එළිදරව් 20:1 - සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු දේව දූතයකු පතුලක් රහිත අගාධ වළේ යතුර හා මහත් දම්වැලක් අතේ ඇතිව ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. Sinhala New Revised Version තවද, පාතාලයේ යතුර ද මහත් දම්වැලක් ද අතින් ගත් දේව දුතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි. Sinhala New Revised Version 2018 තවද, පාතාලයේ යතුර ද මහත් දම්වැලක් ද අතින් ගත් දේව දූතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි. Sinhala Revised Old Version තවද පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැළක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. |
මන්ද දේව දූතයින් පව් කළ කල්හි දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් දීමෙන් නො වැළකී, විනිශ්චය තෙක් ඔවුන් රඳවා තබන්නට නිරයට යවා, ඝන අන්ධකාර බන්ධනයේ හෙළූ සේක් නම්,
හා තමන් ලත් අධිපති නිලයේ නො පැවත, තමන්ට නියමිත නිවහන් අත්හළ දේව දූතයින්, ඒ මහා දවසේ විනිශ්චය සඳහා සදාතන බැඳුමින් බඳිනු ලැබ, අන්ධකාරය යට උන්වහන්සේ විසින් රඳවා තබා ඇති වග ය.
ජීවමාන තැනැත්තාණන් මමයි; මම මැරුණෙමි, එහෙත් මෙන්න, මම සදහට ම ජීවත්ව සිටිමි! තවද මරණයේ හා පාතාලයේ යතුරු ඇත්තේ මා ළඟයි.
ඉන්පසු වෙනත් බලවත් දේව දූතයකු ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. වලාකුළක වෙළී, හිසට ඉහළින් දේදුන්නක් ඇතිව සිටි ඔහුගේ මුහුණ හිරුට සමාන විය; ඔහුගේ කකුල් ගිනි කුලුනු බඳු විය.
ඉන්පසු තවත් දේව දූතයකු මහත් ආධිපත්‍යයෙන් යුතුව ස්වර්ගයෙන් බැස එනු මම දුටුවෙමි. ඔහුගේ තේජසින් පොළොව දීප්තිමත් විය.
ඒ අවුරුදු දහස ගෙවී යන තෙක් ජාතීන් තවදුරටත් නො රවටන පිණිස, අගාධ වළේ ඌ හෙළා, එය අගුළු ලා, ඒ පිට මුද්‍රා තැබී ය. එයින් පසු, මද කලකට ඌ මුදා හැරිය යුතුව ඇත.