Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:20 - සිංහල කාලීන පරිවර්තනය

20 එහෙත් සත්‍ය මෙයයි; සැතපුණු සියල්ලන්ගේ නාඹුල් පලයව ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේක්ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත් සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහෙත් සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය, උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:20
10 හුවමාරු යොමු  

ඒ එකිනෙකාගේ තත්වයට අනුව ය. නාඹුල් පලය ක්‍රිස්තුස්වහන්සේ ය. අනතුරුව උන්වහන්සේ යළි පැමිණෙන කල, උන්වහන්සේට අයිතිවූවන් ය.


එය නම්, ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳිය යුතු බවත්, මළවුන්ගෙන් නැගිටි ප්‍රථමයාණන් වී, ඉශ්‍රායෙල් ජනයාටත්, අන්‍ය-ජාතීන්ටත් ආලෝකය ප්‍රකාශ කළ යුතු බවත් ය.”


විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ,


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ වූ තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය අති මහත් දයාවට අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම තුළින් අපට ජීවමාන බලාපොරොත්තුවකට නව උපතක් සලසා දී ඇත්තේ,


සභාව වන ශරීරයේ හිස උන්වහන්සේ ය. මූලාරම්භය උන්වහන්සේ ය. මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණෝ උන්වහන්සේ ය. මෙසේ, සියලු දේහි ප්‍රමුඛ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේ සතු ය.


යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මඟින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක.


ඉන්පසු උන්වහන්සේ සහෝදරයින් පන්සියයකට වඩා වැඩි දෙනකුට එකවර පෙනුණු සේක. එයින් ඇතමකු සැතපී ඇති නමුදු, ඉන් වැඩිදෙනා තවමත් ජීවත්ව සිටිති.


එනමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේ නැගිටුවා, මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදවාලූ සේක. මන්ද උන්වහන්සේ යටත් කර තබා ගැනීමට කොහෙත්ම මරණයට හැකි වුණේ නැත.


මන්ද මහ හඬින් විධානයක් ද අග්‍ර දේව දූතයාගේ කටහඬ ද දෙවියන්වහන්සේගේ හොරණෑ ඇමතුම් හඬ ද සමඟින් ස්වාමින්වහන්සේම ස්වර්ගයෙන් බැස එන සේක. එකල, ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාහු පළමු කොට නැගිටිති.


ඉන්පසු මෙසේ කියන කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි. “මෙසේ ලියන්න: ස්වාමින්වහන්සේ තුළ මෙතැන් පටන් මිය යන මළවුන් භාග්‍යවත් ය.” ආත්මයාණන්වහන්සේ ද “ඒ එසේම යැ” යි කියන සේක. “ඔවුන් තමන්ගේ වෙහෙසින් විශ්‍රාම ලබනු ඇත. මන්ද ඔවුන්ගේ ක්‍රියා ඔවුන් අනුව යනු ඇතැ” යි කියන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්