීම ඇතුව නොදරන්න.


උන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සමාදානයේ යහපත් ආරංචිය ප්‍රකාශකරවමින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එවනලද වචනය නුඹලා දන්නහුය;


මේ මනුෂ්‍යයා අපේ සමාදානය වන්නේය. අෂූරියයා අපේ දේශයට එන කලත් අපේ මාළිගාවලට ඇතුල්වන කලත් අපි ඔහුට විරුද්ධව එඬේරුන් සත්දෙනෙකුත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් අටදෙනෙකුත් නැගුටුවන්නෙමුව.


කේදාර්හි සියලු එළු බැටළු රැළවල් නුඹ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ නුඹට සේවයකරත්. උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම සමාදානය ගංගාවක් මෙන්ද ජාතීන්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈ වෙතට හරවමි, නුඹලා එයින් උරා බොන්නහුය; උකුළේ ගෙනයනු ලබන්නහුය, දෙදණ පිට සුරතල්කරනු ලබන්නහුය.


මා විසින් ගෘහය කෙරෙහි ප්‍රසන්නවී ගෞරව ලබන පිණිස, නුඹලා කඳු රටට නැගී ගොස් ලී ගෙනවුත් ඒක ගොඩනගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ ගෘහය එහි පළමු තේජස ඇතුව තිබෙද්දී එය දුටු අයගෙන් නුඹලා අතරේ ඉතිරිව සිටින්නේ කවුද? මේක දැන් නුඹලාට පෙනෙන්නේ කොහොමද? මේක කිසිත් නැත්තාක්මෙන් නුඹලාගේ ඇස්වලට පෙනෙනවා නොවේද?


මක්නිසාද මම්ම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීය.


එවිට ආත්මය මා ඔසවාගෙන ඇතුල් මළුවට මා පැමිණෙවුවේය; ගෘහය ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දුටුමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්