එළිදරව් 18:8 - සිංහල කාලීන පරිවර්තනය ඒ හේතුව නිසා, මරණය, ශෝකය හා සාගතය යන ඇගේ වසංගත: එකම දවසක පැමිණේ. ගින්නෙන් ඇය දවා දැමේ, මන්ද ඇය විනිශ්චය කරන දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරාක්‍රමවත් ය.” Sinhala New Revised Version එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය. ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය. මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.” Sinhala New Revised Version 2018 එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය. ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය. මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.” Sinhala Revised Old Version එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක. |
මෙසේ පැවසූහ: “අපි ඔබට ස්තුති දෙන්නෙමු, සිටින්නා වූ, සිටියා වූ, සියලු බලැති ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්ස, මන්ද ඔබ, ඔබගේ මහත් බලය ගෙන, රජකම් කිරීමට පටන් ගත් සේක;
ඔබ දුටු අං දහය හා මෘගයා, වේශ්‍යාවට වෛර බඳිනු ඇත. ඔවුන් ඇය පාළුවට යවා, ඇය නිරුවත් කර, ඇගේ මාංස කා දමා, ගින්නෙන් ඇය දවා දමනු ඇත.
එකම එක පැයකින් ඒ සියලු ධනය නැති නාස්ති වී ඇත.’ “සියලු නැව්පතීහු ද මුහුදු ගමන්හි යෙදෙන සැවොම ද නාවිකයින් හා මුහුදින් දිවි රැකගන්නා සැවොම ද ඈත්ව සිටගෙන,
ඔවුහු තම හිස් මත ධූලි ඉස ගනිමින්, හඬමින්, වැලපෙමින්, මොර ගසමින්, මෙසේ කීහ: “ ‘අහෝ! අහෝ මහා පුරවරය, මුහුදේ නැව් තිබූ සියල්ලෝ, ඇගේ ඉසුරින් ධනවත් වූහ! ඇගේ විනිශ්චය එක් පැයකින්ම පැමිණිලා!’