ඔබේ හදවත ආරක්ෂා කරගන්න. ඒක තමයි මුලින්ම කරන්න ඕන දේ. ඔබව ගොඩනංවන්නේ නැති දේවල් වලින් ඈත් වෙන්න. හැමදේම කරන්න අවසර තිබුනත්, හැමදේම ඔබට හොඳ නෑ. ඒ නිසා ගන්න හැම තීරණයක් ගැනම හොඳට හිතන්න. දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලන්න. හැඟීම් වලට ඔබව පාලනය කරන්න දෙන්න එපා. ඒවා ඔබව වැරදි මාර්ගයකට ගෙනියන්න පුළුවන්.
අමාරු අවස්ථාවලදී යක්ෂයා ඔබට ලේසි විසඳුම් පෙන්වන්න පුළුවන්. ඒත් පරිස්සම් වෙන්න! ඒ මාර්ගවල අවසානය මරණයයි. ණය වීම කවදාවත් හොඳ විසඳුමක් නෙවෙයි. දෙවියන් වහන්සේ වෙත එන්න. ඔබට අවශ්‍ය උපකාරය උන්වහන්සේගෙන් ලැබෙයි. යේසුස් වහන්සේ ඔබේ අවශ්‍යතා දන්නවා. උන්වහන්සේට ඔබට උදව් කරන්න අවශ්‍යයි. ඔබේ බර උන්වහන්සේ පාමුල තබන්න. එවිට ඔබට සාමය ලැබෙයි. ණයවලින් මිදෙන්න ඔබට තියෙන මාර්ග පැහැදිලිව පෙනෙන්න පටන් ගනියි. ණයවලින් මිදුනට පස්සේ ආයෙත් ඒ මාර්ගයට යන්න එපා. යේසුස් වහන්සේට අවශ්‍ය ඔබ ආශිර්වාද ලත් කෙනෙක් විදිහට, කිසිම දෙයකින් ලැජ්ජා වෙන්නේ නැති කෙනෙක් විදිහට ජීවත් වෙනවා දකින්නයි.
ලෝභකමෙන් තොරව, දැන් ඔබට ඇති දේවල් වලින් සෑහීමකට පත් වෙන්න. මොකද උන්වහන්සේ කිව්වා, "මම කිසිසේත්ම නුඹව අත් නෑර, කිසිසේත්ම නුඹව අත් නොහරිමි" කියලා (හෙබ්‍රෙව් 13:5).
එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ.
එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න.
එසේය, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවූ ලෙස නුඹට ආශීර්වාද කරන නිසා, නුඹ බොහෝ ජාතීන්ට ණය දෙන්නෙහිය, නුමුත් ණය නොගන්නෙහිය; නුඹ බොහෝ ජාතීන් කෙරෙහි අධිපතිකම්කරන්නෙහිය, නුමුත් ඔව්හු නුඹ කෙරෙහි අධිපතිකම් නොකරන්නෝය.
නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.
කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න. නුඹ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමියි නුඹේ අසල්වාසියාට නොකියන්න.
ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.
මක්නිසාද කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද? එසේ නොකළොත්, අත්තිවාරමක් දමා නිමකරන්ට බැරිවූ විට ඒ දකින සියල්ලෝ: යේසුස්වහන්සේ උත්තරදෙමින්: සබත් දවසේදී සුවකරන්ට යුතුද නැද්දැයි ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද ඇසූසේක. මේ මනුෂ්‍යයා ගොඩනගන්ට පටන්ගත් නුමුත් නිමකරන්ට ඔහුට බැරිවීයයි කියා ඔහුට සරදම්කරන්ට පටන්ගන්නෝය.
දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි. නුමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි.
පොළිය හා ලාභයෙන් තමාගේ වස්තුව වැඩිකරගන්න අය ඒවා එකතුකර තබන්නේ දිළිඳුන්ට කරුණාකරන්නාටය.
නුඹේ විරුද්ධකාරයා සමඟ පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමඟිවෙන්න; නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයාට භාරදෙන්නේය, විනිශ්චයකාරයා නුඹ සේවකයාට භාරදෙන්නේය, නුඹද හිරගෙයි දමනු ලබන්නෙහිය. සැබවක් නුඹට කියමි: අන්තිම සල්ලිය ගෙවනතුරු නුඹ කිසිසේත් එයින් පිටවී නොඑන්නෙහිය.
නුඹ අත්ගසන්නෙක්වත් ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න. ගෙවන්ට නුඹට කිසිවක් නැතුව, ඔහු කුමක් නිසා නුඹ නිදාඉන්න ඇඳ ගෙනයන්නේද?
මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් සතෙකු ඉල්ලාගෙන, අයිතිකාරයා ළඟ නැති කල ඒකාට තුවාල වුණොත්, නොහොත් ඌ මළොත්, ඔහු සැබවින්ම අලාභය ගෙවිය යුතුය.
මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.
මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියාට නුඹ ඇපවී, අන් කෙනෙකු උදෙසා නුඹේ අත් ගසා, තව ටිකක් නිදාගැනීමක්ය, ටිකක් සැතපීමක්ය, නින්දට ස්වල්ප අත්පොරවාගැනීමක්යයි කියන නුඹට දිළිඳුකම හොරෙකු මෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත. ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නාවූ, තමාගේ ඇස්වලින් ඉඟිකරන්නාවූ, තමාගේ පාදවලින් හැඟුම් දෙන්නාවූ, තමාගේ ඇඟිලිවලින් සංඥාකරන්නාවූ තැනැත්තේ දුර්ජනයෙක්ය, අපරාධකාරයෙක්ය. ඔහුගේ හිතේ ප්‍රයෝගය ඇත්තේය, ඔහු නිතරම නපුර යොදා, භේද පතුරුවයි. එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි; ගැළවීමක් නැතුව ඔහු මොහොතකින් පොඩිකරනු ලබයි. ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ: උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්‍ය, දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය, මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය. නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්, මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. ඒවා නිතරම නුඹේ සිතෙහි බැඳගෙන, නුඹේ ගෙලෙහි ගැටගසාගන්න. නුඹ යන එන විට ඒවා නුඹ ගෙනයන්නේය; නුඹ නිදන කල නුඹ ළඟ රැකවල්කරන්නේය; නුඹ පුබුදින කලද නුඹ සමඟ කථාකරන්නේය. මක්නිසාද නපුරු ස්ත්‍රියගෙන්ද අන් තැනැත්තියෙකුගේ දිවේ ඉච්චාවෙන්ද නුඹ ආරක්ෂාකරන පිණිස ආඥාව පහනක්ය; උපදේශය එළියක්ය; ගුරුකමේ අවවාද ජීවනයේ මාර්ගයෝය. ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශානොවන්න; ඇගේ ඇසිපියවලින් ඈ නුඹ අසුකරනොගනීවා. මක්නිසාද වේශ්‍යා ස්ත්‍රියෙක් නිසා මනුෂ්‍යයෙකුට ඉතුරුවෙන්නේ රොටි කැබෙල්ලක් පමණක්ය. මිථ්‍යාචාරි ස්ත්‍රීද අනර්ඝ ප්‍රාණය අල්ලාගන්ට ලුහුබඳින්නීය. මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද? යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද? තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය. මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියා අතට නුඹ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවීයන්න: නුඹ ගොස් නුඹේ අසල්වාසියාගේ පාමුල වැටී කන්නලව්කරන්න. හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිඳුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති. නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය. ස්ත්‍රියෙකු හා සමඟ කාමමිථ්‍යාචාරය කරන්නා නුවණ නැති කෙනෙක්ය. එය කරන්නා තමාගේම ප්‍රාණය නාස්තිකරන්නේය. තුවාල හා ලජ්ජාව ඔහුට වන්නේය; ඔහුගේ නින්දාවද මැකී නොයන්නේය. මක්නිසාද කාම ක්‍රෝධය පුරුෂයෙකු උදහස්කරවන්නේය; පළිගන්න දවසේදී ඔහු කරුණා නොකරන්නේය. ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත; නුඹ බොහෝ තෑගි දුන්නත් ඔහු සතුටුවෙන්නෙත් නැත. නුඹේ ඇස්වලට නින්දවත් නුඹේ ඇසිපියවලට නිදිබරවත් නොදී, දඩයක්කාරයාගේ අතින් තිත්මුවෙකුමෙන්ද පක්ෂි වැද්දාගේ අතින් පක්ෂියෙකු මෙන්ද ගැළවීයන්න.
මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.
නුඹ ළඟ සිටින මාගේ සෙනඟ අතරෙන් දුප්පත් කිසිවෙකුට නුඹ මුදල් ණයට දුන්නොත් නුඹ ඔහුට ණය හිමියෙක් මෙන් වෙන්ටවත් නුඹලා ඔහුගෙන් පොළී ගන්ටවත් යුතු නැත.
ලාභයට නොව ඔබගේ ශික්ෂාවලට මාගේ සිත යොමු කළ මැනව. නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා, ඔබගේ මාර්ගයන්හි මා ප්‍රාණවත්කළ මැනව.
නුඹේ අසල්වාසියාට නුඹ කිසිවක් ණයට දෙන කල ඔහුගේ උකස ගැනීමට ඔහුගේ ගෙට ඇතුල්නොවී, පිටත සිටින්න, නුඹෙන් ණයට ගන්න තැනැත්තා උකස නුඹ ළඟට පිටතට ගෙනේවා.
මක්නිසාද මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.
නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.
මා ආ කල සම්මාදම් නොකරන පිණිස සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා.
සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.
ධර්මිෂ්ඨයාගේ මුඛය ඥානය කථා කරයි, ඔහුගේ දිවද යුක්තිය කියයි. ඔහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔහුගේ සිතෙහිය; ඔහුගේ අඩිවලින් එකක්වත් නොලිස්සන්නේය.
කිසිවෙකුට පීඩා නොකොට, ණය ගැන ගත් උකස නැවත දුන්නේ නම්, කිසිවෙකුගෙන් කොල්ල නොකා, බඩගිනි ඇත්තාට තමාගේ කෑම දී, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර ඇන්දෙවුවේ නම්,
ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි. එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම්, සැබෑවූ වස්තුව නුඹලාට භාරදෙන්නේ කවුද? අනිකෙකුගේ දේ ගැන නුඹලා විශ්වාසව නොසිටියා නම්. නුඹලාගේම දේ නුඹලාට දෙන්නේ කවුද?
මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.
උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන්වහන්සේට සේවයකරන්න; බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න; ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.
එබැවින් තමාගේ දාසයන් සමඟ ගණන් බලන්ට කැමතිවු රජෙකුට ස්වර්ගරාජ්‍යය උපමාකරනු ලැබේ. ඔහු ගණන් බලන්ට පටන්ගත් කල, තලෙන්ත දස දහසක් ණයවූ එක්කෙනෙක් ඔහු ළඟට ගෙනෙනලද්දේය. ණය ගෙවන්ට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥාකෙළේය. එවිට ඒ දාසයා බිම වැටී වැඳ: ස්වාමිනි, මා ගැන ඉවසුව මැනවි, නුඹවහන්සේට සියල්ලම ගෙවන්නෙමියි කීවේය. ඒ දාසයාගේ ස්වාමියා අනුකම්පාකොට, ඔහු මුදාහැර ඒ ණය ඔහුට කමාකෙළේය. එහෙත් ඒ දාසයා පිටත්ව ගොස්, තමාගේ සහකාර දාසයන්ගෙන් තමාට මසු සියයක් ණයවූ එක්කෙනෙකු දැක, ඔහු අල්වා, ඔහුගේ බෙල්ල මිරිකාගෙන: ණය ගෙවන්නැයි කීවේය. එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී: මා ගැන ඉවසුව මැනවි, නුඹට ගෙවන්නෙමියි කන්නලව්කෙළේය. සැබවක් නුඹලාට කියමි–නුඹලා හැරී කුඩා දරුවන් මෙන් නූණොත්, කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය. නුමුත් ඔහු නොකමැතිව, ගොස් ණය ගෙවන තුරු ඔහු හිරගෙයි දැම්මේය. ඔහුගේ සහකාර දාසයෝ සිද්ධවූ දේ දැක, ඉතා ශෝකව, ඇවිත් සිදුවූ සියල්ල තමුන්ගේ ස්වාමියාට කීවෝය. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කථාකොට: නපුරු දාසය, නුඹ මාගෙන් ඉල්ලූ නිසා ඒ ණය සියල්ල ඔබට කමාකෙළෙමි. මා විසින් ඔබට කරුණාකළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය. ඔහුගේ ස්වාමියා කෝපව, තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වධකයන්ට භාරදුන්නේය. නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේද නුඹලාට එසේම කරනවා ඇතැයි කීසේක.
හැම අවුරුදු සතක කෙළවරදී නුඹ විසින් මුදාලීමක් කළ යුතුය. නුඹ ඔහුට දෙන්ටම ඕනෑය, නුඹ ඔහුට දෙන විට නුඹේ සිතේ කනගාටුවක් නොවේවා. මක්නිසාද මේ කාරණය නිසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ සියලු වැඩවලදීත් නුඹේ අත තබන සියල්ලේදීත් නුඹට ආශීර්වාදකරනවා ඇත. දිළින්දෝ කවදාත් දේශයෙහි ඉන්නෝමය. එබැවින් නුඹේ දේශයෙහිදී නුඹේ සහෝදරයාවූ නුඹේ දුප්පතාටත් නුඹේ දිළින්දාටත් නුඹේ අත සැබවින් විදහන්නැයි නුඹට අණකරමි. නුඹේ සහෝදරවූ හෙබ්‍රෙව් පුරුෂයෙක්වත් හෙබ්‍රෙව් ස්ත්‍රියෙක්වත් නුඹට විකුණනලදුව සාවුරුද්දක් නුඹට මෙහෙකළොත්, සත්වෙනි වර්ෂයෙහි ඔහු නුඹ වෙතින් නිදහස්කර හරින්න. ඔහු නුඹ වෙතින් නිදහස්කර හරින කල්හි ඔහු හිස් අතින් නෑර, නුඹේ එළු බැටළු රැළෙන්ද නුඹේ පාවරෙන්ද නුඹේ මිදි පැසෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ හැටියට ඔහුට නොමසුරු ලෙස දිය යුතුය. නුඹ මිසර දේශයෙහි වහලෙක්ව සිටි බවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ මිදූ බවද සිහිකරන්න. එබැවින් මම අද මේ දෙය නුඹට අණකරමි. එහෙත් ඔහු නුඹ සමඟ හොඳින් සිට නුඹටත් නුඹේ පවුලටත් ප්‍රේමකරන බැවින්: මම නුඹෙන් අහක්වී නොයන්නෙමියි කියන්නේ නම්, විදින කටුවක් අරගෙන ඔහුගේ කන දොරට තදකර තබා විදින්න, මෙසේ ඔහු හැම කල්හිම නුඹේ දාසයා වන්නේය. නුඹේ දාසීටත් එසේම කරන්න. නුඹ කෙරෙන් ඔහු නිදහස් කර හැරීම නුඹට අමාරු කාරණාවක් ව නොපෙනේවා; මක්නිසාද ඔහු සාවුරුද්දක් කුලීකාරයෙකුගේ වැඩෙන් දෙපංගුවකට වඩා නුඹට වැඩකෙළේය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේද නුඹ කරන සියල්ලේදී නුඹට ආශීර්වාදකරනවා ඇත. නුඹේ ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද උපදින සියලු කුලුඳුල් පිරිමි සතුන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකරන්න. නුඹේ ගවයන්ගේ කුලුඳුලාගෙන් වැඩනොගන්න, නුඹේ බැටළුවන්ගේ කුලුඳුලාගෙන් ලෝමද නොකපන්න. මුදාලීමේ පිළිවෙළ මෙසේය: තමාගේ අසල්වාසියාට ණයට දුන් කවුරු නුමුත් ණයට දෙනලද්ද තමාගේ අසල්වාසියාගෙන්වත් සහෝදරයාගෙන්වත් අයනොකර මිදීමක් දෙන්ට ඕනෑය; මක්නිසාද ස්වාමීන්වහන්සේ දෙන මිදීම ප්‍රකාශකරනලද්දේය.
උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ටකරනසේක; උන්වහන්සේ බඩගිනිවූවන්ට කෑම දෙනසේක. ස්වාමීන්වහන්සේ හිරකාරයන් මුදනසේක.
මක්නිසාද ධර්මිෂ්ඨයන් අයුතුකමට අත් දිගු නොකරන පිණිස දුෂ්ටකමේ ජයකොන්තය ධර්මිෂ්ඨයන්ගේ උරුමකොටසෙහි නොරඳන්නේය.
සිනාසීම පිණිස භෝජන පිළියෙළකරනු ලැබේ, මුද්‍රිකපානයද ජීවිතය ප්‍රීතිකරයි. තවද මුදලෙන් සියලුදේ ඉෂ්ටවෙයි.
ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය. ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි, ඔහුට ලාභයෙන් අඩුවක් නොවන්නේය. ඇගේ ජීවිතයේ සියලු දවස්වල ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නීය. ඈ ලොම් සහ හණ සොයාගන ප්‍රීතියෙන් ඇගේ අත්වලින් වැඩකරන්නීය. ඈ වෙළඳ නැව් මෙන්ය; ඇගේ කෑම දුරස්තරයෙන් ගෙන්වාගනියි. ඈ රැයින්ම නැගිට ඇගේ පවුලේ අයට ආහාරත් ඇගේ දාසීන්ට වැඩත් දෙන්නීය. ඈ කෙතක් ගැන කල්පනාකොට ඒක මිලයට ගන්නීය, ඇගේ අත්වල ලාභයෙන් ඈ මිදිවත්තක් වවන්නීය. ඈ සවිලෙස ඉඟටිය බැඳගෙන, ඇගේ අත් සවිකරගන්නීය. තම වෙළඳාමෙන් හොඳ ලාභ ලැබෙන බව ඈට දැනේ; රාත්‍රියේ ඇගේ පහන නොනිවේ. ඈ ඉද්දට ඇගේ අත් පොවා, ඇගේ හස්තවලින් වවුන්න අල්ලයි. මාගේ පුත්‍රය, මොකද? අනේ මාගේ කුස ඔත් පුත්‍රය, මොකද? මාගේ බාරවල පුත්‍රය, මොකද? ඇගේ හස්තය අසරණයා දෙසට විහිදන්නීය; එසේය, ඇගේ අත් දිළින්දා වෙතට දිගුකරන්නීය; හිම නිසා ඇගේ පවුල ගැන ඈට භයක් නැත; මක්නිසාද අගේ පවුලේ සියල්ලෝ රතු වස්ත්‍ර ඇඳ සිටිති. ඈ ඇතිරිළි සාදාගන්නීය; ඇගේ ඇඳුම් සිහින් හණ රෙදිවලින්ද රත්නිල් රෙදිවලින්ද සාදා තිබේ. ඇගේ පුරුෂයා දේශයේ වැඩිමහල්ලන් සමඟ දොරටුවල ඉඳගන්නා කල සලකනු ලබන්නේය. ඈ සිහින් රෙදි සාදා විකුණයි; වෙළෙන්දාට බඳපටිත් දෙන්නීය. බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය; ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය. ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය; ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ. ඈ අලසකමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනියි. ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකරමින්: බොහෝ දූවරු ගුණවත්කමින් හැසුරුණෝය, නුමුත් නුඹ ඔවුන් සියල්ලන්ට වඩා උතුම්යයි කියන්නේය. නුඹේ ශක්තිය ස්ත්‍රීන්ටත් නුඹේ මාර්ග රජවරුන් නාස්ති කරන්නියන්ටත් නොදෙන්න. රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය. ඇගේ අත්වල ඵලයෙන් ඈට දෙන්න; ඇගේ ක්‍රියා දොරටුවලදී ඈට ප්‍රශංසා කෙරෙත්වා.
බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.
නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?
නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.
නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.
අවවාදය පිළි නොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය; එහෙත් තරවටුව සලකන්නා ගෞරවයට පැමිණෙයි.
මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් සතෙකු ඉල්ලාගෙන, අයිතිකාරයා ළඟ නැති කල ඒකාට තුවාල වුණොත්, නොහොත් ඌ මළොත්, ඔහු සැබවින්ම අලාභය ගෙවිය යුතුය. උගේ අයිතිකාරයා ළඟ සිටියොත් එලෙස ගෙවන්ට ඕනෑ නැත. ඌ කුලියට ගත් එකෙක් නම් ඌ උගේ කුලියට ආයේය.
මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය; උන්වහන්සේගෙන් ශාපලද්දෝ සිඳිනු ලබන්නෝය.
ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න; උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන්වහන්සේට සේවයකරන්න; බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න; ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න. නුඹලාට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න. ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න. එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න. කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න. පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න. ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
කාරණා දෙකක් ඔබගෙන් ඉල්වීමි; මාගේ මරණය දක්වා ඒවා මට නොදී නොසිටිය මැනව. වංචාවත් බොරුවත් මාගෙන් දුරුකළ මැනව; මා පූර්ණවී ඔබ එපාකර: ස්වාමීන්වහන්සේ කවුදැයි නොකියන පිණිසත්, මා දිළිඳුවී සොරකම්කොට, මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ්යකළ මැනව.
නුඹ දෙවියන්වහන්සේට බාරයක් වුණාම එය ගෙවන්ට ප්‍රමාද නොවෙන්න; මක්නිසාද උන්වහන්සේ අඥානයන් කෙරෙහි ප්‍රසන්න නැත.
නුඹේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.
දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.
නුමුත්, මාගේ සහෝදරයෙනි, නුඹලා වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරන්නැයි ප්‍රධානකොට කියමි. නුඹලාගේ එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා.
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.
ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් මෝඩ මනුෂ්‍යයෙකු සමඟ විවාදකරන විට ඔහු කෝපවුණත් සිනාසුණත් කාරණය තීන්දු නොවේ.
ස්වාමීන්වහන්සේ නිසි කාලයට නුඹේ දේශයට වර්ෂාව දෙන්ටද නුඹේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව නුඹට විවෘත කරනසේක. නුඹ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් නුඹ ණයට නොගන්නෙහිය.
මහත් සභාවේදී මාගේ ප්‍රශංසාව පැමිණෙන්නේ ඔබ කෙරෙන්ය. උන්වහන්සේට භයවෙන්නන් ඉදිරියේ මාගේ භාර ඉෂ්ටකරන්නෙමි.
කුඩා නුමුත් ඉතා ඥානවත්වූ ජාති සතරක් පොළොවෙහි ඇත: කුහුඹුවෝ බල නැති සමූහයක්ය, එහෙත් උන් ග්‍රීෂ්ම කාලයෙහි උන්ගේ කෑම සපයති;
තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.
අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙන්න. ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්, ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.
අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි; එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය. එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි. තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි කියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.
පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති.
තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.
තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිම්දැයි ඔහු නොකියන්නේය. මේකත් නිෂ්ඵලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය.
ගෙයක් හා සම්පත් පියවරුන්ගෙන් ලැබෙන උරුමයක්ය; නුමුත් නුවණින් හැසිරෙන භාර්යාවක් ලැබෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.
නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,
ඔවුන් නුඹලා ගැන ජ්වලිතව සිටින්නේ යහපත් ආකාරයෙන් නොවේය. නුමුත් අනික් අතට නුඹලා ඔවුන් ගැන ජ්වලිතවන පිණිස නුඹලා අපෙන් වෙන්කරගන්ට ඔව්හු ආශාවෙති.
එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.
ග්‍රීෂ්ම කාලයට හිම මෙන්ද, ගොයම් කපන කාලයට වර්ෂාව මෙන්ද, අඥානයෙකුට ගෞරවය නොහොබනේය. අඥානයෙකු කුලියට ගන්නාද මග යන්නන් කුලියට ගන්නාද සියල්ලන්ට තුවාලකරන දුනුවායෙකු මෙනි. බල්ලා උගේ වමනයට හැරීයන්නාක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවතත් කරන්නේය. තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන. අලසයා කථාකොට: සිංහයෙක් මාර්ගයේ සිටියි; වීථිවල සිංහයෙක් ඇතැයි කියන්නේය. දොර ඒකේ අසව්ව පිට කරකැවෙන්නාක්මෙන් අලසයා තමාගේ ඇඳ පිට පෙරළෙන්නේය. අලසයා තමාගේ අත තලියේ තබන නුමුත් නැවත එය තමාගේ කටට ගැනීම ඔහුට වෙහෙසක්ය. අලසයා නුවණින් උත්තරදෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්‍රඥාවතෙකැයි සිතන්නේය. පාරේ යමින් තමාට වැදගැන්මක් නැති ඩබරයකට මැදිවෙන්නා උගේ කන්වලින් බල්ලෙකු අල්ලාගන්න කෙනෙක් මෙන්ය. තමාගේ අසල්වාසියා රවටමින්: මම සෙල්ලමට එය කෙළෙමියි කියන මනුෂ්‍යයා, තමා වටකර ගිනි පෙනෙලිද ඊගස්ද මරණයද විසිකරන පිස්සෙක් වැනිය. ඔබ මොබ යන ගේකුරුල්ලා මෙන්ද, ඉඟිලී යන වැහිලිහිණියා මෙන්ද, කාරණයක් නැතුව කරන ශාපය නොවදින්නේය.