Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 16:2 - සිංහල කාලීන පරිවර්තනය

2 ඔවුන් සිනගෝගවලින් ඔබ නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම, ඔබ මරා දමන කවරකු වුවත්, එය දෙවියන්වහන්සේට ඔප්පු කරන මෙහෙයකැයි සිතන කාලය උදා වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 16:2
27 හුවමාරු යොමු  

ඔහුගේ දෙමවුපියන් එසේ කීවේ, යුදෙව්වන්ට වූ බය නිසා ය. මන්ද යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි පවසන කවරකු වුවත්, සිනගෝගයෙන් නෙරපා දැමීමට ඒ වන විටත් යුදෙව්වන් එකඟව සිටි බැවිනි.


ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට බය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට බය වන්න.


උන්වහන්සේ පස් වන මුද්‍රාව කැඩූ කල, පූජාසනය යට මා දුටුවේ, දෙවියන්වහන්සේගේ වචනය නිසාත්, තමන් දැරූ සාක්ෂිය නිසාත් මරනු ලැබූවන්ගේ ජීවාත්මයන් ය.


එසේ වුවත්, යූදා ප්‍රභූන් පවා බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ තුළ විශ්වාස කළහ. එහෙත් ඒ වග හෙළි වුවහොත් තමන් සිනගෝගයෙන් නෙරපා හරිතැයි පරිසීන්ට බයින් ඔවුන් එය ප්‍රකාශ කළේ නැත.


මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය.


අපට නින්දා කරන කල, අපි ආයාචනා කරන්නෙමු. අප පොළොවේ කසළ සේ ද හැම දේකම රොඩු සේ ද වීමු; දැනටත් එලෙස ය.


“අන්න! ස්වර්ගයේ දොරටු ඇරී තිබේ. මනුෂ්‍ය පුත්‍රයාණෝ දෙවියන්වහන්සේගේ දකුණු පස සිටගෙන සිටිනු මට පෙනේ” යි කීවේ ය.


“එකල ඔබට විපත් පීඩා පමුණුවන්නට හා ඔබ මරා දමන්නට ඔවුන් ඔබ අල්ලා දෙනු ඇත. මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනු ඇත.


ඔවුහු ඊට පිළිතුරු දෙමින්, “නුඹ අන්ත පාපයේ උපන් කෙනෙක්; නුඹ එනවා ද අපට උගන්වන්නැ” යි කියා, ඔහු පිටතට පන්නා දැමූහ.


ඒ ඇසූ ඔවුහු කෝපයෙන් වියරුව, ඔවුන් මරා දැමීමට අදහස් කළහ.


එවිට යේසුස්වහන්සේ, “මා විශ්වාස කරන්න ස්ත්‍රිය, ඔබ මේ කන්දේවත්, යෙරුසලම්හිදීවත් පියාණන්වහන්සේට නමස්කාර නො කරන කාලයක් උදා වෙයි.


උද්යෝගයට අනුව නම් සභාවට පීඩා කළ කෙනෙක්මි; දහම් නීතියෙන් පිළිගැනෙන ධර්මිෂ්ඨකමට අනුව නම් දෝෂ නැති කෙනෙක්මි.


එහෙත් අව්‍යාජව නමස්කාර කරන්නන්, ආත්මයෙන් හා සැබෑකමින් පියාණන්වහන්සේට නමස්කාර කරන කාලයක් පැමිණෙයි. ඒ කාලය දැන් උදාවෙලා. පියාණන්වහන්සේ එසේ නමස්කාර කරන්නන් සොයන සේක.


“උපමා උපහැරණ මඟින් මේ දෑ මා ඔබට කීවත්, තවත් ඒ විදියට කතා නො කර, පැහැදිලිව පියාණන්වහන්සේ ගැන කතා කරන කාලය පැමිණේ.


ඔන්න, ඔබ හැම කෙනකු තම තමන්ගේ නිවෙස්වලට විසුරුවා හරිනු ලබන, ඔබ හැම මා තනිකර දමන පැය පැමිණේ; ඇත්තෙන්ම එය දැනටමත් පැමිණිලා. එහෙත් මා තනිව නො වේ; පියාණන්වහන්සේ මා සමඟයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්