Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 4:21 - සිංහල කාලීන පරිවර්තනය

21 උන්වහන්සේගෙන් අපට ආඥාව මෙයයි: දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නා තම සහෝදරයාට ද ප්‍රේම කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තා තම සහෝදරයාටත් ප්‍රේම කළ යුතු ය යන ආඥාව අපි උන් වහන්සේගෙන් ලැබීමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තා තම සහෝදරයාටත් ප්‍රේම කළ යුතු ය යන ආඥාව අපි උන් වහන්සේගෙන් ලැබීමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 දෙවියන්වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේමකරාවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 4:21
20 හුවමාරු යොමු  

මුල පටන් ඔබ ඇසූ පණිවුඩය, අප එකිනෙකාට ප්‍රේම කළ යුතුය යන්නයි.


සහෝදර ප්‍රේමය ගැන නම් ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබම දෙවියන්වහන්සේගෙන් උගෙන ඇති බැවිනි.


අවසන් වශයෙන් ඔබ හැම, එකිනෙකා හා සමඟියෙන්, සානුකම්පිතව, සහෝදර ප්‍රේමයෙන් යුතුව, මෘදු හදවතින් හා නිහතමානී සිතින් සිටින්න.


මන්ද: “ඔබ ඔබටම ප්‍රේම කරන සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න” යන තනි ආඥාවේ සමස්ත දහම් නීතියම ඉෂ්ට වෙයි.


මාගේ ආඥාව මෙයයි: මා ඔබට ප්‍රේම කළ ලෙස, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.


මෙයයි උන්වහන්සේගේ ආඥාව: උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප අදහා ගැනීමත්, උන්වහන්සේ අපට අණ කළ පරිදි එකිනෙකාට ප්‍රේම කිරීමත් ය.


අප දන්නා පරිදි අපි මරණයෙන් එතෙරව ජීවනයට ඇතුල්ව සිටින්නෙමු; මන්ද අපි සහෝදරයනට ප්‍රේම කරන්නෙමු. ප්‍රේම නො කරන කවුරුන් වුව මරණයේ රැඳී සිටී.


ප්‍රේමය පව් රාශියක් වසා දමන බැවින්, හැම දේටම වඩා ලැදිව එකිනෙකාට ප්‍රේම කරන්න.


“ඔහුට දයාව පෑ තැනැත්තා යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. “ඔබත් ගොස්, එලෙසම කරන්නැ” යි යේසුස්වහන්සේ ඔහුට කී සේක.


ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ අපට එතරම් ප්‍රේම කළ සේක් නම්, අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතුම ය.


මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.


ප්‍රිය දරුවනි, වචනයෙන් හා කතාවෙන් නො ව ක්‍රියාවෙන් හා සත්‍යයෙන් ප්‍රේම කරමු.


“ ‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න; ඔබේ සතුරාට වෛර කරන්නැ’ යි කියා ඇති බැව් ඔබ අසා තිබේ.


ප්‍රේමණීයයනි, මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන්ම ඔබට තිබූ පැරණි ආඥාවකි. මෙම පැරණි ආඥාව ඔබ අසා ඇති වචනයයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්