Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 19:3 - සිංහල කාලීන පරිවර්තනය

3 ඔවුහු නැවතත් මොරහඬ නඟමින්: “හාලේලූයා! ඇගේ දුම සදහටම-සදාතනිකව නැගෙතැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 තව වරක් ඔව්හු, “අලේලූයා! ඇගේ දුම සදහට ම නගින්නේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 තව වරක් ඔව්හු, “අලේලූයා! ඇගේ දුම සදහට ම නගින්නේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 දෙවෙනි වරක්ද ඔව්හු: හලෙලූයා කියති. ඇගේ දුම සදාකාලේටම නගින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 19:3
9 හුවමාරු යොමු  

ඇය දැවෙන ගින්නේ දුම දකිද්දී, ‘මේ මහ පුරවරය වැනි පුරවරයක් තවත් වේදෝ?’ යි මොර ගසති.


“ඇය හා පරදාර සේවනයේ ගැලුණු, ඇය සමඟ සුඛ විහරණයෙන් විසූ පොළොවේ රජවරු ඇය දැවෙන ගින්නේ දුම දකින කල, ඇය ගැන හඬනු ඇත; වැලපෙනු ඇත.


ඔවුන්ගේ වධ වේදනාවේ දුම සදහට ම, සදාතනයට ම උඩට නැගෙයි. මෘගයාටත්, උගේ පිළිමයටත් නමස්කාර කරන්නන් වන උගේ නමේ සලකුණ ලබන්නන්ට දිවා හෝ රැයේ හෝ නිස්කලංකයක් නො ලැබේ.”


මින් අනතුරුව ස්වර්ගයෙහි මහත් ජන සමූහයකගේ බඳු උස් කටහඬකින් මොර ගසා කියනු මට ඇසිණි: “හාලේලූයා! ගැලවීම, තේජස හා බලය අයිති අප දෙවියන්වහන්සේට ය,


එලෙසම, සොදොම හා ගොමොරාව හා ඒ අවට නගර ලිංගික දුරාචාරයටත්, විකෘති තෘෂ්ණාවනටත් තමන්ම පාවා දී, සදාතන ගින්නේ දඬුවම විඳිමින් ආදර්ශයක් වී සිටිති.


වැඩිමහල්ලන් විසිහතර දෙනා හා ජීවමාන සත්වයින් සතර දෙනා, “ආමෙන්! හාලේලූයා!” කියමින්, සිංහාසනයේ හිඳ හුන් දෙවියන්වහන්සේට වැඳ වැටී, නමස්කාර කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්