Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 2:8 - Sinhala Revised Old Version

8 අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුමකරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවනසේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේගේය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 2:8
31 හුවමාරු යොමු  

එකල රජ දානියෙල් උතුම්කොට, මහත්වූ බොහෝ තෑගි ඔහුට දී, ඔහු මුළු බබිලෝනි පළාත කෙරෙහි ආණ්ඩුකාරයාද බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියාද කෙළේය.


මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය.


එකල මෙම දානියෙල් තුළෙහි උතුම් ආත්මයක් තිබුණු නිසා, ඔහු අමාත්‍යයන්ටත් දිසාපතීන්ටත් වඩා උතුම්විය; රජතෙමේ මුළු රාජ්‍යය කෙරෙහි ඔහු පත්කරන්ට සිතුවේය.


අපව රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා. ආමෙන්.


මක්නිසාද ඔහු රජවෙන්ට හිරගෙයින් පිටතට ආයේය; එසේය, ඔහු තමාගේ රාජ්‍යයෙහි දිළින්දෙක්ව උපන්නේය.


සාමුවෙල් කථාකොට: නුඹ සුළු කෙනෙකැයි නුඹම සිතූ නුමුත්, නුඹ ඉශ්‍රායෙල් ගෝත්‍රයන් කෙරෙහි අධිපතිකරනු ලැබුවා නොවේද? ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට නුඹ ආලේප කළසේක;


එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත; මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක. ඔව්හු සදාකාලේටම රජකම්කරන්නෝය.


ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.


එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද නුඹ ගත්තෙමි.


මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි.


උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.


පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස උන්වහන්සේ ඒකේ අත්තිවාරම් ලූසේක.


ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ.


මක්නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටෙවුසේක, ගංගා පිට ස්ථිරකළසේක.


එවිට ඵාරාවෝ පණිවිඩ යවා යෝසෙප් කැඳවීය, ඔව්හු වහාම ඔහු ඇඳිරිගෙයින් ගෙනාවෝය. ඔහු රැවුළ කපාගෙන තමාගේ වස්ත්‍ර මාරුකර ඵාරාවෝ වෙතට ආයේය.


ඔහු තමාගේ ඇඟ කසාගන්ට කැබිලිත්තක් ගත්තේය; තවද ඔහු අලුවල හිඳගත්තේය.


නුඹ මාගේ ගෘහයට ප්‍රධානියා විය යුතුය. මාගේ මුළු සෙනඟ නුඹේ වචනයට යටත් වන්නේය. සිංහාසනයෙහිදී පමණක් මම නුඹට වඩා උසස්වෙමියි කීවේය.


මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දී, මනුෂ්‍යයන්ගෙන් නීචයෙකු නුමුත් එය කෙරෙහි පත්කරන බව ජීවත්ව සිටින අය දැනගන්න පිණිස, මේ තීන්දුව රැකවලුන්ගේ නියමයෙන්ද මේ ආඥාව ශුද්ධ තැනත්තන්ගේ වචනයෙන්ද වන්නේයයි කීවේය.


මම දූවිල්ල කෙරෙන් නුඹ උසස්කර මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමි; නුමුත් නුඹ යෙරොබොවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින් තමුන්ගේ පාපවලින් මා කෝපකරවන හැටියට මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ බැවින්,


හෙතෙම නැගිට ගේ ඇතුළට ගියේය; එවිට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත්කොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක–ස්වාමීන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකමට නුඹ ආලේපකෙළෙමි.


නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවේවයි කීවේය.


පොළොවද එහි සියලු වැසියෝද දියව ගියෝය. මම ඒකේ ටැම් සිටුවීමි.


නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.


එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක.


මම සවි තැනක ඇණයක් මෙන් ඔහු පිහිටුවන්නෙමි; ඔහු වනාහි තමාගේ පිය වංශයට ඉසුරුමත් ආසනයක් පිණිස වන්නේය.


අහංකාරලෙස ක්‍රියා නොකරව්යයි අහංකාරීන්ටත් අඟ උස් නොකරව්යයි දුෂ්ටයන්ටත් කීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්