Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 1:27 - සිංහල කාලීන පරිවර්තනය

27 අන්‍ය-ජාතීන් අතරේ මෙම අබිරහසේ තේජාන්විත සම්පත කොතෙක්දැයි ඔවුන්ට දැන්වීමට දෙවියන්වහන්සේ තීරණ කළ සේක. ඒ තේජසේ බලාපොරොත්තුව ඔබ තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 1:27
39 හුවමාරු යොමු  

ඒ දවසේ මා, මගේ පියාණන්වහන්සේ තුළත්, ඔබ මා තුළත්, මා ඔබ තුළත් වන වග ඔබ වටහා ගනු ඇත.


එහෙත් ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ සිටින සේක් නම්, පාපය නිසා ශරීරය මැරී ඇතත්, ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් වන්නේ ය.


ප්‍රිය දරුවනි, ඔබ දෙවියන්වහන්සේගෙන් ය. ඔබ ඔවුන්ගෙන් ජය ගෙන තිබේ. මන්ද ලෝකයේ සිටින තැනැත්තාට වඩා ඔබ තුළ සිටින තැනැත්තාණන් උතුම් ය.


ක්‍රිස්තුස්වහන්සේ සමඟ මම කුරුසිපත් කරනු ලදිමි. තවදුරටත් ජීවත් වන්නේ මා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත් වන සේක. දැන් මාංසයේ වෙසෙමින් මා ගෙවන මේ ජීවිතය මා ජීවත් වන්නේ, මට ප්‍රේම කළ, මා උදෙසා තමන්ම පූජා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ ඇදහිල්ලෙනි,


දෙවියන්වහන්සේගේ මාලිගය ඔබ වගත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ තුළ වාසය කරන වගත් ඔබ දන්නේ නැති ද?


මෙන්න! මම දොර ළඟ සිටගෙන, තට්ටු කරමි. මාගේ කටහඬ අසා යමෙක් දොර අරින්නේ නම්, මම ඇතුළුව ඔහු හා එක්ව අහර ගන්නෙමි. ඔහු ද මා සමඟ අහර ගනු ඇත.


ඒ, සත්‍යතාවේ ආත්මයාණන් ය. උන්වහන්සේ පිළිගන්නට ලෝකයාට බැරි ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත්, හඳුනන්නේවත් නැත; එහෙත් ඔබ උන්වහන්සේ හඳුනති. මන්ද උන්වහන්සේ ඔබ සමඟ වාසය කරන සේක්, ඔබ තුළ සිටින සේක.


මා ප්‍රිය දරුවනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ හැඩගැස්වෙන තෙක් ඔබ උදෙසා මම යළිත් ප්‍රසව වේදනා විඳිමි.


මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙනු” යි කී දෙවියන්වහන්සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙන් දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නැමති ආලෝකය අප හදවත්හි බැබළවූ සේක.


අපගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේගේ හා අපගේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ නියෝගයෙන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් වෙතින්,


ප්‍රඥාවෙත්, අවබෝධයේත් සමස්ත ධන සම්භාරයම ගබඩා කොට ඇත්තේ උන්වහන්සේ තුළ ය.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරනවා නම්, ඔහු මගේ වචන පිළිපදියි. මගේ පියාණන්වහන්සේ ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙත පැමිණ, ඔහු සමඟ වාසය කරන්නෙමු.


පිළිම රූප සමඟ දෙවියන්වහන්සේගේ මාලිගාවට ඇති එකඟතාව කුමක් ද? මන්ද ජීවමාන දෙවියන්වහන්සේගේ මාලිගාව අප ය. දෙවියන්වහන්සේ පවසන පරිදි: “මම ඔවුන් මධ්‍යයේ මාගේ නිවස්නය තනා, ඔවුන් අතර ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි; ඔවුහු මාගේ ජනයා වන්නෝ ය.”


මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නොවූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.


ඔබගේ නාමය මම ඔවුන්ට දැනගන්නට සැලැස්වීමි. මම එය නොකඩව දැනගන්නට සලසමි. එසේ කරන්නේ ඔබ මට ප්‍රේම කළ ප්‍රේමයම මොවුන් තුළ වන පිණිසත්, මා ද මොවුන් තුළ වන පිණිසත් ය.”


ස්වකීය ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ වාසය කරන මන්දිරයක් වන ලෙස, ඔබත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එකට ගොඩ නගනු ලබමින් සිටිති.


මාගේ මාංසය ආහාරයට ගන්නා තැනැත්තා, මාගේ රුධිරය පානයට ගන්නා තැනැත්තා, මා තුළ පවතී. මමත් ඔහු තුළ පවතින්නෙමි.


උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මඟින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය.


මාගේ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ තේජසේ ඉසුරුමත් භාවයේ ප්‍රකාරයට ඔබගේ සියලු අවශ්‍යතා සපුරන සේක.


එසේ කර ඇත්තේ, තේජෝ මහිමය සඳහා කල්තියා සූදානම් කරන ලද දයාවේ භාජන වෙත උන්වහන්සේගේ තේජෝ මහිමයේ ඉසුර විදහා දක්වන පිණිස ය.


දැන් අප සිටගෙන සිටින මෙම අනුග්‍රහයට අප ඇතුළුව සිටින්නේ, උන්වහන්සේ මඟින් ඇදහිල්ලෙනි; එබැවින් දෙවියන්වහන්සේගේ තේජසේ බලාපොරොත්තුව තුළ අපි ප්‍රමෝද වන්නෙමු.


ඒ දෑ පැන නැගෙනුයේ, ඔබ උදෙසා ස්වර්ගයේ තබා තිබෙන බලාපොරොත්තුව තුළිනි. සත්‍යතාවේ වචනය වන ශුභාරංචිය මඟින් ඒ ගැන දැනටමත් ඔබ අසා ඇත.


මන්ද මෙම සුළු, තාවකාලික පීඩා, ඒ සියල්ල අතිශයින් ඉක්මවාලන සදාතනික තේජසකට මං සලසයි.


‘මෙන්න, එය මෙතැන ය; අන්න අතැන යැ’ යි ඔවුන් කියන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ අතරේ යැ” යි පැවසූ සේක.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ; එහෙත් ඔවුනට දී නැත.


එහෙත් හැම විට ක්‍රිස්තුස්වහන්සේ තුළ ජය පෙරහැරෙහි අප ගෙන යන්නාවූත්, උන්වහන්සේ දැන ගැනීමේ සුවඳ අප මඟින් හැම තැන පතුරවන්නාවූත් දෙවියන්වහන්සේට ස්තුති වේවා!


බලන්න, දෙවියන්වහන්සේගේ සමෘද්ධියේත්, ප්‍රඥාවෙත්, දැනගැන්මෙත් ගැඹුර කොතරම් ද! උන්වහන්සේගේ විනිශ්චයන් කෙසේවත් සොයා දැනගත හැකි ද! උන්වහන්සේගේ මාර්ග කොතරම් ගුප්ත ද!


නැතහොත්, දෙවියන්වහන්සේගේ කරුණා-අරමුණ, පසුතැවිල්ල වෙත ඔබ යොමු කිරීම බැව් වටහා නො ගෙන, උන්වහන්සේගේ කරුණාවේත්, ක්ෂාන්තියේත්, ඉවසීමේත් පොහොසත්කම සුළු කොට තකනවා ද?


ආත්මයට ඇති නියතවූත්, ස්ථිරවූත් නැංගුරමක් සේ අපට තිබෙන මෙම බලාපොරොත්තුව තිරයට එහායින් ඇතුළු ශුද්ධස්ථානයටම පිවිසෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්