Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 33:9 - Sinhala Revised Old Version

9 මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක; ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක; ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 33:9
11 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.


ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.


අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.


දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේවලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව.


උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.


ඔබගේ ශික්ෂා ඉතා ස්ථිරය. ස්වාමිනි, සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය.


පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.


ස්වාමීන්වහන්සේ අණ නොකළසේක්නම් යමක් සිද්ධවේයයි කියන්නේ කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්