Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 1:22 - සිංහල කාලීන පරිවර්තනය

22 සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරුවීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කරගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගීව එකිනෙකාට ප්‍රේම කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඔබ සත්‍යයට කීකරු වීමෙන්, සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසිදු කරගත් බැවින්, ඔබගේ හද පත්ලෙන් නඟින ප්‍රේමයකින් එකිනෙකාට ප්‍රේම කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඔබ සත්‍යයට කීකරු වීමෙන්, සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසිදු කරගත් බැවින්, ඔබගේ හද පත්ලෙන් නඟින ප්‍රේමයකින් එකිනෙකාට ප්‍රේම කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 සහෝදරයන්ට අවංකකමින් ප්‍රේමකරන පිණිස සත්‍යතාවට කීකරුවීමෙන් නුඹලාගේ ආත්ම පිරිසිදු කරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දුලෙස ප්‍රේමකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 1:22
51 හුවමාරු යොමු  

ඒ ලෙස අණ කිරීමේ අරමුණ පිරිසිදු හදෙකින්, යහපත් හෘදය සාක්ෂියකින් හා අවංක ඇදහිල්ලෙන් පැන නඟිනා ප්‍රේමයයි.


සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න.


කිසිවෙක් කිසි කලෙක දෙවියන්වහන්සේ දැක නැත. එහෙත් අප එකිනෙකාට ප්‍රේම කරනවා නම්, දෙවියන්වහන්සේ අප තුළ පැවත සිටින සේක; උන්වහන්සේගේ ප්‍රේමය ද අප තුළ පරිපූර්ණ කරනු ලැබ තිබේ.


ප්‍රේමණීයයනි, අපි, එකිනෙකාට ප්‍රේම කරමු; මන්ද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන් ය. ප්‍රේම කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින්නෙකි; දෙවියන්වහන්සේ හඳුනන්නෙකි.


අවසන් වශයෙන් ඔබ හැම, එකිනෙකා හා සමඟියෙන්, සානුකම්පිතව, සහෝදර ප්‍රේමයෙන් යුතුව, මෘදු හදවතින් හා නිහතමානී සිතින් සිටින්න.


දෙවියන්වහන්සේට සමීප වන්න; එවිට උන්වහන්සේ ඔබට සමීප වනු ඇත. පව්කාරයිනි, නුඹලාගේ අත් සෝදා ගනිල්ලා. දෙසිත් ඇත්තනි, නුඹලාගේ හදවත් පවිත්‍ර කර ගනිල්ලා.


මෙයයි උන්වහන්සේගේ ආඥාව: උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප අදහා ගැනීමත්, උන්වහන්සේ අපට අණ කළ පරිදි එකිනෙකාට ප්‍රේම කිරීමත් ය.


සහෝදරයිනි, ඔබගේ ඇදහිල්ල වඩා බහුලව වර්ධනය වෙමින් පවත්නා නිසාත්, ඔබ හැම කෙනකු එකිනෙකා කෙරේ දක්වන ප්‍රේමය වැඩෙමින් පවත්නා නිසාත්, ඔබ ගැන නිබඳව දෙවියන්වහන්සේට ස්තුති දීම අපගේ යුතුකමකි; කළ යුත්තකි.


ඔබ වෙත ඇති අපගේ ප්‍රේමය යම් සේ ද, එලෙස ඔබගේ ප්‍රේමයත් ඔබ එකිනෙකා කෙරෙහි හා අන් සැම කෙරෙහි වැඩි වී පිරී ඉතිරී යන්නට ස්වාමින්වහන්සේ මඟ සලසන සේක්වා!


යමෙක්, “මම දෙවියන්වහන්සේට ප්‍රේම කරමි” යි කියමින්, තම සහෝදරයාට වෛර කරනවා නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද තමන් දැක ඇති සහෝදරයාට ප්‍රේම නො කරන්නාට, තමන් දැක නැති දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට බැරි ය.


හැමට ගෞරව දක්වන්න. සහෝදරත්වයට ප්‍රේම කරන්න. දෙවියන්වහන්සේට බය වෙන්න. රජුට ගරු කරන්න.


ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මඟින් ඔවුන්ගේ හදවත් පවිත්‍ර කළ සේක.


මුල පටන් ඔබ ඇසූ පණිවුඩය, අප එකිනෙකාට ප්‍රේම කළ යුතුය යන්නයි.


භක්තිවන්තකමට සහෝදර සෙනෙහස ද සහෝදර සෙනෙහසට ප්‍රේමය ද එක්කර ගන්න.


මාගේ යාච්‍ඤාව මෙයයි: දැනගැන්මෙන් හා විනිවිද දක්නා මුළු නුවණින් ඔබගේ ප්‍රේමය වඩ වඩා වැඩේවා!


ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක්ම දරන්න.


මන්ද ආත්මයාණන්වහන්සේ තුළින්, ඇදහිල්ලෙන්, අප ලැදියාවෙන් බලා හිඳින්නේ, ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුවයි.


“එහෙත් ඔබගේ පළමු ප්‍රේමය ඔබ අත්හැර ඇත යන චෝදනාව ඔබට එරෙහිව මට ඇත:


මන්ද දෙවියන්වහන්සේගේ ගෘහ වාසීන්ගෙන් විනිශ්චය පටන්ගැන්මේ කාලය එළඹ තිබේ. එය ඇරඹෙනුයේ අප වෙතින් නම් දෙවියන්වහන්සේගේ ශුභාරංචියට අකීකරුවූවන්ට කෙබඳු විපාකයක් අත් වේ ද?


ප්‍රේමය පව් රාශියක් වසා දමන බැවින්, හැම දේටම වඩා ලැදිව එකිනෙකාට ප්‍රේම කරන්න.


ආබ්‍රහම් කැඳවනු ලැබූ කල, කීකරුව, කොහි යන්නේ ද පවා නො දැන, මතු ඔහුට උරුමයක්ව ලැබෙන ස්ථානය බලා පිටත්ව ගියේ ඇදහිල්ලෙනි.


ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන්ම, සදාතන ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මඟින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!


මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත.


පවිත්‍රතාවෙනි; අවබෝධයෙනි; ඉවසීමෙනි; කාරුණික වීමෙනි; ශුද්ධාත්මයාණන්ගෙනි; අව්‍යාජ ප්‍රේමයෙනි;


මේ දේවල් මා ඔබට ආඥා කරන්නේ, ඔබ එකිනෙකාට ප්‍රේම කරන පිණිස ය.


භාර්යාවනි, ඒ අයුරින් ඔබත් ඔබගේ ස්වාමි පුරුෂයනට යටත් වන්න, එවිට වචනයට කීකරු නො වන කෙනකු වචනයෙන් තොරව, ඔවුන්ගේ භාර්යාවන්ගේ හැසිරීම තුළින් ඔවුන් දිනාගත හැක්කේ,


තවද සම්පූර්ණත්වයට පත් කරනු ලැබ, උන්වහන්සේ තමන්ට කීකරු වන සියල්ලනට සදාතන ගැලවීමේ උල්පත බවට පත් වූයේ,


ඔබට භාර දෙන ලද යහපත් දෑ අප තුළ වෙසෙන ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් ආරක්ෂා කරගන්න.


මහලු ස්ත්‍රීන් මව්වරුන් සේ ද තරුණ ස්ත්‍රීන් සහෝදරියන් සේ මුළුමනින් පවිත්‍ර සිතින් ද සලකන්න.


ඔබ තරුණ නිසා ඔබ සුළු කොට තකන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැතිව, කතාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් හා පවිත්‍රතාවෙන් ඇදහිලිවතුන් හමුවේ ඔබම ආදර්ශයක් වන්න.


මකිදෝනියාව බලා මා පිටත්ව යන කල, මා උදක්ම ඔබෙන් ඉල්ලා සිටියේ, එපීසයේ නැවතී සිට, අමුතු මත වාද නූගන්වන ලෙස ඇතමුනට අණ කරන්නටත්,


ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳව ස්තුති දීම අප විසින් කළ යුත්තකි.


අහෝ අඥාන ගලාතිවරුනි! ඇස් බැන්දුමකින් ඔබ මුළා කළේ කවුරු ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසිපත් කරනු ලැබීම ප්‍රසිද්ධියේ ඔබේ ඇස් පනා පිට දක්වනු ලැබී ය.


ඔබ සිටියේ හොඳින් දුවමිනි; සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුරු ද?


මන්ද මාංසයට අනුව ජීවත් වෙතොත් ඔබ මියෙනු ඇත. එහෙත් ශාරීරික ක්‍රියා, ආත්මයාණන් මඟින් නසා දමනවා නම්, ඔබ ජීවත්වනු ඇත.


එහෙත් ආත්මාර්ථයෙන් යුතුව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ.


උන්වහන්සේ තුළින් අනුග්‍රහයත්, අපෝස්තලික තනතුරත් අප ලබා ඇත්තේ, සියලු ජාතීන් අතරෙහි උන්වහන්සේගේ නාමය උදෙසා ඇදහිල්ලේ කීකරුකමට පැමිණවීම පිණිස ය.


සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව; ඔබගේ වචනය සත්‍යතාවයි.


මා ඔබට පැවසූ වචනය හේතු කොට දැනටමත් ඔබ පවිත්‍ර ය.


මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයින්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ.


සත්‍යතාවෙන් ඔවුන් කැප වන පිණිස මම ඔවුන් උදෙසා මා කැප කර ගනිමි.


එබැවින් සියලු අපවිත්‍රතා හා ගහණව ඇති දුෂ්ටකම ඉවත ලා, ඔබගේ ආත්මය ගලවන්නට සමත්, ඔබ තුළ පැළ කරන ලද වචනය මෘදු ලෙස පිළිගන්න.


ආත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීම සඳහා ද උන්වහන්සේගේ ලේ ඉසිනු ලැබීම සඳහා ද පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව, තෝරාගනු ලැබූවන් වෙතයි: අනුග්‍රහයත්, සාමයත් ඔබට බෝ වේවා!


මන්ද ඔවුන්, නෝවාගේ දවස්වලදී නැව සාදන අතරේ දෙවියන්වහන්සේ ඉවසිලිවත්ව බලා සිටි කාලයේදී කීකරු නො වූවන් ය. ඒ නැවෙහි ස්වල්ප දෙනෙක්, ගණනින් අට දෙනෙක් පමණක් ජලය තුළින් ගලවනු ලැබූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්