යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලටම පසුතැවිලි වී, දෙවියන්වහන්සේ වෙත හැරෙන ලෙස හා අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේ අදහා ගන්නා ලෙස මා තදින් අනුශාසනා කළා.
එපීස 1:15 - සිංහල කාලීන පරිවර්තනය මේ හේතුව නිසා, යේසුස් ස්වාමින්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලත්, සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමයත් ගැන ඇසූ තැන් පටන් මා, Sinhala New Revised Version ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල ගැන ද සැදැහැවතුන්ට ඔබ දක්වන ප්‍රේමය ගැන ද යන කරුණු අසා, Sinhala New Revised Version 2018 ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල ගැන ද සැදැහැවතුන්ට ඔබ දක්වන ප්‍රේමය ගැන ද යන කරුණු අසා, Sinhala Revised Old Version මේ නිසා මමත් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ නුඹලා අතරේ ඇත්තාවූ, නුඹලා සියලු ශුද්ධවන්තයන්ට දක්වන්නාවූ ඇදහිල්ල ගැන අසා, නුඹලා මාගේ යාච්ඤාවලදී සඳහන්කරමින්, |
යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලටම පසුතැවිලි වී, දෙවියන්වහන්සේ වෙත හැරෙන ලෙස හා අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේ අදහා ගන්නා ලෙස මා තදින් අනුශාසනා කළා.
පළමු කොට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් ඔබ හැම ගැන මාගේ දෙවියන්වහන්සේට මා ස්තුති කරන්නේ, ඔබගේ ඇදහිල්ල මුළු ලෝකයේම ප්‍රසිද්ධව ඇති බැවිනි.
මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.
දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් වෙතින්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ විශ්වාසනීයයන් වූ එපීසයේ ශුද්ධවන්තයින් වෙතයි:
සියලු ශුද්ධවන්තයින් හා එක්ව ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ දිග හා පළලත්, උස හා ගැඹුරත් කොතෙක් ද කියා ග්‍රහණය කර ගැනීමේ බලය ඔබට ලැබෙන පිණිසත්,
ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාව ද ඔබගේ ප්‍රේමයේ වෙහෙසීම ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබගේ බලාපොරොත්තුවෙන් උපදනා නො පසුබට වීර්යය ද ගැන අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ ඉදිරියේ නිබඳව අපි සිහි කරන්නෙමු.
සහෝදර ප්‍රේමය ගැන නම් ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබම දෙවියන්වහන්සේගෙන් උගෙන ඇති බැවිනි.
සහෝදරයිනි, ඔබගේ ඇදහිල්ල වඩා බහුලව වර්ධනය වෙමින් පවත්නා නිසාත්, ඔබ හැම කෙනකු එකිනෙකා කෙරේ දක්වන ප්‍රේමය වැඩෙමින් පවත්නා නිසාත්, ඔබ ගැන නිබඳව දෙවියන්වහන්සේට ස්තුති දීම අපගේ යුතුකමකි; කළ යුත්තකි.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල හා ප්‍රේමය සමඟ මා උදෙසා වූ අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය පිටාර ගැලී ය.
ඒ ලෙස අණ කිරීමේ අරමුණ පිරිසිදු හදෙකින්, යහපත් හෘදය සාක්ෂියකින් හා අවංක ඇදහිල්ලෙන් පැන නඟිනා ප්‍රේමයයි.
යේසුස්වහන්සේ වෙත හා සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමය හා ඇදහිල්ල ගැන මට අසන්නට ලැබෙන බැවිනි.
මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත.
සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරුවීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කරගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගීව එකිනෙකාට ප්‍රේම කරන්න.
ලෞකික ධනය හිමි කෙනෙක් තම සහෝදරයාගේ අග හිඟකම් දැක, ඔහු ගැන තම හදවත වසා ගනී නම්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?
උන්වහන්සේගෙන් අපට ආඥාව මෙයයි: දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නා තම සහෝදරයාට ද ප්‍රේම කළ යුතු ය.