Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:7 - සිංහල කාලීන පරිවර්තනය

7 සතියේ පළමු දවසේ රොටි කැඩීමට අපි එක්රැස් වුණෙමු. එහි රැස්වූවන්ට පාවුල් දේශනා කළේ ය. ඊළඟ දවසේ එපෙදෙසින් සමු ගැනීමට අදහස් කළ බැවින්, රෑ මැදියම වන තුරුත් ඔහු දිගටම කතා කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 සතියේ පළමු වැනි දා අප රොටි කඩන්නට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සතියේ පළමු වැනි දා අප පූප කැඩීමට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 සතියේ පළමුවෙනිදා අපි රොටි කඩන්ට රැස්වූ කල, පාවුල් පසුවදා යන්ට අදහස්කරගෙන, ඔවුන්ට අනුශාසනාකෙළේය; ඔහුගේ කථාව මධ්‍යම රාත්‍රිය දක්වා පැවතුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:7
22 හුවමාරු යොමු  

මා ආ කල, සම්මාදම් එකතු කරන්නට සිදු නො වන පිණිස, හැම සතියකම පළමු දින ඔබ හැම කෙනකුම, තම ලැබීම් අනුව කොටසක් වෙන් කර, එකතු කර තබන්න.


ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ.


සතියේ පළමු දින වූ එදින සවස ගෝලයෝ, යුදෙව්වනට බයින් දොරගුළු ලා ගෙන සිටියදී, යේසුස්වහන්සේ ඔවුන් මැද සිටගෙන, “ඔබට සාමය වේවා!” යි ඔවුන්ට කී සේක.


සතියේ පළමු දින හිමිදිරි උදයේ මද අඳුරේ සොහොන වෙත පැමිණි මග්දලාහි මරියා සොහොන් ලෙනේ ගල ඉවත් කර තිබෙනු දුටුවා ය.


ස්වාමින්වහන්සේගේ දවසේ මම ආත්මයාණන්වහන්සේ තුළ වීමි. එවිට හොරණෑ හඬක් වැනි උස් කටහඬක් මට පිටුපසින්, ඇසිණි.


ඉන්පසු නැවතත් උඩු මහලට ගිය ඔහු රොටි කඩා අනුභව කළේ ය. පාවුල් පිටත්ව ගියේ, පසු දිනට පහන් වන තෙක්ම ඔවුන් හා කතා කළ පසුව ය.


පාවුල් හමුවීමට දිනයක් නියම කර ගත් ඔවුහු, එදින ගණනින් අති මහත් පිරිසක් පාවුල්ගේ නවාතැනට රැස් වූහ. පාවුල් උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කරුණු පැහැදිලි කරමින්, මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහය හා දිවැසිවරුන්ගේ ලියවිලි ගෙන හැර පාමින් යේසුස්වහන්සේ ගැන ඔවුන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්තේ ය.


යුතිකස් නම් තරුණයෙක් ජනෙල් පඩිය මත හිඳ, නිදි කිරමින් සිටියේ ය. පාවුල් දිගටම කතා කරගෙන යද්දී, තද නින්දට පත් හෙතෙම තෙවන මහලේ සිට ඇද වැටිණි. ඔහු එසවූ කල මැරී සිටියේ ය.


එවිට ඔවුහු දෙදෙනා ද තමන් ගමන් කරද්දී සිදු වූ දෑ ද රොටි කඩද්දී තමන් උන්වහන්සේ හැඳිනගත් අයුරු ද පැවසූහ.


එහෙත් මා කවර තත්වයක සිටිනවා ද, එසේව සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙනි. මා වෙත වූ උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ඵල වූයේ නැත. ඇත්තටම ඒ හැමට වැඩියෙන් මම වෙහෙසී වැඩ කළෙමි. එහෙත්, මා නො ව, මා සමඟ වූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයයි.


අප ආශිර්වාද කරන ආශිර්වාද කුසලානය ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය තුළ සහභාගිත්වය නො වේ ද? අප කඩන රොටිය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ සහභාගිත්වය නො වේ ද?


එබැවින් කල්පනාකාරීව සිටින්න. වසර තුනක් තිස්සේ දිවා රෑ දෙක්හි කඳුළින් යුතුව, මා ඔබ එකිනෙකාට නො නැවතී අවවාද කළ බව මතක තබාගන්න.


ඔවුහු දිනපතා එක්සිත්ව දේව මාලිගයේ එක්රැස් වෙමින් ද තම නිවෙස්හි දී රොටි කඩමින් ද ප්‍රමෝදයෙන් හා අවංක සිතින් එක්ව අහර ගත්තේ,


අට දිනකට පසු ගෝලයෝ නැවතත් ගෙතුළට වී සිටියහ. මෙවර තෝමස් ද ඔවුන් අතර විය. දොරගුළු ලා තිබූ නමුත් යේසුස්වහන්සේ අවුත්, ඔවුන් මැද සිටගෙන, “සාමය ඔබ සමඟ වේවා!” යි පැවසූ සේක.


උන්වහන්සේ රොටි ගෙන, ස්තුති දී, එය කඩා, ඔවුන්ට බෙදා දී, “මේ ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරයයි; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි පැවසූ සේක.


වචනය දේශනා කරන්න; කලටත්, අකලටත් සූදානමින් සිටින්න; වරද පෙන්වා දීමත්, තරවටු කිරීමත්, දිරිගැන්වීමත් කළ යුත්තේ, පූර්ණ ඉවසීමෙන් හා උපදෙසින් යුතුව ය.


සතියේ පළමු දවසේ වේලාසන නැගුටුණු පසු, උන්වහන්සේ පළමු කොට, මග්දලාහි මරියාට පෙනුණු සේක; ඈ උන්වහන්සේ විසින් යක්ෂාත්මයන් සත් දෙනකු දුරු කරන ලද තැනැත්තිය ය.


පාවුල් දුටු දර්ශනය මඟින් මකිදෝනිය වැසියනට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවියන්වහන්සේ අප කැඳවතැයි නිගමනය කළ අපි වහා මකිදෝනිය බලා පිටත් වන්නට සූදානම් වීමු.


අපට පෙරටුව පිටත්ව ගිය ඔවුහු අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්