Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 8:7 - සිංහල කාලීන පරිවර්තනය

7 මාංසයේ රැඳවෙන මනස, දෙවියන්වහන්සේට විරුද්ධ ය. මන්ද එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නැත. ඇත්තෙන්ම යටත් කළ නො හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 කුමක්හෙයින්ද, මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරුකමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත්වෙන්ටත් බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 8:7
28 හුවමාරු යොමු  

ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වෙතින් එන දෑ පිළිගන්නේ නැත. ඒවා ඔහුට අඥානකම් ය. මන්ද ඒවා ආත්මිකව විමසා බැලිය යුතු වන බැවින්, ඒ දෑ ඔහුට වටහා ගත නො හැක.


පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්‍රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි.


මන්ද මගේ ඇතුළාන්ත මිනිසාගෙන් මම දෙවියන්වහන්සේගේ දහම් නීතියෙහි ප්‍රමෝද වන්නෙමි.


මන්ද, ඒ දවස්වලට පසු ඉශ්‍රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම, මාගේ ආඥා ඔවුන්ගේ මනසේ තබන්නෙමි; ඔවුන්ගේ හදවත්හි ඒවා ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මාගේ ජනතාව වන්නෝ ය.


ද්‍රෝහීන්ව, නො සැලකිලිමත්වූවන්ව, මානයෙන් උදම්වූවන්ව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නන්ව,


කලක් ඔබත් දෙවියන්වහන්සේට පිටස්තරයින්ව, නපුර කිරීමෙන් ඔබේ සිතින් උන්වහන්සේගේ සතුරන්ව සිටියහ.


එසේ කළේ, මාංසයට අනුව නො ව, ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අප තුළ, දහම් නීතියේ දැහැමි නියමයන් ඉටු වන පිණිස ය.


අප සතුරන්ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද!


තවද දෙවියන්වහන්සේ තම අවබෝධයෙහි රඳවා ගැනීම වටනේයයි ඔවුන් නො සිතූ බැවින්, නො කළ යුතු දෑ කරන පිණිස, නීච මනසකට දෙවියන්වහන්සේ ඔවුන් අත්හළ සේක.


ඔබට වෛර කරන්නට ලෝකයට නුපුළුවන; එහෙත් එය මට වෛර කරයි. මන්ද එහි වැඩ නපුරු බවට මා සාක්ෂි දරන බැවිනි.


එසේ නම්, අපි මෙම ඇදහිල්ල මඟින් දහම් නීතිය අවලංගු කරන්නෙමු ද? කොහෙත්ම නැත! සැබවින් ම අපි එය තහවුරු කරන්නෙමු.


අවලාද නගන්නෝ ය; දෙවියන්වහන්සේට වෛර කරන්නෝ ය; අහංකාරීහු ය; මාන්නාධිකයෝ ය; පුරසාරම් දොඩන්නෝ ය; දුෂ්ට උගුල් අටවන්නෝ ය; මව් පියන්ට අකීකරුවන්නෝ ය;


පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි.


ඔවුහු ලිංගික තෘෂ්ණා පිරුණු ඇසින් යුතුව සෑහීමක් නැතිව පවෙහි ගැලෙති; අස්ථිරවූවන් වරදට පොලඹවති. ඔවුහු තණ්හාවට පුහුණු කර ගත් සිත් ඇත්තෝ ය; ශාප ලත් දරුවෝ ය.


ඉන් ඉතාම සුළු ආඥාවක් හෝ කඩ කරන, කඩ කරන්නට අන් අයට උගන්වන කවරකු නමුදු ස්වර්ග රාජ්‍යයේ ඉතා සුළු කෙනකු සේ සැලැකේ. එහෙත් ඒ නියෝග පිළිපදින, පිළිපැදීමට උගන්වන කවරකු නමුත් ස්වර්ග රාජ්‍යයේ උතුම් කෙනකු සේ සැලකේ.


දහම් නීතිය යටතේ නො වන අන්‍ය-ජාතිකයින් දිනා ගන්නා පිණිස, ඔවුන් අතර මම දහම් නීතිය යටතේ නො සිටින කෙනකු සේ හැසිරුණෙමි. සැබවින් ම මම දෙවියන්වහන්සේගේ දහම් නීතියෙන් නො මිදුණ කෙනකු වුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ නීතියට බැඳුණ කෙනෙක්මි.


ඔබට හිමි ත්‍යාගයට ඔබ නුසුදුස්සකු කිරීමට ව්‍යාජ යටහත්කමට හා දේව දූත නමස්කාරයට කැමති කිසිවකුට ඉඩ නො දෙන්න. තමන් දුටු දර්ශන ගැන පුරසාරම් දොඩමින්, තම මාංසික සිත් පුහු සංකල්පනාවලින් පුරවා ගෙන, උදාරම් වන


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්