Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:31 - සිංහල කාලීන පරිවර්තනය

31 ඔවුහු උන්වහන්සේට කන්නලව් කරමින්, පාතාලයට යෑමට තමනට නියෝග නො කරන්නැයි ඉල්ලූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එවිට දුෂ්ටාත්මයෝ පාතාලයට යන පරිදි තමන් හට අණ නොකරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එවිට දුෂ්ටාත්මයෝ පාතාලයට යන පරිදි තමන් හට අණ නොකරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 එවිට පාතාලයට යන්ට තමුන්ට අණනොකරන ලෙස ඔව්හු උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:31
14 හුවමාරු යොමු  

“ඉන්පසු උන්වහන්සේ තමන් වම් පස සිටින්නවුන් අමතමින්, ‘මා වෙතින් ඉවත්ව යනු, ශාප ලද්දෙනි, යක්ෂයාටත් උගේ දූතයින්ටත් පිළියෙලව ඇති සදාතන ගින්නට යනු.


එහෙත් මෘගයා අල්ලා ගනු ලැබිණ. තවද මෘගයාගේ සලකුණ ලැබූ හා උගේ පිළිරුවට නමස්කාර කළවුන් රවටමින් මෘගයා ඉදිරියේ ඌ වෙනුවෙන් හාස්කම් ලකුණු පෑ බොරු දිවැසිවරයා ද අල්ලා ගනු ලැබිණි. ඔවුහු දෙදෙනා පණ පිටින්ම ඇවිළෙන ගෙන්දගමින් යුතු නිරාගිනි විලට හෙළනු ලැබූහ.


ඔබ දුටු මෘගයා සිටියේ ය; දැන් නැත. එහෙත්, පතුලක් රහිත වළෙන් නැගිට අවුත්, විනාශයට යන්නට ළඟ ය; ලෝකයේ අත්තිවාරමේ පටන් ජීවන පොතේ නාම නො ලියවුණු පොළෝ වාසීහු, මෘගයා දකින කල පුදුමයට පත් වන්නෝ ය. මන්ද ඌ සිටියේ ය; දැන් නැත; එහෙත් මතු එන්නේ ය.


ඔවුන් තම සාක්ෂිය නිම කළ විට, පතුලක් රහිත අගාධයෙන් නැගී එන මෘගයා ඔවුන් හා යුද්ධ කර, ඔවුන්ගෙන් ජය ගෙන, ඔවුන් මරා දමනු ඇත.


උන්ගේ රජු වශයෙන් පතුලක් රහිත අගාධයේ දූතයා උන්ට සිටියේ ය. ඔහුගේ නම විනාශකයා යන අරුතින් හෙබ්‍රෙව් බසින් අබද්දොන් ය; ග්‍රීක් බසින් අපොල්ලියෝන් ය.


යේසුස්වහන්සේ දුටු කල මොර ගසා, උන්වහන්සේ ඉදිරියේ වැටුණු ඔහු, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? අනේ මට වධ නුදුන මැනව” යි මහ හඬ නැඟුවේ ය.


මහ ඌරු රැළක් අසල කන්දේ අහර කමින් වුන්හ. ඌරු රැළට වැහෙන්නට ඔවුහු අවසර ඉල්ලූහ. උන්වහන්සේ අවසර දුන් කල,


‘පාතාලයට බසින්නේ කවරෙක් ද’ (ක්‍රිස්තුස්වහන්සේ මළවුන් වෙතින් ගෙනෙන පිණිස) කියා හෝ ඔබේ සිතින් නො කියන්න” කියා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්