Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තෙසලෝනික 4:9 - සිංහල කාලීන පරිවර්තනය

9 සහෝදර ප්‍රේමය ගැන නම් ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබම දෙවියන්වහන්සේගෙන් උගෙන ඇති බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එහෙත් සහෝදර ප්‍රේමය ගැන ඔබට ලියා එවීම වුවමනා නැත. කුමක් හෙයින් ද, එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබ දෙවියන් වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එහෙත් සහෝදර ප්‍රේමය ගැන ඔබට ලියා එවීම වුවමනා නැත. කුමක් හෙයින් ද, එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබ දෙවියන් වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එහෙත් සහෝදර ප්‍රේමය ගැන නම් නුඹලාට ලියන්ට වුවමනා නැත. මක්නිසාද එකිනෙකාට ප්‍රේමකරන්ට නුඹලාම දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තෙසලෝනික 4:9
30 හුවමාරු යොමු  

මුල පටන් ඔබ ඇසූ පණිවුඩය, අප එකිනෙකාට ප්‍රේම කළ යුතුය යන්නයි.


සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම වන්න; අන් අය තමනට වඩා ගරු කොට සලකන්න.


මෙයයි උන්වහන්සේගේ ආඥාව: උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප අදහා ගැනීමත්, උන්වහන්සේ අපට අණ කළ පරිදි එකිනෙකාට ප්‍රේම කිරීමත් ය.


උන්වහන්සේගෙන් අපට ආඥාව මෙයයි: දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නා තම සහෝදරයාට ද ප්‍රේම කළ යුතු ය.


සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න.


තවද සහෝදරයිනි, කාල හා දින වකවානු ගැන ඔබට ලිවීම අවශ්‍ය නො වේ.


අදහාගත් මුළු සමූහයා එක් හදකින් ද එක් ජීවයකින් ද වෙළී සිටියහ. තමන් සතුව තිබූ දේ ගැන ඒවා තමාගේ යැයි කිසිවකු කීවේ නැත. සියල්ල ඔවුහු සාමුහිකව භුක්ති වින්දහ.


තම සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයේ පවතියි. පැකිළෙන්නට කිසි හේතුවක් ඔහු තුළ නැත.


භක්තිවන්තකමට සහෝදර සෙනෙහස ද සහෝදර සෙනෙහසට ප්‍රේමය ද එක්කර ගන්න.


ප්‍රේමය පව් රාශියක් වසා දමන බැවින්, හැම දේටම වඩා ලැදිව එකිනෙකාට ප්‍රේම කරන්න.


අවසන් වශයෙන් ඔබ හැම, එකිනෙකා හා සමඟියෙන්, සානුකම්පිතව, සහෝදර ප්‍රේමයෙන් යුතුව, මෘදු හදවතින් හා නිහතමානී සිතින් සිටින්න.


“ඒ දවස්වලට පසු, මා ඔවුන් සමඟ කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක; මම, මාගේ ආඥා ඔවුන්ගේ හදවත්හි තබා, ඔවුන්ගේ මනස්හි ඒවා ලියන්නෙමි.”


මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සහනදායකයාණන් වන ශුද්ධාත්මයාණන් පැමිණි කල, උන්වහන්සේ හැම දෙයක්ම ඔබට උගන්වමින්, මා ඔබට පැවසූ සියල්ල යළි ඔබට සිහි කරනු ඇත.


දෙවැන්න ඊට සමානයි: එනම්, ‘ඔබට ප්‍රේම කරන්නා සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන්න ය.


ශුද්ධවතුනට සේවය කිරීම ගැන මා ඔබට ලිවීම අවශ්‍ය නැත.


අප අතරින් පරිණතවූවන් එබඳු ආකල්පයක් දැරිය යුතු ය. යම් හේතුවක් මත ඔබ අන් මතයක් දරන්නේ නම්, දෙවියන්වහන්සේ එයත් ඔබට වටහා දෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්