සැවොම මාගේ නාමය නිසා ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිරව සිටින්නා, ගලවනු ලබනු ඇත.
1 යොහන් 3:13 - සිංහල කාලීන පරිවර්තනය සහෝදරයිනි, ලෝකයා ඔබට වෛර වන කල, පුදුම නො වන්න. Sinhala New Revised Version සහෝදරයෙනි, ලෝකයා ඔබට වෛර කරන්නේ නම් පුදුම නොවන්න. Sinhala New Revised Version 2018 සහෝදරයෙනි, ලෝකයා ඔබට වෛර කරන්නේ නම් පුදුම නොවන්න. Sinhala Revised Old Version සහෝදරයෙනි, ලෝකයා නුඹලාට වෛරකරන්නේ නම් මවිත නොවෙන්න. |
සැවොම මාගේ නාමය නිසා ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිරව සිටින්නා, ගලවනු ලබනු ඇත.
“එකල ඔබට විපත් පීඩා පමුණුවන්නට හා ඔබ මරා දමන්නට ඔවුන් ඔබ අල්ලා දෙනු ඇත. මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනු ඇත.
මාගේ නාමය නිසා සැවොම ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිරව සිටින්නා, ගලවනු ලබනු ඇත.
මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය.
ඔවුන් සිනගෝගවලින් ඔබ නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම, ඔබ මරා දමන කවරකු වුවත්, එය දෙවියන්වහන්සේට ඔප්පු කරන මෙහෙයකැයි සිතන කාලය උදා වනු ඇත.
“මේ සියල්ල මා ඔබට කීවේ මා තුළ ඔබට සාමය ලැබෙන පිණිසයි. මෙලොවේදී ඔබට පීඩා ඇති වෙයි. එනමුත් ධෛර්යවත් වන්න; මම ලෝකයෙන් ජය ගත්තෙමි” යි පැවසූ සේක.
මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයෙන් නො වන්නා සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ.
ඔබට වෛර කරන්නට ලෝකයට නුපුළුවන; එහෙත් එය මට වෛර කරයි. මන්ද එහි වැඩ නපුරු බවට මා සාක්ෂි දරන බැවිනි.
පේතෘස් ඒ දැක ජනයා අමතමින්, “ඉශ්‍රායෙල් මිනිසුනි, මේ ගැන ඔතරම් පුදුමයෙන් මොකද? අපේම බලයෙන් හෝ භක්තිවන්තකමින් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවා සේ අප දෙස ඇස් දල්වා බලා ඉන්නේ මොකද?
මාංසයේ රැඳවෙන මනස, දෙවියන්වහන්සේට විරුද්ධ ය. මන්ද එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නැත. ඇත්තෙන්ම යටත් කළ නො හැකි ය.
ඇත්තෙන්ම, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දේව භක්තික ජීවිතයක් ගත කරන්නට ආශා කරන හැම කෙනකුටම පීඩා ලැබේ.
පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්‍රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි.
එවිට මා ඇමතූ දේව දූතයා, “ඇයි ඔබ පුදුම වූයේ? ස්ත්‍රිය පිළිබඳ හා ඇය නැගී යන හිස් හතක් හා අං දහයක් ඇති මෘගයා පිළිබඳ අබිරහස මම ඔබට කියන්නම්.