2 තිමෝති 4:2 - සිංහල කාලීන පරිවර්තනය වචනය දේශනා කරන්න; කලටත්, අකලටත් සූදානමින් සිටින්න; වරද පෙන්වා දීමත්, තරවටු කිරීමත්, දිරිගැන්වීමත් කළ යුත්තේ, පූර්ණ ඉවසීමෙන් හා උපදෙසින් යුතුව ය. Sinhala New Revised Version දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න. Sinhala New Revised Version 2018 දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න. Sinhala Revised Old Version වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය. |
යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මළාහු තම මළවුන් වැළලුවා වේ. ඔබ ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නැ” යි කී සේක.
සලමිස් නගරයට ළඟා වූ ඔවුහු, එහි යුදෙව් සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. යොහන් ඔවුන්ගේ සහායකයාව සිටියේ ය.
නගර දොරටුවෙන් පිටත ගඟබඩ යාච්ඤා මෙහෙයක් පැවැත්වෙන තැනක් ඇතැයි අප සිතූ බැවින්, සබත් දවසේ එහි ගොස්, එහි රැස්ව සිටි ස්ත්‍රීන් අතර හිඳ, අපි ඔවුන් ඇමතුවෙමු.
සතියේ පළමු දවසේ රොටි කැඩීමට අපි එක්රැස් වුණෙමු. එහි රැස්වූවන්ට පාවුල් දේශනා කළේ ය. ඊළඟ දවසේ එපෙදෙසින් සමු ගැනීමට අදහස් කළ බැවින්, රෑ මැදියම වන තුරුත් ඔහු දිගටම කතා කළේ ය.
අප රෝමයට පැමිණි පසු, එක් හේවායකුගේ මුරකාව යටතේ තමන් කැමති තැනක සිටින්නට පාවුල්ට අවසර ලැබිණි.
තවද යවනු ලැබුවොත් මිස, යමෙක් දේශනා කරන්නේ කොහොම ද? ලියා තිබෙන පරිදි, “ශුභාරංචිය ගෙනෙන අයගේ පාද, කොතරම් අලංකාර ද!”
දෙවියන්වහන්සේගේ වචනය පූර්ණත්වයෙන් ප්‍රකාශ කිරීමේ කාර්යය ඉටු කිරීමට, දෙවියන්වහන්සේගේ නියමයෙන් ඔබ උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට මම එහි සේවකයෙක් වී සිටිමි.
මා සිර-බැඳුම් ලැබීමට හේතු වූ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කෙරෙන පණිවුඩයේ වචනය ප්‍රකාශ කරන්නට හැකි වන ලෙස දෙවියන්වහන්සේ අපට දොරක් ඇර දෙන පිණිස, අප උදෙසාත් යාච්ඤා කරන්න.
දැඩි පීඩා අතරදීත්, ශුද්ධාත්මයාණන්ගෙන් ලද ප්‍රීතියෙන් යුතුව පණිවුඩය පිළිගැනීමෙන් ඔබ අපත්, ස්වාමින්වහන්සේත් අනුකරණය කරන්නන් වූහ.
සහෝදරයිනි, අලස වූවන්ට අවවාද කරන ලෙසත්, බියසුළුවූවන් දිරි ගන්වන ලෙසත්, දුබලවූවන්ට ආධාර කරන ලෙසත්, හැම කෙනකු සමඟම ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් උදක්ම ඉල්ලන්නෙමු.
මා එන තුරු ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීමට, උපදෙස් දීමට හා ඉගැන්වීමට ඇප කැප වන්න.
එහෙත් සෙසු අය ද බය ඇතිව සිටින පිණිස, දිගටම පව් කරන්නවුනට සෙසු අය ඉදිරියේ ප්‍රසිද්ධියේ තරවටු කරන්න.
යමෙක් නිගරුව වෙතින් තමා පවිත්‍ර කරගනී නම්, ඔහු ශුද්ධකමට පමුණුවන ලද්දාවූත්, ගෘහයේ ස්වාමියාණන්ට ප්‍රයෝජනවත්වූත්, හැම හොඳ වැඩකටම සුදානම්වූත් ගෞරවණීය කටයුතු සඳහා වන බඳුනක් වන්නේ ය.
විරුද්ධවාදීන්ට මෘදු ලෙස උපදෙස් දෙන්නකු විය යුතු ය. ඇතැම් විට, ඔවුන්ට සත්‍යය දැනගැනීමට මඟ පෙන්වන පසුතැවිල්ලට දෙවියන්වහන්සේ ඔවුන් පමුණුවනු ඇත.
කෙසේ වෙතත් ඔබ, මා ගැන දනී; එනම්, මගේ ඉගැන්වීම, මගේ කල් ක්‍රියාව, මගේ ජීවන අරමුණු, මගේ ඇදහිල්ල, මගේ ඉවසීම, මගේ ප්‍රේමය හා මගේ ස්ථිරත්වය ද
මේ කියමන සත්‍යයකි. එබැවින් ඔවුන්ට තදින් තරවටු කරන්න. එසේ කළ යුත්තේ, ඔවුන් සාර ඇදහිලිවතුන් වන පිණිසත්,
මේ දෑ ප්‍රකාශ කරන්න. පූර්ණ ආධිපත්‍යයෙන් යුතුව අවවාද කරන්න; තරවටු කරන්න. ඔබ සුළු කොට තකන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න.
සහෝදරයිනි, මාගේ මෙම අවවාදාත්මක වචන ඉවසීමෙන් පිළිගන්න මෙන් උදක්ම ඔබෙන් ඉල්ලමි. මා ඔබට ලීවේ කෙටියෙනි.