“පසුතැවිල්ල සඳහා මා ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් මට පසුව එන තැනැත්තා මට වඩා බලවත් ය; එතුමන්ගේ පාවහන් මුදන්නට තරම්වත් මා වටින්නේ නැත. උන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරනු ඇත.
1 කොරින්ති 12:13 - සිංහල කාලීන පරිවර්තනය මන්ද යුදෙව් හෝ ග්‍රීක් වේවා, වහල් හෝ නිවහල් වේවා අප සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එක ශරීරයක් තුළට බව්තීස්ම කරනු ලැබීමු; තවද සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමු. Sinhala New Revised Version මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු. Sinhala New Revised Version 2018 මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු. Sinhala Revised Old Version මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්මකරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව. |
“පසුතැවිල්ල සඳහා මා ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් මට පසුව එන තැනැත්තා මට වඩා බලවත් ය; එතුමන්ගේ පාවහන් මුදන්නට තරම්වත් මා වටින්නේ නැත. උන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරනු ඇත.
ඔවුන් සියල්ලන් ඇමතූ යොහන්, “මා, ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි; එහෙත් මට වඩා බලගතු කෙනෙක් පැමිණෙයි. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මා වටින්නේ නැත. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරන සේක.
මා මෙතුමාණන් හැඳින සිටියේ නැති නමුත්, වතුරින් බව්තීස්ම කරන්නට මා එවූ තැනැන්වහන්සේ මා අමතා, ‘ආත්මයාණන් බැස අවුත්, යමකු මත රැඳී සිටිනවා ඔබ දකින්නේ ද, ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරන තැනැත්තා එතුමාණන් යැ’ යි කී සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කෙනකු වතුරින් හා ආත්මයාණන්ගෙන් උපන්නොත් මිස, ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට නො හැකියි.
යේසුස්වහන්සේ ඇය අමතමින්, “දෙවියන්වහන්සේ ඔබට පිළිගන්වන දීමනාව කුමක් ද කියාත්, ඔබෙන් දිය ඉල්ලන්නේ කවුරුන් ද කියාත් ඔබ දැන සිටියා නම්, ඔහුගෙන් ඉල්ලන්නේ ඔබයි. එවිට ඔහු ඔබට ජීවන දිය දෙන්නට තිබුණා” යි කී සේක.
එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක.
ජීවනය දෙන්නේ ආත්මයාණෝයි. මාංසය ප්‍රයෝජනවත් නො වේ. මා ඔබට පැවසූ වචන ආත්මය හා ජීවනයයි.
මන්ද යොහන් මිනිසුන් බව්තීස්ම කළේ වතුරිනි. එහෙත් මෙතැන් සිට තව නොබෝ දිනකින් ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම ලබනු ඇතැ” යි පැවසූ සේක.
දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත.
දෙවියන්වහන්සේ යුදෙව්වන්ගේ පමණක් දෙවියන්වහන්සේ ද? උන්වහන්සේ අන්‍ය-ජාතිකයින්ගේත් දෙවියන්වහන්සේ නො වන සේක් ද? සත්තකින්ම අන්‍ය-ජාතීන්ගේත් ය.
ඔහු චර්මඡේද ලකුණ ලද්දේ, ඔහු තවමත් චර්මඡේද නො වී සිටියදී, ඇදහිල්ල මඟින් ලද ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් වශයෙනි. එහි අරමුණ, චර්මඡේද වීමෙන් තොරව, විශ්වාස කරන සියල්ලන් ධර්මිෂ්ඨයින් වශයෙන් ගණන් ගැනෙන පිණිස, ඔහු ඔවුන්ගේ පියාණන් බවට පත් වීමටත්,
ඇදහිල්ල ඒමට පෙර, ඒ ඇදහිල්ල එළිදරවු කරන තෙක්, අපි දහම් නීතිය යටතේ අල්ලා ගනු ලැබ, සිරගත කරනු ලැබ සිටියෙමු.
එහි යුදෙව්වකුවත්, ග්‍රීකයකුවත් නැත; වහලකුවත්, නිවහල් කෙනකුවත් නැත; පුරුෂයකුවත්, ස්ත්‍රියකවත් නැත. මන්ද ඔබ හැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙකි.
ඒ අබිරහස නම්, ශුභාරංචිය මඟින් අන්‍ය-ජාතිකයින් ද ඉශ්‍රායෙල් ජනයා සමඟ සම උරුමකරුවන් බවත්, එකම ශරීරයක සම සාමාජිකයින් බවත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වූ පොරොන්දුවට සම කොටස්කරුවන් බවත් ය.
දාසයකු හෝ නිවහල් කෙනකු හෝ යන කවරකු වුවත් කරන හැම හොඳ වැඩකටම, ස්වාමින්වහන්සේ ප්‍රතිවිපාක දෙන බව ඔබ දනී.
අන්‍ය-ජාතීන් අතරේ මෙම අබිරහසේ තේජාන්විත සම්පත කොතෙක්දැයි ඔවුන්ට දැන්වීමට දෙවියන්වහන්සේ තීරණ කළ සේක. ඒ තේජසේ බලාපොරොත්තුව ඔබ තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේ ය.
මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නොවූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.
ඊට අනුරූප වන බව්තීස්මයෙන් දැන් ඔබ ගැලවේ; ඒ, ශරීරයෙන් කිලුට පහ කිරීමක් වශයෙන් නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම හේතු කොට ගෙන පිවිතුරු හෘදය සාක්ෂියකින් දෙවියන්වහන්සේට කරන පොරොන්දුවක් වශයෙනි.