Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එළිදරව් 18:7 - සිංහල කාලීන පරිවර්තනය

7 ඇය තමාම වර්ණනා කර ගනිමින් සුඛ විහරණයෙන් ජීවත් වූ පමණට, එපමණටම ඇයට වධ දෙන්න; ශෝකයට පමුණුවන්න. මන්ද ඇය තම හද තුළ උදාරමින්, ‘මම රැජිනක් සේ හිඳගනිමි; මා වැන්දඹු වන්නේ නැත; කිසි කල ශෝකය දකින්නේ ද නැතැ’ යි කියන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට, ඈට ශෝකය ද වද වේදනා ද දෙන්න. මන්ද, ‘මම රැජිනක් ව වැජඹෙමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකය කිසි දිනක නොවිඳිමි’යි ඈ තමාට ම කියා ගන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට, ඈට ශෝකය ද වද වේදනා ද දෙන්න. මන්ද, ‘මම රැජිනක් ව වැජඹෙමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකය කිසි දිනක නොවිඳිමි’යි ඈ තමාට ම කියා ගන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඈ යම් පමණක් තමාම වර්ණනාකරගනිමින් සැපජීවිකාවෙන් වැඩිවූවාද, එපමණටම ඈට ශෝකය හා වධ දෙන්න. මක්නිසාද: මම බිසවක්ව වැඩහිඳිමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකයද කිසිසේත් නොදකිමියි ඈ සිතින් කියාගන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 18:7
16 හුවමාරු යොමු  

එහෙත් තරුණ වැන්දඹුවන් ලේඛනගත කිරීම ප්‍රතික්ෂේප කරන්න. මන්ද ඔවුන්ගේ අනුරාගී ආශා මඟින් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ වෙතින් ඈත් කළ විට, නැවත විවාහ වීමට ඔවුහු ආශා කරති.


මන්ද ඇගේ ලිංගික අපචාර කෝපයේ මිදි යුෂවලින්, සියලු ජාතීහු බීමත් වූහ. පොළොවේ රජවරු ඇය හා පරදාර සේවනයේ ගැලුණහ. පොළොවේ වෙළෙන්දෝ, ඇගේ සුඛෝපභෝගිත්වයේ බලයෙන්, ධනයෙන් වැඩුණහ.”


“ඇය හා පරදාර සේවනයේ ගැලුණු, ඇය සමඟ සුඛ විහරණයෙන් විසූ පොළොවේ රජවරු ඇය දැවෙන ගින්නේ දුම දකින කල, ඇය ගැන හඬනු ඇත; වැලපෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්