Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 3:12 - සිංහල කාලීන පරිවර්තනය

12 පේතෘස් ඒ දැක ජනයා අමතමින්, “ඉශ්‍රායෙල් මිනිසුනි, මේ ගැන ඔතරම් පුදුමයෙන් මොකද? අපේම බලයෙන් හෝ භක්තිවන්තකමින් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවා සේ අප දෙස ඇස් දල්වා බලා ඉන්නේ මොකද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 පේදුරු ඒ සෙනඟට මෙසේ කී ය: “ඉශ්රායෙල් ජනයිනි, මේ ගැන ඔබ පුදුම වන්නේ කුමක්නිසා ද? අපේ ම බලයෙන් වත් යහපත්කමින් වත් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවාක් මෙන් අප දෙස නෙත් යොමා මවිතයෙන් බලන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 පේදුරු ඒ සෙනඟට මෙසේ කී ය: “ඉශ්රායෙල් ජනයිනි, මේ ගැන ඔබ පුදුම වන්නේ කුමක්නිසා ද? අපේ ම බලයෙන් වත් යහපත්කමින් වත් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවාක් මෙන් අප දෙස නෙත් යොමා මවිතයෙන් බලන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 පේතෘස් ඒ දැක සෙනඟට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ මනුෂ්‍යයා ගැන නුඹලා පුදුමවන්නේ මක්නිසාද? නොහොත් අපගේම බලයෙන්වත් භක්තිවන්තකමින්වත් අප විසින් මොහු ඇවිදින්ට සැලැස්සුවාක්මෙන් අප දෙස ඇස් හෙළා සිටින්නේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 3:12
15 හුවමාරු යොමු  

කිසිවක් අපේම සමත්කමින් වී යැයි කීමට අපට නුපුළුවන. අපේ සමත්කම දෙවියන්වහන්සේ වෙතින් ය.


ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. පුත්‍රකමට පිළිගනු ලැබීමත්, තේජසත්, ගිවිසුම් හා දහම් නීතිය දීමත්, නමස්කාරයත්, පොරොන්දුත් ඔවුන්ගේ ය.


“ඉශ්‍රායෙල් මිනිසුනි, මේ වචන අහගන්න. ඔබ දන්නා පරිදි ඔබට දෙවියන්වහන්සේ සහතික කළ මනුෂ්‍යයකු වූ නාසරෙත්හි යේසුස්වහන්සේ ලවා ඔබ අතරේ බලවත් ක්‍රියා, හාස්කම් ලකුණු දෙවියන්වහන්සේ කර වූ සේක.


එසේ නම් මා අසන්නේ, දෙවියන්වහන්සේ ස්වකීය ජනයා අත්හැරිය සේක් ද? කොහෙත්ම නැත! මමත් ඉශ්‍රායෙලයෙක්මි. ආබ්‍රහම්ගේ පෙළපතින් පැවතෙන බෙන්ජමින් ගෝත්‍ර වාංශිකයෙක්මි.


“සහෝදරවරුනි; ආබ්‍රහම්ගේ දරුවනි, දෙවියන්වහන්සේට බය ඇත්තනි, ගැලවීමේ මේ ශුභාරංචිය එවා ඇත්තේ අප වෙතයි.


තමාගේම මතය කතා කරන්නා, තමාගේම ගෞරවය සොයයි. එහෙත් තමා එවූ තැනැන්වහන්සේගේ ගෞරවය සොයන්නා සත්‍යමය කෙනෙක්. ඔහු තුළ ව්‍යාජත්වයක් නැහැ.


මෙසේ විස්මයෙන් ඇලළුණු මුළු පිරිස, ඒ මිනිසා පේතෘස් හා යොහන් අතේ එල්ලී සිටියදී, ඔවුන් සිටි සලමොන්ගේ මණ්ඩප යයි හැඳින්වෙන තැනට එක්ව දුවගෙන ආහ.


ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණවූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරි පිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි.


එවිට වැඩිමහල්ලන්ගෙන් කෙනෙක් මා අමතමින්, “මේ සුදු ලෝගු හැඳ සිටින අය කවුරු ද? ඔවුන් ආවේ කොහේ සිට දැ?” යි ඇසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්