Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 18:9 - සිංහල කාලීන පරිවර්තනය

9 “ඇය හා පරදාර සේවනයේ ගැලුණු, ඇය සමඟ සුඛ විහරණයෙන් විසූ පොළොවේ රජවරු ඇය දැවෙන ගින්නේ දුම දකින කල, ඇය ගැන හඬනු ඇත; වැලපෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළ, සැප ජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඈ දවාලන ගින්නේ දුම දකින කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළ, සැප ජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඈ දවාලන ගින්නේ දුම දකින කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඈ සමඟ වේශ්‍යාකම්කොට සැපජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඇගේ දැවීමේ දුම දකින කල, ඇගේ වේදනාවට භයින් දුරින් සිට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 18:9
24 හුවමාරු යොමු  

ඔවුහු නැවතත් මොරහඬ නඟමින්: “හාලේලූයා! ඇගේ දුම සදහටම-සදාතනිකව නැගෙතැ” යි කීහ.


මන්ද ඇගේ ලිංගික අපචාර කෝපයේ මිදි යුෂවලින්, සියලු ජාතීහු බීමත් වූහ. පොළොවේ රජවරු ඇය හා පරදාර සේවනයේ ගැලුණහ. පොළොවේ වෙළෙන්දෝ, ඇගේ සුඛෝපභෝගිත්වයේ බලයෙන්, ධනයෙන් වැඩුණහ.”


ඇය දැවෙන ගින්නේ දුම දකිද්දී, ‘මේ මහ පුරවරය වැනි පුරවරයක් තවත් වේදෝ?’ යි මොර ගසති.


ඇය සමඟ පොළොවේ රජුන් ලිංගික අනාචාරයේ ගැලුණ අතර පොළෝ වාසීන් ඇගේ සරාගික මිදි යුෂයෙන් බීමත්ව ඇතැ” යි පැවසී ය.


“එම්බා ස්වර්ගය, ඇය ගැන ප්‍රීතිවන්න! දෙවියන්වහන්සේගේ ජනයෙනි, ප්‍රීතිවන්න! අපෝස්තුලුවරුනි, දිවැසිවරුනි, ප්‍රීතිවන්න! මන්ද දෙවියන්වහන්සේ ඇය ඔබට කළ ලෙස, ඇයට එරෙහිව විනිශ්චය දී ඇත.”


ඔවුන්ගේ වධ වේදනාවේ දුම සදහට ම, සදාතනයට ම උඩට නැගෙයි. මෘගයාටත්, උගේ පිළිමයටත් නමස්කාර කරන්නන් වන උගේ නමේ සලකුණ ලබන්නන්ට දිවා හෝ රැයේ හෝ නිස්කලංකයක් නො ලැබේ.”


ඇය තමාම වර්ණනා කර ගනිමින් සුඛ විහරණයෙන් ජීවත් වූ පමණට, එපමණටම ඇයට වධ දෙන්න; ශෝකයට පමුණුවන්න. මන්ද ඇය තම හද තුළ උදාරමින්, ‘මම රැජිනක් සේ හිඳගනිමි; මා වැන්දඹු වන්නේ නැත; කිසි කල ශෝකය දකින්නේ ද නැතැ’ යි කියන්නී ය.


එහෙත් තරුණ වැන්දඹුවන් ලේඛනගත කිරීම ප්‍රතික්ෂේප කරන්න. මන්ද ඔවුන්ගේ අනුරාගී ආශා මඟින් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ වෙතින් ඈත් කළ විට, නැවත විවාහ වීමට ඔවුහු ආශා කරති.


එබැවින්, විඳවීමේ යහනක මම ඇය හෙළා දමන්නෙමි. ඇය හා පරදාර සේවනයේ යෙදෙන්නන් ඇගේ මාර්ග ගැන පසුතැවිලි නො වේ නම්, ඔවුන් ද ඇය හා දරුණු පීඩාවකට පත් කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්