Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 පේත්‍රැස් 2:4 - සිංහල කාලීන පරිවර්තනය

4 මන්ද දේව දූතයින් පව් කළ කල්හි දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් දීමෙන් නො වැළකී, විනිශ්චය තෙක් ඔවුන් රඳවා තබන්නට නිරයට යවා, ඝන අන්ධකාර බන්ධනයේ හෙළූ සේක් නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 පව් කළ දේව දූතයන්ට දෙවියන් වහන්සේ දඬුවම් දීමෙන් නොවැළකී, ඔවුන්ගේ විනිශ්චය සඳහා ඔවුන් වෙන් කර තැබීමට නිරයෙහි හෙළා, අන්ධකාර ගුහාවලට භාර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 පව් කළ දේව දූතයන්ට දෙවියන් වහන්සේ දඬුවම් දීමෙන් නොවැළකී, ඔවුන්ගේ විනිශ්චය සඳහා ඔවුන් වෙන් කර තැබීමට නිරයෙහි හෙළා, අන්ධකාර ගුහාවලට භාර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 මක්නිසාද දේවදූතයන් පව්කළ විට දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර නෑර, විනිශ්චය පිණිස ඉතිරිකොට තැබීමට නිරයෙහි හෙළා අන්ධකාරයේ ගුහාවලට භාරදුන්සේක් නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 පේත්‍රැස් 2:4
25 හුවමාරු යොමු  

හා තමන් ලත් අධිපති නිලයේ නො පැවත, තමන්ට නියමිත නිවහන් අත්හළ දේව දූතයින්, ඒ මහා දවසේ විනිශ්චය සඳහා සදාතන බැඳුමින් බඳිනු ලැබ, අන්ධකාරය යට උන්වහන්සේ විසින් රඳවා තබා ඇති වග ය.


“ඉන්පසු උන්වහන්සේ තමන් වම් පස සිටින්නවුන් අමතමින්, ‘මා වෙතින් ඉවත්ව යනු, ශාප ලද්දෙනි, යක්ෂයාටත් උගේ දූතයින්ටත් පිළියෙලව ඇති සදාතන ගින්නට යනු.


ස්වකීය පුත්‍රයාණන් පවා ඉතිරි කර නො ගෙන, අප සියල්ලන් උදෙසා උන්වහන්සේ ද දුන් සේක් නම්, උන්වහන්සේ ද ඇතුළුව හැම දෙයක්ම නො මසුරුව අපට නො දෙන සේක් ද?


ඔවුන් මුළා කළ යක්ෂයා වනාහි මෘගයා හා බොරු දිවැසිවරයා ද සිටින ඇවිළෙන ගෙන්දගම් හා ගිනි විලට හෙළා දමනු ලැබිණි. සදහට ම, සදාතනිකව දිවා රෑ දෙක්හි ඔවුන් වධයට පත් කෙරේ.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සාතන් අකුණක් සේ අහසින් ඇද වැටෙනු මා දැක්කා.


පාප ක්‍රියා කරන්නා අයිති යක්ෂයාට ය. මන්ද යක්ෂයා පටන්ගැන්මේ සිටම පව්කරන්නෙකි. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ වීමේ හේතුව, යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම ය.


දේව දූතයින්, සවියෙන් හා බලයෙන් වැඩි වුව ද ඔවුහු ස්වාමින්වහන්සේ අබියස ඔවුනට එරෙහිව අපහාසාත්මක චෝදනා නො නගති.


ලෝකයේ දුෂ්ට අභක්තික ජනයා පිට ජල ගැල්ම එවූ කල, උන්වහන්සේ එම පැරණි ලෝකයට දඬුවම් දීමෙන් නො වැළකී, ධර්මිෂ්ඨකමේ දේශකයකු වූ නෝවා ද තවත් හත්දෙනකු ද පමණක් ආරක්ෂා කළ සේක් නම්,


ඔවුහු උන්වහන්සේට කන්නලව් කරමින්, පාතාලයට යෑමට තමනට නියෝග නො කරන්නැයි ඉල්ලූහ.


නුඹලා, නුඹලාගේ පියා වන යක්ෂයාගෙන්. නුඹලාගේ කැමැත්ත නුඹලාගේ පියාගේ ආශාව ඉෂ්ට කිරීමයි. ඔහු පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්; සත්‍යය සමඟ ඔහුට කිසි සම්බන්ධයක් නැහැ; මන්ද ඔහු තුළ සත්‍යතාවක් නැහැ. ඔහු බොරු කියන විට, ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහජ ගතියයි. මන්ද ඔහු බොරුකාරයෙක්; බොරුවේ පියා ඔහුයි.


උස් හඬ නගා කෑ ගසමින්, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? මට වධ දෙන්නේ නැති වගට දෙවියන්වහන්සේට දිවුරන්නැ” යි කී ය.


එවිට මෙන්න! “අහෝ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් ඇති කාරිය කිම ද? ඔබ මෙහි ආවේ නියමිත කාලයට පළමු අපට වධ දෙන්නට දැ?” යි ඔවුහු මොරගැසූහ.


තම නිර්ලජ්ජිත පෙණ නංවන මුහුදේ සැඩ රැළි ය. මංමුළා වූ තාරකා ය. ඝන අන්ධකාරයේ කළුවර සදහට ම ඔවුන්ට වෙන් කර ඇත.


දේව භක්තිකයින් පරීක්ෂාවන්ගෙන් ගලවන්නේ කෙසේ ද යන්නත්, විනිශ්චය දවස දක්වා අදමිටුවන් ඔවුන්ගේ දඬුවම් යටතේ දිගටම තබා ගන්නේ කෙසේ ද යන්නත් ස්වාමින්වහන්සේ දන්නා සේක.


මන්ද දෙවියන්වහන්සේ ස්වාභාවික අතු ඉතිරි නො කළ සේක් නම්, ඔබත් ඉතිරි නො කරනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්