Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 18:1 - සිංහල කාලීන පරිවර්තනය

1 ඉන්පසු තවත් දේව දූතයකු මහත් ආධිපත්‍යයෙන් යුතුව ස්වර්ගයෙන් බැස එනු මම දුටුවෙමි. ඔහුගේ තේජසින් පොළොව දීප්තිමත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඉන්පසු තවත් දේව දුතයෙකු මහා බලයෙන් යුක්ත ව ස්වර්ගයෙන් බැස එනු දිටිමි; ඔහුගේ තේජශ්‍රීයෙන් පොළොව ඒකාලෝක විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඉන්පසු තවත් දේව දූතයෙකු මහා බලයෙන් යුක්ත ව ස්වර්ගයෙන් බැස එනු දිටිමි; ඔහුගේ තේජශ්‍රීයෙන් පොළොව ඒකාලෝක විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ඉන්පසු මහත් බලය ඇතුව වෙන දේවදූතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ තේජසින් පොළොව ආලෝකවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 18:1
8 හුවමාරු යොමු  

මන්ද විදුලිය, එක් කොණක සිට අනෙක දක්වා අහස බබළවා, එළිය කරන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන් ද උන්වහන්සේගේ දවසේදී එසේම වන සේක.


හිරු හෝ සඳු හෝ බැබළීම ඒ පුරවරයට වුවමනා නො වේ. මන්ද දෙවියන්වහන්සේගේ තේජස ඊට ආලෝකය දෙයි; එහි පහන බැටළු පැටවාණෝ ය.


පාත්‍ර හත ඇතිව සිටි දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් අවුත්, මා අමතමින්, “එන්න; බොහෝ ජල මත හිඳ සිටින මහ වේශ්‍යාවගේ දඬුවම මම ඔබට පෙන්වන්නම්.


ඉන්පසු වෙනත් බලවත් දේව දූතයකු ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. වලාකුළක වෙළී, හිසට ඉහළින් දේදුන්නක් ඇතිව සිටි ඔහුගේ මුහුණ හිරුට සමාන විය; ඔහුගේ කකුල් ගිනි කුලුනු බඳු විය.


නොපනත්කමේ මිනිසා එළිදරවු කරනු ලබන්නේ ඉන්පසුව ය; යේසුස් ස්වාමින්වහන්සේ සිය මුවෙහි හුස්මෙන් ඔහු නසා හෙළා, ස්වකීය ආගමනයේ තේජසින් ඔහු වනසනු ඇත.


එවිට මා ඇමතූ දේව දූතයා, “ඇයි ඔබ පුදුම වූයේ? ස්ත්‍රිය පිළිබඳ හා ඇය නැගී යන හිස් හතක් හා අං දහයක් ඇති මෘගයා පිළිබඳ අබිරහස මම ඔබට කියන්නම්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්