Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:12 - Sinhala Revised Old Version

12 ස්වාමීන්වහන්සේ නිසි කාලයට නුඹේ දේශයට වර්ෂාව දෙන්ටද නුඹේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව නුඹට විවෘත කරනසේක. නුඹ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් නුඹ ණයට නොගන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:12
15 හුවමාරු යොමු  

එසේය, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවූ ලෙස නුඹට ආශීර්වාද කරන නිසා, නුඹ බොහෝ ජාතීන්ට ණය දෙන්නෙහිය, නුමුත් ණය නොගන්නෙහිය; නුඹ බොහෝ ජාතීන් කෙරෙහි අධිපතිකම්කරන්නෙහිය, නුමුත් ඔව්හු නුඹ කෙරෙහි අධිපතිකම් නොකරන්නෝය.


නුඹ ඔහුට දෙන්ටම ඕනෑය, නුඹ ඔහුට දෙන විට නුඹේ සිතේ කනගාටුවක් නොවේවා. මක්නිසාද මේ කාරණය නිසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ සියලු වැඩවලදීත් නුඹේ අත තබන සියල්ලේදීත් නුඹට ආශීර්වාදකරනවා ඇත.


නුඹේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස්කරගන්නා පිණිස මම නිසි කාලයට නුඹලාගේ දේශයෙහි වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි.


මම නියම සෘතුවෙහි නුඹලාගේ වර්ෂාවල් දෙන්නෙමි, දේශය එහි වර්ධනයන් දෙන්නීය, කෙතේ ගස්ද ඒවායේ ඵල දෙන්නේය.


වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.


එවිට ලෙවීයයාට නුඹ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැති බැවින් ඔහුත් නුඹේ දොරටු ඇතුළත සිටින විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත් අවුත් කා තෘප්තියට පැමිණෙත්වා; මෙසේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ කරන නුඹේ අතේ ඇති සියලු වැඩපලවලදී නුඹට ආශීර්වාදකරනවා ඇත.


උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.


ඔහු නුඹට ණයට දෙනවා මිස නුඹ ඔහුට ණයට දෙන්නේ නැත. ඔහු හිස වන්නේය, නුඹ වල්ගය වන්නෙහිය.


කැලඹීමේ කාලයටද යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරුකර තබා තිබෙන


විදේශියෙකුට පොලියට දෙන්ට නුඹට පුළුවන; නුමුත් නුඹ හිමි කරගන්ට යන දේශයෙහි නුඹ අත තබන සියල්ලේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන පිණිස නුඹේ සහෝදරයාට පොලියට නොදෙන්න.


ස්වාමීන්වහන්සේ නුඹේ දේශයෙහි වර්ෂාව සුනුද ධූලිද වෙන්ට සලස්වනසේක. නුඹ විනාශවෙන තුරු අහසෙන් ඒවා නුඹ පිටට බසින්නේය.


තවද බොහෝ දවසකට පසු තුන්වෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේගේ වචනය එලියා වෙතට පැමිණ: නුඹ ගොස් ආහබ්ට පෙනීසිටිනු; මම භූමිය පිටට වැස්ස එවන්නෙමියි කීසේක.


මම ඔවුන් සහ මාගේ කන්ද වටකර ඉඩම් ආශීර්වාදයක් කරන්නෙමි; වැස්ස නියම කාලයට වස්වන්නෙමි; ආශීර්වාද වර්ෂා පැමිණෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්