දෙවියන් වහන්සේගේ මැවිල්ල දෙස බලන විට, උන්වහන්සේගේ අසීමිත බලය හා පරිපූර්ණ පිළිවෙල අපට පෙනෙනවා. ඈත අතීතයේ සිටම මිනිසා විශ්වය සහ එහි අරමුණ තේරුම් ගැනීමට විවිධ දාර්ශනික හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කර තිබෙනවා. නමුත් බයිබලය අපට විශ්වය පිළිබඳව අපගේ අවබෝධය පොහොසත් කරන අද්විතීය දෘෂ්ටිකෝණයක් ලබා දෙනවා.
උත්පත්ති පොතේ මුල් පද කිහිපයේම, දෙවියන් වහන්සේ අහසත් පොළොවත් ඒවායේ ඇති සියල්ලත් මැවූ බව අපට දැකගන්න පුළුවන්. "මුලදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක" (උත්පත්ති 1:1). මෙම සරල නමුත් ගැඹුරු ප්‍රකාශයෙන් කියැවෙන්නේ සියලු මැවිල්ලේ මූලාරම්භය දෙවියන් වහන්සේ බවයි. මේ මුළු විශ්වයම නිර්මාණය කර පිළිවෙලට තබා ඇත්තේ උත්තරීතර මැවුම්කරු විසින්.
බයිබලය අපට දෘශ්‍යමාන දේට එහා ගොස් මැවිල්ලේ අතිමහත් අරමුණ ගැන සිතන්නට ආරාධනා කරනවා. ගීතාවලිය 19:1 හි මෙසේ සඳහන් වෙනවා: "අහස දෙවියන් වහන්සේගේ තේජස ප්‍රකාශ කරයි. අහස්තලය උන් වහන්සේගේ අත්කම් පෙන්වයි." මෙහිදී අපට පෙනෙන්නේ විශ්වය දිව්‍යමය මහිමයේ නිහඬ සාක්ෂිකරුවෙකු පමණක් නොව, දෙවියන් වහන්සේගේ පැවැත්ම සහ බලය මිනිසාට සන්නිවේදනය කරන මාධ්‍යයක් බවයි.
විශ්වය අපට දෙවියන් වහන්සේගේ මහිමය උන්වහන්සේගේ මැවිල්ල තුළින් දැකීමට උනන්දු කරනවා. අප ජීවත් වන ලෝකය අපගේ මැවුම්කරුගේ ප්‍රේමයේ, බලයේ සහ ප්‍රඥාවේ සාක්ෂියක් බව තේරුම් ගැනීමට එය අපට උපකාර කරනවා.
දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේවලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව.
අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.
ඔහු ආබ්‍රම්ට ආශීර්වාදකොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශීර්වාද වේවා;
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකරමින්: කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබම, ඔබ පමණක්ම දෙවියන්වහන්සේය; ඔබ අහසත් පොළොවත් මැවූසේක.
කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ, ඔබ පමණක්ම, දෙවියන්වහන්සේය; අහසත් පොළොවත් මැවුවේ ඔබවහන්සේය.
නුඹේ මිදුම්කාරයාවූ, කුසේ පටන් නුඹ සෑදුවාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමිවූ මම සියල්ලම කරන්නාවූ තැනන්වහන්සේය; මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිග හරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනන්වහන්සේය.
මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ;
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–දවාලද රාත්‍රියද ගැන තිබෙන මාගේ ගිවිසුම නොපවතින්නේ නම්, අහසෙත් පොළොවෙත් නියෝග මා විසින් පැනෙවුවේ නැත්නම්,
ඒ ප්‍රස්ථාවේදී යේසුස්වහන්සේ උත්තර දෙමින් කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සඟවා ළදරුවන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි.
අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.
ඔබම, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේය; ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියලු සේනාවන්ද පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූසේක, ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක; ස්වර්ග සේනාවද ඔබට නමස්කාරකෙරෙති.
පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි.
මක්නිසාද උන්වහන්සේ කඳු සාදන්නාවූ, හුළඟ මවන්නාවූ, මනුෂ්‍යයාට තමාගේ කල්පනාව මොකද කියා දන්වන්නාවූ, පහන් වේලාව අන්ධකාරකරන්නාවූ, පොළොවේ උස්තැන් පිට යන්නාවූ තැනන්වහන්සේය; උන්වහන්සේගේ නාමය සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.
උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සෑදූසේක, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ ඥානයෙන් අහස දිගඇරියසේක.
මා පොළොව පිහිටෙවු කල නුඹ කොතැන සිටියෙහිද? නුඹ දන්නෙහි නම් කියන්න. කැලෑවේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ ආශාව සංසිඳවනවාද? කපුටුවාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන්වහන්සේට කෑගසන විට ඌට ගොදුරු සපයාදෙන්නේ කවුද? ඒකේ මිමි නියමකළේ කවුද? නුඹ දන්නෙහිද? නොහොත් ඊපිට ලනුව ඇද්දේ කවුද? ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? පහන් තාරකා එක්ව ගීතිකාකරමින්, දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පවත්වද්දී, ඒකේ කොනේ ගල තැබුවේ කවුද?
ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?
ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.
දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා, පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය. දෙවියන්වහන්සේ මහත් ආලෝක දෙක සෑදූසේක; වඩා මහත් ආලෝකය දිවාභාගය කෙරෙහි අධිපතිකම්කරන පිණිසය, කුඩා ආලෝකය රාත්‍රි භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකාද සෑදූසේක. පොළොවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහිද රාත්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත් අන්ධකාරයෙන් එළිය වෙන්කරන පිණිසත් දෙවියන්වහන්සේ ඒවා අහස්තලයෙහි තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
නුවණින් අහස මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ජල මතුයෙහි පොළොව අතුළාවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
බලව, ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද පොළොව සහ එහි ඇති සියල්ලද අයිති නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ය.
ස්වාමිනි, ස්වර්ගයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනාකරන්නෝය; ශුද්ධවන්තයන්ගේ රැස්වීමේදී ඔබගේ විශ්වාසකම වර්ණනාකරනු ලබන්නේය.
උන්වහන්සේ නම් හත්දින්නද මුවසිරසද සෑදුවාවූ, මරණ සෙවණ උදයේ එළියට හරවන්නාවූ, දවාල රාත්‍රිය මෙන් අන්ධකාරකරන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝ තලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.
නුවණින් අහස මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ස්වාමීන්වහන්සේ ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය. උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වෑස්සෙන්නේය.
එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය.
චන්ද්‍ර සූර්යයෙනී, උන්වහන්සේට ප්‍රශංසාකරව්. දීප්තිමත් තාරකා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
ස්වාමීන්වහන්සේ ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක.
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.
ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ. ඒවා විනාශවන්නේය, නුමුත් ඔබ පවත්නාසේක. එසේය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය; උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරුකරනසේක, ඒවාද මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු කෙළවර නොවන්නේය.
පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්,
මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.
උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.
චන්ද්‍ර සූර්යයෙනී, උන්වහන්සේට ප්‍රශංසාකරව්. දීප්තිමත් තාරකා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. ස්වර්ගවල ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. ඒ සියල්ලෝ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අණකළසේක, එවිට ඒවා මවනලද්දේය.
පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය. මේ තේජසේ රජ්ජුරුවෝ කවුද? සේනාවල ස්වාමීන්වහන්සේය, තේජසේ රජ්ජුරුවෝ උන්වහන්සේය. මක්නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටෙවුසේක, ගංගා පිට ස්ථිරකළසේක.
අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.
කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය.
මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.
ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටිනසේක; ස්වාමීන්වහන්සේ පැළඳ සිටිනසේක, උන්වහන්සේ ශක්තිය නමැති ඉඟපටිය බැඳගන සිටිනසේක. ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ.
මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවු තැනන්වහන්සේ දෙවියන්වහන්සේය.
මක්නිසාද ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
මක්නිසාද, බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත.
ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය. අන්න මහත්වූ විශාලවූ මුහුද, එහි කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති.
තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද?
ස්වාමීන්ට ප්‍රශංසා කරව්. ස්වර්ගවල සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්. උස් තැන්හිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්. තිරිසනුන් හා සියලු සිව්පාවෙනි, උරගුන් හා පියාඹන පක්ෂීනි, පොළොවේ රජුන් හා සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අධිපතීන් හා පොළොවේ සියලු විනිශ්චයකාරයෙනි, තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්. මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය. උන්වහන්සේ ස්වකීය සෙනඟගේ අඟ එසෙවුසේක, ස්වකීය සියලු ශුද්ධවන්තයන්ට එනම් තමන්ට ළංව සිටින සෙනඟක් වන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට, ප්‍රශංසා හේතුවක් නැගූසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ සියලු දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මුළු සේනාව, උන්වහන්සේට ප්‍රශංසාකරව්. චන්ද්‍ර සූර්යයෙනී, උන්වහන්සේට ප්‍රශංසාකරව්. දීප්තිමත් තාරකා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. ස්වර්ගවල ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. ඒ සියල්ලෝ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අණකළසේක, එවිට ඒවා මවනලද්දේය. උන්වහන්සේ සදාකාලේටම ඒවා පිහිටෙවුසේක. උන්වහන්සේ නැතිනොවන නියෝගයක් කළසේක.
මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන්වහන්සේය. සියල්ල පැමිණ තිබෙන්නේ උන්වහන්සේගෙන්ය, අපිත් උන්වහන්සේ උදෙසාය. තවද අපට ඇත්තේ එක ස්වාමීන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. සියල්ල උන්වහන්සේ කරණකොටගෙනය, අපිත් උන්වහන්සේ කරණකොටගෙනය.
උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සෑදූසේක, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ ඥානයෙන් අහස දිගඇරියසේක. උන්වහන්සේ ස්වකීය හඬ පවත්වන කල අහසෙහි ජල ඝෝෂාවක් තිබෙයි, උන්වහන්සේ පොළෝ කෙළවරෙන් වලාකුල් නැගී එන්ට සලස්වනසේක; වර්ෂාවට විදුලි සාදනසේක, තමන්ගේ ගබඩාවලින් හුළඟ ගෙනෙනසේක.
පොළොවේ සියලු වැසියෝ කිසිත් නොවන්නාක් මෙන් සලකනු ලබන්නෝය. උන්වහන්සේ ස්වර්ගයේ සේනාව සහ පොළොවේ වැසියන් අතර තමන් කැමැති ලෙස කරනසේක. උන්වහන්සේගේ අත නවත්වන්ටවත්: ඔබ කුමක් කරනසේක්දැයි උන්වහන්සේට කියන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නැත.
අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය.
දිවාභාගය ඔබගේය, රාත්‍රියත් ඔබගේය. ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළකළසේක. ඔබ පොළොවේ සියලු සීමා පිහිටෙවුසේක. ග්‍රීෂ්ම කාලයද ශීත කාලයද සෑදූසේක.
කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.
මක්නිසාද ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?
දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය. සවස විය, උදය විය, ඒ සවෙනි දවසක්ය.
එම්බා, යෝබ්, මීට ඇහුම්කන්දීගන සිටින්න. නිශ්චලව සිට දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියා කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒවාට අණදී, තමන් වලාකුළේ විදුලිය බැබළෙන්ට සලස්වන්නේ කොහොමද කියා නුඹ දන්නෙහිද? දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා, එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය නුඹ දන්නවාද?
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද? යෙරුසලමට ප්‍රේමකරන සියල්ලෙනි, ඈ සමඟ සන්තෝෂවී, ඈ කෙරෙහි ප්‍රීතිමත්වෙන්න; ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීතිවෙන්න. මෙසේ නුඹලා ඇගේ සැනසිලි නැමති තන උරා තෘප්තියට පැමිණෙනවා ඇත; ඇගේ තේජසේ පූර්ණකමින් දොවාගන භුක්තිවිඳිනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම සමාදානය ගංගාවක් මෙන්ද ජාතීන්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈ වෙතට හරවමි, නුඹලා එයින් උරා බොන්නහුය; උකුළේ ගෙනයනු ලබන්නහුය, දෙදණ පිට සුරතල්කරනු ලබන්නහුය. මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි; යෙරුසලම තුළද නුඹලා සැනසෙනවා ඇත. නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනිදැල්වලින්ද ඉෂ්ටකරන පිණිස ගිනි සහිතවද උන්වහන්සේගේ රථ සුළිහුළඟ මෙන්ද එනවා ඇත. එසේය, ස්වාමීන්වහන්සේ ගින්නෙන්ද තමන්ගේ කඩුවෙන්ද මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනවා ඇත. බොහෝ දෙනෙක්ද ස්වාමීන්වහන්සේගෙන් මැරුම් කනවා ඇත. මැද සිටින කෙනෙකුට පස්සෙන් උයන්වලට යන පිණිස තමුන් ශුද්ධ පවිත්‍රකරගන්නාවූ, ඌරු මස් සහ පිළිකුල් දේද මීයන්ද කන්නාවූ අය එක්ව නැතිවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම ඔවුන්ගේ ක්‍රියා සහ යෝජනා දනිමි. සියලු ජාතීන් සහ භාෂාවන් මා විසින් රැස්කිරීමට කාලය පැමිණෙන්නේය; ඔව්හු ඇවිත් මාගේ තේජස දකින්නෝය. මම ඔවුන් අතරේ ලකුණක් තබා, ඔවුන්ගෙන් ගැළවීයන අය මාගේ කීර්තිය නෑසුවාවූ, මාගේ තේජස නුදුටුවාවූ දුරස්තර ද්වීපයන් වන තර්ෂිෂ්හිද පූල්හිද දුනුවායන් සිටින ලූද්හිද තුබල්හිද යාවාන්හිද සිටින ජාතීන් වෙතට යවන්නෙමි; ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස දන්වනවා ඇත. මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.
කුමක්හෙයින්ද යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනන්වහන්සේ විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙනයන කල ඔවුන්ගේ ගැළවීමේ කර්තෲන්වහන්සේ දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ කරන්ට යුතුවූයේය.
ආකාශය උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරයි, සියලු මනුෂ්‍ය වර්ගයෝ උන්වහන්සේගේ මහිමය දුටුවෝය.
බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් ඔසවනසේක.
මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසාකරව; මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ ඉතා උතුම්සේක; ඔබ ගෞරවයෙන් හා මහිමයෙන් සැරසී සිටිනසේක. උන්වහන්සේ මිටියාවත්වලට උල්පත් යවනසේක. ඒවා කඳු අතරේ ගලායයි. ඒවා වනයේ සියලු මෘගයන්ට පැන් දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සන්සිඳුවාගනිති. ඒවා අද්දර ආකාශ පක්ෂීහු වැස, අතු අතරේ නාදකෙරෙති. උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය. උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්, මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක. ස්වාමීන්ගේ වෘක්ෂයෝ, එනම් උන්වහන්සේ සිටෙවු, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති; එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති. මානකොකාගේ ගෙය නම් දේවදාර ගස්ය. උස් කඳු වල් එළුවන්ටය; පර්වත සාවුන්ට ආරක්ෂාස්ථානයක්වේ. උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක. සූර්යයා තමාගේ බැසයාම දනියි. ඔබ වස්ත්‍රයක් මෙන් එළිය පොරවාගන්නසේක; වියනක් මෙන් ආකාශය දිගහරිනසේක.
පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක.
උන්වහන්සේ ස්වර්ගයන් පිහිටෙවු කල එහි සිටියෙමි. උන්වහන්සේ ගැඹුර මතුයෙහි චක්‍රයක් ඇන්ද කලද, ඉහළින් අහස පිහිටෙවු කලද, ගැඹුරේ උල්පත් සවිවූ කලද, මුහුදේ ජලය එහි ඉම පසුකර නේන ලෙස උන්වහන්සේ මායිම් තැබූ කලද, පොළොවේ අත්තිවාරම් ලකුණුකළ කලද,
මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ පොළොවක්ද තිබුණු බවත්,
උන්වහන්සේ තමන්ගේ උඩුමහල් අහස පිට ගොඩනගා, තමන්ගේ අහස් කුහරය පොළොව පිට පිහිටුවා තිබෙන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝතලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.
උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය. උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්,
එම්බා අහස, ඉහළින් පොද හෙළව, වලාකුල් ධර්මිෂ්ඨකම වගුරුවත්වා. ගැළවීම හටගන්න පිණිස පොළොව ඇරේවා, එකට වැවෙන පිණිස ධර්මිෂ්ඨකමද නැගී ඒවා; ස්වාමීන්වහන්සේ වන මම ඒක සැලැස්වීමි.
පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.
සදාකාලේටම ජීවත්වන්නාවූ, සවර්ගයත් එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත්, මුහුදත් එහි තිබෙන දේත් මැවුවාවූ තැනන්වහන්සේ ගැන දිවුරනුයේ, තවත් කල් නැත කියාද,
මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.
එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.
ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේය. එහි තුළ වටකරින් උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට ඉහළට ගිනි පෙනීමක් වැනි දිලිහෙන පිත්තලවල බැබළීමක් වාගේ දුටිමි; උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට පහළටත් ගිනිපෙනීමක් මෙන්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දුටිමි. වටකර තිබුණු දීප්තිමත්කමේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නේ පෙනීම මෙන්ය. මේ වනාහි ස්වාමීන්වහන්සේගේ තේජසේ ස්වරූපයේ පෙනීමය. මම එය දුටු කල මුහුණින් වැටුණෙමි, කථාකරන කෙනෙකුගේ හඬ මට ඇසුණේය.
මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාරකරන්නැයි කීය.
නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.
ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?
ස්වාමීන්ගේ මහිමය සදාකල් පවතීවා; ස්වාමීන්වහන්සේ ස්වකීය කර්මාන්ත කෙරෙහි සන්තෝෂවනසේක්වා. උන්වහන්සේ පොළොව දෙස බලන කල එය කම්පාවේ; උන්වහන්සේ කඳු ස්පර්ශකරන කල එයින් දුම් නගියි.
ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්නේය. ඔබ පොළොව පිහිටෙවුසේක, ඒක පවතී. ඔබගේ නියමයන් ලෙස ඒවා අද දක්වා පවතී; කුමක්හෙයින්ද ඒ සියල්ල ඔබට මෙහෙකරුය.
දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
ස්වාමීන්ගේ ක්‍රියා මහත්ය, ඒවාට ප්‍රියවන සියල්ලෝ ඒවා සොයා මෙනෙහිකරති. උන්වහන්සේගේ ක්‍රියාව ගෞරවයෙන් හා මහිමයෙන් යුක්තය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.
උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදනලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත.
අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුමකරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවනසේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේගේය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවු සේක.
මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.