Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 16:33 - සිංහල කාලීන පරිවර්තනය

33 “මේ සියල්ල මා ඔබට කීවේ මා තුළ ඔබට සාමය ලැබෙන පිණිසයි. මෙලොවේදී ඔබට පීඩා ඇති වෙයි. එනමුත් ධෛර්යවත් වන්න; මම ලෝකයෙන් ජය ගත්තෙමි” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණිස ය. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණිස ය. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 16:33
46 හුවමාරු යොමු  

සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.


මන්ද දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ හැම කෙනකුම ලෝකයෙන් ජය ගනී. ලෝකයෙන් ජය ගන්න ජයග්‍රහණය, අපගේ ඇදහිල්ලයි.


සාමයේ ස්වාමින්වහන්සේම හැම කල, හැම අයුරු ඔබට සාමය සලසන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක්වා!


ප්‍රිය දරුවනි, ඔබ දෙවියන්වහන්සේගෙන් ය. ඔබ ඔවුන්ගෙන් ජය ගෙන තිබේ. මන්ද ලෝකයේ සිටින තැනැත්තාට වඩා ඔබ තුළ සිටින තැනැත්තාණන් උතුම් ය.


එවිට, සියලු අවබෝධ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සාමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් ද ඔබගේ මනස ද ආරක්ෂා කරනු ඇත.


ලොව පුරා ඔබගේ සහෝදරයින් ද ඔබ මෙන් එකම විදියේ දුක් පීඩා මැදින් ගමන් ගන්නා බව ඔබ දන්නා බැවින්, ඇදහිල්ලේ ස්ථාවරව පිහිටා සිට, යක්ෂයාට එරෙහි වන්න.


“ඔබ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නහු ය; මා කෙරෙහිත් විශ්වාස කරන්න.


ඇත්තෙන්ම, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දේව භක්තික ජීවිතයක් ගත කරන්නට ආශා කරන හැම කෙනකුටම පීඩා ලැබේ.


ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිරව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතුව ඇතැ” යි ඔවුහු කීහ.


“ජයගන්නාට මා සමඟ මගේ සිංහාසනයේ හිඳගැනීමේ වරම මා දෙන්නේ, මා ජය ගෙන මාගේ පියාණන්වහන්සේගේ සිහසුනේ උන්වහන්සේ සමඟ හිඳගත් අයුරිනි.


සුළු කලකට පාපයේ සැපත භුක්ති විඳිනවාට වඩා, දෙවියන්වහන්සේගේ ජනයා සමඟ කම්කටොලු විඳීම තෝරා ගැනීමෙනි.


මම ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ එය දනියි, මාගේ ස්වාමිනි” යි කීවෙමි. එවිට ඔහු, “මහා පීඩාව මැදින් එන්නෝ මොවුහුයි. ඔවුන් තම සළු බැටළු පැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගෙන ඇත.


එබැවින් සහෝදරයිනි, සියලු ආපදා හා හිංසන මැදදීත් අපි, ඔබගේ ඇදහිල්ල නිසා ඔබගෙන් ධෛර්යය ලැබ සිටින්නෙමු.


බැටළු පැටවාණන්ගේ ලේ මඟින් හා තම සාක්ෂියේ වචනය මඟින්, ඔවුහු ඔහුගෙන් ජය ගත්හ. තවද, ඔවුන් මරණය දක්වාම, තමන්ගේ ජීවිතවලට ප්‍රේම කළේ නැත.


පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මඟින් සියලු දේම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ ද පියාණන්වහන්සේ ද වන දයාවේ පියාණන්වහන්සේ හා සකල සැනසිල්ලේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා.


සහෝදරයිනි ප්‍රීතිවන්න! සම්පූර්ණත්වය අරමුණු කරගන්න. එකිනෙකා ධෛර්යවත් කරන්න. එකිනෙකා හා එකඟ වන්න. සාමයෙන් ජීවත් වන්න. ප්‍රේමයේත්, සාමයේත් දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.


හිංසා පීඩාවනට අප ගොදුරු වන වග අප ඔබ සමඟ සිටියදී නිති ඔබට පැවසීමු. ඔබ දන්නා පරිදි දැන් සිදුව ඇත්තේ එයම ය.


එහෙත් ලෝකයට මා කුරුසිපත් කළ, ලෝකය ද මට කුරුසිපත් වූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ කුරුසිය ගැන මිස, අන් කවර දෙයක් ගැනවත් පාරට්ටු කර ගැනීමට කිසි කලෙකත් මට සිදු නො වේවා!


ඔබ ගැන බලවත් විශ්වාසයක් මට තිබේ. ඔබ ගැන මහත් ආඩම්බරයක් මට තිබේ. මා සිටින්නේ සැනසිල්ලෙන් පිරිලා ය. අපගේ සියලු පීඩාවලදීත්, මම උතුරා යන ප්‍රීතියෙන් යුක්තව සිටිමි.


එබැවින් මිනිසුනේ, ධෛර්යය ඇති කරගන්න; මන්ද මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි. සිදුවන්නේ උන්වහන්සේ මට කී විදියටමයි.


උන්වහන්සේ, මේ වත්මන් දුෂ්ට යුගයෙන් අප මුදා ගන්නා පිණිස, අපගේ පාප උදෙසා තමන්ම පූජා වූයේ, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේගේ අභිප්‍රාය පරිද්දෙනි.


මුළු යුදය, ගලීලය හා සමාරිය යන පෙදෙස් පුරා සභාවට සාමකාමී කාලයක් උදා විණි. සභාව ශුද්ධාත්මයාණන්ගේ අනුබලය ලබමින්, ස්වාමින්වහන්සේ වෙත බය භක්තියෙන් ද ගණනින් වැඩෙමින් ද ගොඩ නැගුණේ ය.


ලෝකය විනිශ්චය දැනුයි. මේ ලෝකයේ අධිපතියා දැන් පිටත හෙළනු ලබයි.


“උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්‍රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”


කෙසේ වුවත්, දැන් මා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටින්නේ, ධෛර්යවත් ව සිටින ලෙසයි. ජීවිත හානියක් ඔබ කිසිවකුටත් සිදුවන්නේ නෑ; විනාශ වනු ඇත්තේ නැව පමණයි.


“ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන රජ්ජුරුවන් ආශිර්වාදිත ය!” “ස්වර්ගයෙහි සාමය ය! උසස් තැන්හි තේජස යැ!” යි කියමිනි.


එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේ පාවුල් අසලින් සිට, ඔහු අමතමින්, “ධෛර්යය වඩවා ගන්න; යෙරුසලමේදී ඔබ මා ගැන සාක්ෂි දැරූ ලෙසම රෝමයේදීත් සාක්ෂි දැරිය යුතු යැ” යි පැවසූ සේක.


ආබ්‍රහම්, තමන් වෙත වූ සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට වෙන් කර දුන්නේ ය. පළමුව ඔහුගේ නමේ අරුත ලෙස, ඔහු ධර්මිෂ්ඨත්වයේ රජ්ජුරුවෝ ය; ඊ ළඟට, සාලෙම්හි ද රජ්ජුරුවෝ ය; සාලෙම්හි රජ යන්නෙහි අරුත සාමයේ රජ්ජුරුවෝ ය.


විනිශ්චය පිළිබඳව වන්නේ, මෙලොවෙහි අධිපතියා විනිශ්චය කරනු ලැබ ඇති නිසා ය.


එකල සයනයක හොවන ලද අංසබාග රෝගියකු කිහිප දෙනෙක් විසින් උන්වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතමින්, “ධෛර්යවත් වන්න; පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.


එහෙත් හැම විට ක්‍රිස්තුස්වහන්සේ තුළ ජය පෙරහැරෙහි අප ගෙන යන්නාවූත්, උන්වහන්සේ දැන ගැනීමේ සුවඳ අප මඟින් හැම තැන පතුරවන්නාවූත් දෙවියන්වහන්සේට ස්තුති වේවා!


එහෙත් අනභිභවනීය බලය අයිති අපට නො ව, දෙවියන්වහන්සේට වග පෙන්වනු පිණිස, මෙම වස්තුව අපට ඇත්තේ මැටි බඳුන්වල ය.


අනික් අතට, අප දෙවියන්වහන්සේගේ සේවකයින් වග හැම අතින්ම පෙන්නුම් කරන්නේ: මහත් සේ විඳ දරා ගනිමිනි; පීඩා, අපහසුතා හා විපත්ති විඳීමෙනි:


මා ඔබට ලියන්නේ පියවරුනි, ඔබ, මුල පටන් සිටින තැනැන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ තරුණයිනි, ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්