ඔවුහු ලෙයින්වත්, මාංසයේ කැමැත්තෙන්වත්, මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නො ව, දෙවියන්වහන්සේගෙන් උපත ලද්දෝ ය.
1 පේත්‍රැස් 1:3 - සිංහල කාලීන පරිවර්තනය යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ වූ තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය අති මහත් දයාවට අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම තුළින් අපට ජීවමාන බලාපොරොත්තුවකට නව උපතක් සලසා දී ඇත්තේ, Sinhala New Revised Version අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්, Sinhala New Revised Version 2018 අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්, Sinhala Revised Old Version අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ, |
ඔවුහු ලෙයින්වත්, මාංසයේ කැමැත්තෙන්වත්, මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නො ව, දෙවියන්වහන්සේගෙන් උපත ලද්දෝ ය.
ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවෙහි ඔබ පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ, ඇදහීමේ සකල ප්‍රීතියෙන් හා සාමයෙන් ඔබ පූර්ණ කරන සේක්වා!
උන්වහන්සේ පාවා දෙනු ලැබුවේ, අපගේ පාප උදෙසා ය; නැගිටුවනු ලැබුවේ අප නිර්දෝෂ කොට ගණන් ගැනීම සඳහා ය.
අප සතුරන්ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද!
යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මඟින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක.
මන්ද අප ගලවනු ලැබ ඇත්තේ මෙම බලාපොරොත්තුවෙනි. දකින්නට තිබෙන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නො වේ. මන්ද තමන්ට පෙනෙන දේ ගැන බලාපොරොත්තු ඇති කරගන්නේ කවුරු ද?
දැන්, පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් වඩා උතුම් වන්නේ ප්‍රේමයයි.
එහෙත් සත්‍ය මෙයයි; සැතපුණු සියල්ලන්ගේ නාඹුල් පලයව ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේක්ම ය.
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ ද පියාණන්වහන්සේ ද වන දයාවේ පියාණන්වහන්සේ හා සකල සැනසිල්ලේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා.
මේ ප්‍රතිපත්තිය පිළිපදින හැම දෙනාට, දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ට සාමයත්, දයාවත් වේවා!
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ වූ තේජසේ පියාණන්වහන්සේ වඩා හොඳින් දැනගන්නා පිණිස, ප්‍රඥාවේ හා එළිදරවුවේ ආත්මයක් ඔබට ලබා දෙන ලෙසට ය.
දෙවියන්වහන්සේ ද අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියාණන්වහන්සේ ද වූ තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා! උන්වහන්සේ, ස්වර්ග බලමණ්ඩලයන්හි සෑම ආත්මික ආශිර්වාදයකින්ම, ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට ආශිර්වාද කළ සේක.
උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මඟින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය.
අප තුළ ක්‍රියා කරන ස්වකීය බලයට අනුව අප ඉල්ලන හෝ අප සිතන හෝ හැම දේටම වඩා බොහෝ වැඩියෙන් ක්‍රියා කිරීමේ අපරිමේය හැකියාවක් ඇති දෙවියන්වහන්සේට,
එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලටම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත්ව සිටිමි.
අන්‍ය-ජාතීන් අතරේ මෙම අබිරහසේ තේජාන්විත සම්පත කොතෙක්දැයි ඔවුන්ට දැන්වීමට දෙවියන්වහන්සේ තීරණ කළ සේක. ඒ තේජසේ බලාපොරොත්තුව ඔබ තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේ ය.
ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාව ද ඔබගේ ප්‍රේමයේ වෙහෙසීම ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබගේ බලාපොරොත්තුවෙන් උපදනා නො පසුබට වීර්යය ද ගැන අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ ඉදිරියේ නිබඳව අපි සිහි කරන්නෙමු.
සහෝදරයිනි, සැතපී සිටින්නන් ගැන ඔබ නො දැන සිටීම අපගේ කැමැත්ත නො වේ. බලාපොරොත්තුවක් නැති සෙසු ලෝකයා මෙන්, ඔවුන් ගැන ඔබ ශෝක නො විය යුතු ය.
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ද අපට ප්‍රේම කොට ස්වකීය අනුග්‍රහයෙන් සදාතන ධෛර්යයත්, යහ බලාපොරොත්තුවත් අපට දුන් අපගේ පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ද
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල හා ප්‍රේමය සමඟ මා උදෙසා වූ අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය පිටාර ගැලී ය.
අපගේ උත්තම දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තේජවත් ප්‍රකාශ වීමේ භාග්‍යවත් බලාපොරොත්තුවෙන් අප බලා සිටියදී ය.
එහෙත් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පුත්‍රයකු සේ විශ්වාසී වූ සේක. අපගේ විශ්වාසය හා අප උදම් අනන බලාපොරොත්තුව තදින් අල්ලාගෙන සිටින්නෙමු නම්, උන්වහන්සේගේ ගෘහය අප ය.
උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක.
එබැවින්, ක්‍රියාකාරී වීමට ඔබගේ මනස සූදානම් කරගන්න; ආත්ම සංයමයෙන් යුතුව සිටින්න; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ වන කල ඔබට දෙනු ලබන අනුග්‍රහය මත, ඔබගේ බලාපොරොත්තුව මුළුමනින් රඳවන්න.
උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේ තේජසට පත් කළ දෙවියන්වහන්සේ තුළ ඔබ ඇදහිලිවතුන් වන්නේ උන්වහන්සේ මඟිනි. ඒ, ඔබේ ඇදහිල්ලත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ තුළ වන පිණිස ය.
මන්ද ඔබ නැවත උත්පාද කරනු ලැබ ඇත්තේ දිරා යන බීජයකින් නො ව, නො දිරන ජීවමානවූත්, සදාතනිකවූත් දෙවියන්වහන්සේගේ වචනය මඟිනි.
සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස,
ඔබේ හද තුළ ස්වාමින්වහන්සේ ශුද්ධ කොට සලකා, ඔබට ඇති බලාපොරොත්තුව ගැන හේතු විමසන සැමට නිසි පිළිතුරු දීමට හැම විට සූදානමින් සිටින්න. එහෙත් ආචාරශීලීව හා ගරු සැලකිල්ලෙන් යුතුව එසේ කළ යුත්තේ,
ඊට අනුරූප වන බව්තීස්මයෙන් දැන් ඔබ ගැලවේ; ඒ, ශරීරයෙන් කිලුට පහ කිරීමක් වශයෙන් නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම හේතු කොට ගෙන පිවිතුරු හෘදය සාක්ෂියකින් දෙවියන්වහන්සේට කරන පොරොන්දුවක් වශයෙනි.
මන්ද දෙවියන්වහන්සේ තුළ තම බලාපොරොත්තු තැබූ ඉහත විසූ ශුද්ධවත් ස්ත්‍රීන් තම ස්වාමි පුරුෂයනට යටත් වෙමින්, ලස්සන වීමට පුරුදුව සිටියේ එලෙසයි.
උන්වහන්සේ ධර්මිෂ්ඨ වග ඔබ දන්නවා නම්, ධර්මිෂ්ඨව ක්‍රියා කරන හැම කෙනෙක්ම උන්වහන්සේගෙන් ඉපිද සිටින වග ඔබට නිසැක වනු ඇත.
මෙලෙස බලාපොරොත්තු තබන හැම කෙනෙක්ම තමන් පවිත්‍ර කරගන්නේ, උන්වහන්සේ පවිත්‍රව සිටින පරිද්දෙනි.
දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින කිසිවකු දිගටම පව් කරන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ බීජය ඔහු තුළ පවතී; දෙවියන්වහන්සේගෙන්ම ඉපිද සිටින බැවින් පව් කිරීමට ඔහුට නුපුළුවන.
ප්‍රේමණීයයනි, අපි, එකිනෙකාට ප්‍රේම කරමු; මන්ද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන් ය. ප්‍රේම කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින්නෙකි; දෙවියන්වහන්සේ හඳුනන්නෙකි.
යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි විශ්වාස කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටියි. පියාණන්වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක්ම, උන්වහන්සේගෙන් උපත ලැබූවන්ට ප්‍රේම කරති.
දෙවියන්වහන්සේගෙන් උපන් හැම කෙනකුම දිගින් දිගට පව් නො කරන වග අපි දනිමු. දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තාණෝ ඔහු සුරකින සේක; ඔහුට අත ගැසීමට නපුරාට නුපුළුවන.
මන්ද දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ හැම කෙනකුම ලෝකයෙන් ජය ගනී. ලෝකයෙන් ජය ගන්න ජයග්‍රහණය, අපගේ ඇදහිල්ලයි.