Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තිමෝති 2:21 - සිංහල කාලීන පරිවර්තනය

21 යමෙක් නිගරුව වෙතින් තමා පවිත්‍ර කරගනී නම්, ඔහු ශුද්ධකමට පමුණුවන ලද්දාවූත්, ගෘහයේ ස්වාමියාණන්ට ප්‍රයෝජනවත්වූත්, හැම හොඳ වැඩකටම සුදානම්වූත් ගෞරවණීය කටයුතු සඳහා වන බඳුනක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එහෙයින් යමෙක් නපුරු දේ අත්හැර, තමා ම පවිත්‍ර කරගනී නම්, ඔහු පිරිසිදු කරන ලද, සමිඳාණන් වහන්සේගේ භාවිතයට සුදුසු වටිනා දෙයකට යෙදෙන, ඕනෑ ම යහපත් සේවයකට යෝග්‍ය භාජනයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එහෙයින් යමෙක් නපුරු දේ අත්හැර, තමා ම පවිත්‍ර කරගනී නම්, ඔහු පිරිසිදු කරන ලද, සමිඳාණන් වහන්සේගේ භාවිතයට සුදුසු වටිනා දෙයකට යෙදෙන, ඕනෑ ම යහපත් සේවයකට යෝග්‍ය භාජනයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එබැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍රකරගනී නම්, ඔහු පිරිසිදුකරනු ලැබුවාවූ, ස්වාමියාගේ පාවිච්චියට සුදුසුවූ, සියලු යහපත් වැඩවලට සූදානම්වූ, ගෞරවය පිණිසවූ භාජනයක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තිමෝති 2:21
21 හුවමාරු යොමු  

ඒ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා හැම හොඳ වැඩකටම පුහුණුව හා සන්නද්ධව සිටිනු පිණිස ය.


දෙවියන්වහන්සේ විසින් කලින් සූදානම් කරන ලද යහපත්කම් කරන පිණිස, ඒවා තුළ හැසිරෙන පිණිස, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවන ලද්දවුන් වන අප දෙවියන්වහන්සේගේම හස්ත කර්මාන්ත වේ.


ප්‍රේමණීයයනි, අපට මේ පොරොන්දු තියෙන බැවින්, දෙවියන්වහන්සේට බය පක්ෂපාතීත්වයෙන් ශුද්ධකම සම්පූර්ණ කර ගැනීමට, අපගේ ශරීරය හා ආත්මය හැම දූෂ්‍යතාවකින්ම පවිත්‍ර කර ගනිමු.


සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරුවීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කරගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගීව එකිනෙකාට ප්‍රේම කරන්න.


මෙලෙස බලාපොරොත්තු තබන හැම කෙනෙක්ම තමන් පවිත්‍ර කරගන්නේ, උන්වහන්සේ පවිත්‍රව සිටින පරිද්දෙනි.


මහ මන්දිරයක රන් හා රිදී බඩු පමණක් නො ව ලී හා මැටි බඳුන් ද තිබේ. ඇතැම් ඒවා ගරු අරමුණු සඳහා ය. ඇතැම් ඒවා නිගරු කටයුතු සඳහා ය.


මේ කියමන විශ්වාසනීය ය; දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූවන්, යහපත් ක්‍රියා කිරීමට තමන්ම කැපවීමට උනන්දු වන පිණිස, මේ දෑ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කිරීම මාගේ කැමැත්තයි. මේ දෑ හැම කෙනකුටම විශිෂ්ට ය; වැඩදායක ය.


එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්‍රායෙල් ජනයා ද වෙත මාගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මාගේ උපකරණයකි;


ගින්නේ ලා පරීක්ෂා කළත් දිරා යන සුළු රත්රන්වලට වඩා අනර්ඝ වූ පරීක්ෂා කරන ලද ඔබගේ ඇදහිල්ලේ අව්‍යාජත්වය ඔප්පු වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශ වීමේදී එය ප්‍රශංසාවකට ද තේජසකට ද ගෞරවයකට ද හේතු වන වග දැක්වෙන පිණිස ය.


ඇත්තෙන්ම ඔබ නුමුහුන් බැවින්, අලුත් පිටි පිඩක් වන පිණිස පරණ මුහුන් බැහැර කරන්න. මන්ද අපගේ පාස්කු බැටළු පැටවාණන් වන ක්‍රිස්තුස්වහන්සේ, යාග කරනු ලැබ ඇත.


අප ජනතාව තම අවශ්‍යතා සපයා ගැන්ම සඳහා ද නිකමුන් නො වනු සඳහා ද යහපත් වැඩවලට තමන්ම කැපවීම උගත යුතුව ඇත.


මේවා ඔවුන්ට මතක් කර දෙන්න; පාලකයින්ට හා අධිපතීනට යටත් විය යුතු බැව් ද කීකරු විය යුතු බැව් ද හැම යහපත් ක්‍රියාවකට සූදානම්ව සිටිය යුතු බැව් ද


සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන.


එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ මේ හැම වෙතින් පලා ගොස්, ධර්මිෂ්ඨකම ද දේව භක්තිය ද ඇදහිල්ල හා ප්‍රේමය ද තිරසර බව හා මුදු මෙලෙක් ගුණය ද හඹා යන්න.


අභක්තික හිස් දෙඩවිලිවලින් වළකින්න. මන්ද ඒවා වඩ වඩාත් දේව අභක්තියට මිනිසුන් යොමු කරවයි.


ලූක් පමණක් මා සමඟ ය. ඔබ සමඟ මාර්ක් කැඳවාගෙන එන්න. මාගේ සේවය සඳහා ඔහු මට ප්‍රයෝජනවත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්