Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 62:10 - Sinhala Revised Old Version

10 බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න; කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න; වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න; කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න; වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 62:10
26 හුවමාරු යොමු  

බලව, දෙවියන්වහන්සේ තමාගේ ශක්තිය කොට නොගත්තාවූ, තමාගේ බොහෝ වස්තු කෙරේ විශ්වාසය තැබුවාවූ, තමාගේ දුෂ්ටකමෙහි බලවත්වූ මනුෂ්‍යයා මේයයි කියන්නෝය.


මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,


අයුක්තියෙන් සම්පත් උපදවාගන්නා තමා නොදැමූ බිජු රකින ඇටිකිකිළියෙකුට සමානය; ඔහුගේ දවස් මධ්‍යයේදී ඒවා ඔහු අත්හැර යන්නේය, මෙසේ ඔහු තමාගේ අන්තිමයේදී, අඥානයෙක් වන්නේය.


මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම යුක්තියට ප්‍රියව, අධර්මිෂ්ඨකමින් කොල්ලකෑමට ද්වේෂකරමි; ඉන් නිසා මම ඔවුන්ගේ විපාකය සැබෑකමින් දෙන්නෙමි, සදාකාල ගිවිසුමක්ද ඔවුන් සමඟ කරන්නෙමි.


එවිට යේසුස්වහන්සේ අවට බලා: ධනවන්තයන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුදැයි ගෝලයන්ට කීසේක.


එබැවින් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා මේ වචනය සුළුකර, බලාත්කාරකම සහ වංකකම කෙරෙහි විශ්වාසකොට,


ස්වකීය ධනය විශ්වාසකරන්නාවූ, තමුන්ගේ වස්තු වැඩිකමෙන් අහංකාර වෙන්නාවූ කිසිවෙක්,


දුෂ්ට මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ ගෙන් පැමිණෙන කොටසත් දෙවියන්වහන්සේ ඔහුට නියමකළ උරුමයත් මේයයි කීවේය.


මක්නිසාද ඔහු දුප්පතුන්ට පීඩාකොට ඔවුන් අත්හැරියේය; තමා ගොඩ නොනැගූ ගෙවල් ඔහු බලාත්කාරයෙන් ගත්තේය.


ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහිකරති.


මක්නිසාද නුඹේ දුෂ්ටකමෙහි නුඹ නොසැලකිලිව සිට: මා දකින කෙනෙක් නැතැයි කීවෙහිය; නුඹේ ප්‍රඥාව හා නුඹේ දැනගැන්ම කරණකොටගෙන නුඹ මුළාවී: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි නුඹේ සිත තුළ සිතාගත්තෙහිය.


නැතිවීයන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.


ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.


සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵල භාවයෙන් හැසිරෙයි. සැබවින් ඔව්හු නිෂ්කාරණයේ කැලඹෙති. ඔහු වස්තු රැස්කරයි, ඒවා හිමිකර ගන්නේ කවුදැයි නොදනියි.


අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.


නුඹ මා මතක නැතිකොට බොරුවක් කෙරෙහි විශ්වාසකළ නිසා මේක නුඹේ කොටසත් මා විසින් නුඹට මැනදෙන පංගුවත්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් ස්වාමීන්වහන්සේ භක්තිවන්තයා තමන්ටම වෙන්කරගත් බව දැනගනිව්. ස්වාමීන්ට මා හඬගසන කල උන්වහන්සේ අසනසේක.


බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් ඔසවනසේක.


සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියෙහි කිසිත් නැතිකම මෙන්ය; ඔව්හු උන්වහන්සේට කිසිත් නැතිකමද හිස්කමද කොට ගණන්ගනු ලැබෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්