Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 2:2 - සිංහල කාලීන පරිවර්තනය

2 සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2-3 සැබැවින් ම සමිඳාණන් වහන්සේ යහපත් බව ඔබ අත්දැකීමෙන් දන්නා බැවින්, ඔබ වර්ධනය වී ගැළවීම ලබන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2-3 සැබැවින් ම සමිඳාණන් වහන්සේ යහපත් බව ඔබ අත්දැකීමෙන් දන්නා බැවින්, ඔබ වර්ධනය වී ගැළවීම ලබන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 2:2
21 හුවමාරු යොමු  

ඒ වෙනුවට අපි ප්‍රේමයෙන් යුතුව, සත්‍යය පවසමින්, ශරීරයේ හිස වන ක්‍රිස්තුස්වහන්සේ තුළට සැමතින්ම වැඩෙන්නෙමු.


තවද අපගේ ස්වාමියාණන් ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේත්, දැනගැන්මෙත් වැඩි වර්ධනය වන්න. දැනුත්, සදහටත් උන්වහන්සේට තේජෝ මහිම වේවා! ආමෙන්.


සැබවින් ම මා ඔබට කියන්නේ, යමකු දරුවකු සේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිගන්නේ නැතිනම්, ඔහු එහි ඇතුළු වන්නේ නැතැ” යි පැවසූ සේක.


සහෝදරයිනි, ළමයින් මෙන් සිතීම නවතන්න. නපුර සම්බන්ධව බිළිඳුන් වන්න; සිතිවිලිවලින් වැඩිහිටියන් වන්න.


සහෝදරයිනි, ඔබගේ ඇදහිල්ල වඩා බහුලව වර්ධනය වෙමින් පවත්නා නිසාත්, ඔබ හැම කෙනකු එකිනෙකා කෙරේ දක්වන ප්‍රේමය වැඩෙමින් පවත්නා නිසාත්, ඔබ ගැන නිබඳව දෙවියන්වහන්සේට ස්තුති දීම අපගේ යුතුකමකි; කළ යුත්තකි.


“සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ හැරී, කුඩා දරුවන් මෙන් නො වුවහොත්, ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට කිසි සේත් ඔබට නො හැකි බවයි.


මුළු මහත් ගොඩනැගිල්ල උන්වහන්සේ තුළ එකට සම්බන්ධ කරනු ලැබ, ස්වාමින්වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක්ව ගොඩ නැගේ.


එබැවින් අපි උන්වහන්සේ සමඟ බව්තීස්මය මඟින් මරණයට පත්ව, වළලනු ලැබීමු. එසේ වූයේ පියාණන්වහන්සේගේ තේජෝ බලයෙන් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේ ම, අපත් ජීවිතය අලුත්කමකින් ගත කරන පිණිස ය.


මන්ද ඔබ නැවත උත්පාද කරනු ලැබ ඇත්තේ දිරා යන බීජයකින් නො ව, නො දිරන ජීවමානවූත්, සදාතනිකවූත් දෙවියන්වහන්සේගේ වචනය මඟිනි.


එහෙත්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න; ඔවුන් වළක්වන්න එපා; මන්ද ස්වර්ග රාජ්‍යය අයිති මෙබඳු වූවන්ට යැ” යි පැවසූ යේසුස්වහන්සේ


සැබවින් ම මා ඔබට කියන්නේ, යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුඩා දරුවකු මෙන් පිළිගන්නේ නැතිනම්, ඔහු කිසිසේත්ම එහි ඇතුළු වන්නේ නැතැ” යි පැවසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්