Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 3:12 - සිංහල කාලීන පරිවර්තනය

12 නපුරාට අයත්ව, තම සහෝදරයා මැරූ කායින්ට අප සමාන විය යුතු නැත. ඔහු එසේ මරා දැමුවේ ඇයි? ඊට හේතුව ඔහුගේ ක්‍රියා දුෂ්ට වූ නිසාත්, ඔහුගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨ වූ නිසාත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 සිය සහෝදරයා මැරූ, නපුරාට අයිති වූ කායින් මෙන් අප නොවිය යුතු ය. කායින් සිය සහෝදරයා මැරුවේ මන් ද? තමාගේ ක්‍රියා නපුරු ව ද සහෝදරයාගේ ක්‍රියා යහපත් ව ද තිබුණු බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සිය සහෝදරයා මැරූ, නපුරාට අයිති වූ කායින් මෙන් අප නොවිය යුතු ය. කායින් සිය සහෝදරයා මැරුවේ මන් ද? තමාගේ ක්‍රියා නපුරු ව ද සහෝදරයාගේ ක්‍රියා යහපත් ව ද තිබුණු බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක්හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 3:12
31 හුවමාරු යොමු  

කායින්ට වඩා උතුම් පූජාවක් ආබෙල් දෙවියන්වහන්සේට ඔප්පු කළේ ඇදහිල්ලෙනි. එමඟින් ඔහු ධර්මිෂ්ඨයකු ලෙස පිළිගැනුණේ, දෙවියන්වහන්සේ ඔහුගේ දීමනාව පිළිගනිමින් ඔහු අනුමත කළ කල්හි ය; මිය ගොස් ඇති නමුදු, ඒ ඇදහිල්ලෙන් ඔහු තවමත් කතා කරයි.


ඔවුන්ට වන විපතක මහත! මන්ද කායින්ගේ මාර්ගයේ ගමන් ගන්නා ඔවුහු, වාසියට ගිජුව බාලාම්ගේ වරදේ අතරමංව, කෝරාගේ කැරැල්ලේදී විනාශ වූහ.


එසේය, ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත්, ශුද්ධස්ථානයටත් අතරදී මරා දැමුණු සෙකරියාගේ ලේ දක්වා මේ පරම්පරාව වගකිව යුතු බව මම ඔබට කියමි.


මෙසේ, ධර්මිෂ්ඨ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත්, පූජාසනයටත්, අතරදී නුඹලා විසින් මරා දමන ලද බරාකියාගේ පුත් සෙකරියාගේ ලේ දක්වා, පොළෝ තලය මත මරා දමන ලද සියලු ධර්මිෂ්ඨයින්ගේ ලේවල වරද නුඹලා පිටට එනු ඇත.


තවදුරටත් ඔබ ඔවුන් සමඟ ඒ අනර්ථකාරී දුරාචාර ප්‍රවාහයේ නො ගිලෙන්නේ මන්දැයි ඔවුහු පුදුමව, ඔබට අපවාද නගති.


අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් වූ යේසුස්වහන්සේ වෙතට ය; ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ වෙතට ය.


පාප ක්‍රියා කරන්නා අයිති යක්ෂයාට ය. මන්ද යක්ෂයා පටන්ගැන්මේ සිටම පව්කරන්නෙකි. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ වීමේ හේතුව, යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම ය.


නුඹලාගේ පියවරුන් පීඩා නො කළ එක් දිවැසිවරයකු හෝ සිටියේ ද? ධර්මිෂ්ඨයාණන්ගේ පැමිණීම ගැන අනාවැකි කී අය පවා, ඔවුහු මරා දැමූහ. දැන් නුඹලා උන්වහන්සේ පාවා දී, මරා දමා ඇත.


යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “පියාණන්වහන්සේ වෙතින් වූ හොඳ වැඩ බොහොමයක් මා ඔබට පෙන්වූවා. ඔබ මට ගල් ගසන්ට යන්නේ ඒ කුමණ එකට දැ?” යි ඇසූ සේක.


“ඇයි? ඔහු මොන අපරාධයක් කළාට දැ?” යි පිලාත් ඇසී ය. එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කියමින් ඝෝෂා කළහ.


කුඹුර මේ ලෝකයයි. හොඳ බීජ රාජ්‍යයේ පුත්‍රයෝ ය. කිරිඳි නපුරාගේ පුත්‍රයෝයි.


යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.


ඇය ශුද්ධවතුන්ගේ ලෙයින්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දැරූවන්ගේ ලෙයින් බීමත්ව සිටිනු මම දුටුවෙමි. ඇය දුටු කල, මම අතිශයින් පුදුම වීමි.


සහෝදරයිනි ඔබ, යුදයෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ සභාවන් අනුකරණය කරන්නන් බවට පත්ව ඇත්තේ එහි සභා, යුදෙව්වන්ගෙන් විඳි හිරිහැරම ඔබත් ඔබගේ රට වැසියන්ගෙන් විඳීමෙනි.


ඔබ කියන දේ ‘ඔව්’ නම් ඔව් කියා ද හෝ ‘නැත’ නම් නැත කියා ද කීම සෑහේ; ඊට වැඩියෙන් පවසන දෑ එන්නේ නපුරාගෙනි.


නමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සත්‍යය ඔබට කී මනුෂ්‍යයකු වන මා මරා දමන්නට නුඹලා සොයයි. ආබ්‍රහම් කළේ එය නො වෙයි.


නුඹලා කරන්නේ, නුඹලාගේ පියා කළ දේ යැ” යි පවසත්ම, ඔවුහු, “අප නම් අවජාතකයෝ නො වෙයි. අපට ඉන්නේ එකම පියෙක්; ඒ දෙවියන්වහන්සේ යැ” යි විරෝධය පෑහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්