Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 7:5 - Sinhala Revised Old Version

5 නුඹ ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියන්න–මාගේ වාසස්ථානය කොට නුඹ මට ගෘහයක් ගොඩනගන්නෙහිද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 7:5
11 හුවමාරු යොමු  

නුඹ ගොස් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියව–මාගේ වාසය පිණිස නුඹ ගෘහයක් ගොඩනොනගන්නෙහිය.


තවද එම රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ:


නුඹ ගොඩනගන මේ ගෘහය ගැන වනාහි, නුඹ මාගේ පනත්වල හැසිර මාගේ විනිශ්චයවල් ඉෂ්ටකර මාගේ සියලු ආඥා පවත්වමින් ඒ ප්‍රකාර හැසිරෙන්නෙහිනම්, නුඹේ පියවූ දාවිත්ට මා විසින් කී මාගේ වචනය නුඹට ඉෂ්ටකරන්නෙමි.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?


කැපූ ගල්වලින් ගෘහයේ අත්තිවාරම තබන පිණිස රජුගේ ආඥාව පිට මහත්වූද අනර්ඝවූද ගල් ගෙනාවෝය.


නුමුත් දෙවියන්වහන්සේ මට කථාකොට: නුඹ මාගේ නාමයට ගෘහයක් ගොඩ නොනගන්නෙහිය, මක්නිසාද නුඹ යුද්ධකාර මනුෂ්‍යයෙක, ලේ වැගිරෙවුවෙහියයි කීසේක.


සිත පිළියෙළකිරීම මනුෂ්‍යයාට අයිතිය. එහෙත් දිවේ උත්තරය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්