උන්වහන්සේ ඔහුට කරුණාකොට: මිනීවළට නොබසින ලෙස ඔහු මුදන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත.
හොෂෙයා 13:14 - Sinhala Revised Old Version මම ඔවුන් මිනීවළේ බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි. එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ, නුඹේ විනාශය කොතැනද? පසුතැවිල්ල මාගේ ඇස්වලින් සැඟවී තිබෙයි. Sinhala New Revised Version මම මේ සෙනඟ පාතාලයෙන් ගළවන්නෙම් ද? මරණ බලයෙන් මුදන්නෙම් ද? එම්බා මරණය! ඔබේ වසංගතය කොහේ ද? එම්බා පාතාලය! ඔබේ විනාශය කොහේ ද? මොවුන් කෙරෙහි මට අනුකම්පාවක් නැත. Sinhala New Revised Version 2018 මම මේ සෙනඟ පාතාලයෙන් ගළවන්නෙම් ද? මරණ බලයෙන් මුදන්නෙම් ද? එම්බා මරණය! ඔබේ වසංගතය කොහේ ද? එම්බා පාතාලය! ඔබේ විනාශය කොහේ ද? මොවුන් කෙරෙහි මට අනුකම්පාවක් නැත. |
උන්වහන්සේ ඔහුට කරුණාකොට: මිනීවළට නොබසින ලෙස ඔහු මුදන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත.
මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරිනසේක; ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්ට නොදෙනසේක.
ස්වාමිනි, ඔබ ෂෙයෝලෙන් මාගේ ආත්මය ගොඩගත්සේක. මා වළට නොබසින පිණිස මාගේ ජීවිතය ආරක්ෂාකළසේක.
බොහෝ තද දුක් අපට පැමිණෙවු ඔබ නැවත අප ජීවත්කොට, පොළොවේ ගැඹුරු තැන්වලින් අප නැවත ගොඩගන්නාසේක.
උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.
ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.
නුඹම මා අත්හැරියෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ පස්සට ගියෙහිය. මමද මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට නුඹ විනාශකෙළෙමි; තැවීමෙන් වෙහෙසවී සිටිමි.
මාගේ මවු මාගේ මිනීවළ වෙන ලෙසත්, ඇගේ කුසය හැමදාම මහත්ව තිබෙන ලෙසත්, මා කුසේ සිටිද්දී මා නොමැරූ බැවින්,
දවාලෙහි එළියක් පිණිස ඉරද, රාත්‍රියෙහි එළියක් පිණිස සඳ සහ තාරකාවල නියෝගද දෙන්නාවූ, මුහුදේ රැළ ඝෝෂාකරන ලෙස එය කලඹන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
එවිට උන්වහන්සේ මට කථාකොට: නුඹ සුළඟට අනාගතවාක්‍ය කියන්න, මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියමින් සුළඟට කථාකොට–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ආත්මය, නුඹ සතර දිග සුළංවලින් ඇවිත් මැරුම්කෑවාවූ මොවුන් ජීවත්වන ලෙස මොවුන් තුළට හුස්ම හෙළන්න කියා කියන්නැයි මට කීය.
දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත.
ඉශ්‍රායෙල්ගේ පාරට්ටුවවූ දේවරූප ඔහුගේ මුහුණටම සාක්ෂිදෙයි. මේ සියල්ල මෙසේව තිබෙන නුමුත්, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ නොසෙවුවෝය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම වෙනස් නොවෙමි; එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.
බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?
මක්නිසාද ඔවුන් අත්හැරදැමීම ලෝකයා සමඟිකිරීම නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස වෙන කුමක්ද?
එසේය, මේ කූඩාරමේ සිටින්නාවූ අපි බර උසුලමින් කෙඳිරිගාමුව; මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීයවූ එක ජීවනයෙන් ගිලිනු ලබන පිණිස, අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමුව.
සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.
මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණුසේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමඟ ගෙනෙනසේක.
සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.
සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය.
උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.
එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය; පාතාලයද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වංසගතයෙනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙනලද්දේය.
ඇරත් ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ බොරු නොකියනසේක, නොතැවෙනසේක. මක්නිසාද තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයයි කීවේය.