Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 37:9 - Sinhala Revised Old Version

9 එවිට උන්වහන්සේ මට කථාකොට: නුඹ සුළඟට අනාගතවාක්‍ය කියන්න, මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියමින් සුළඟට කථාකොට–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ආත්මය, නුඹ සතර දිග සුළංවලින් ඇවිත් මැරුම්කෑවාවූ මොවුන් ජීවත්වන ලෙස මොවුන් තුළට හුස්ම හෙළන්න කියා කියන්නැයි මට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එවිට උන් වහන්සේ මට කතා කොට, “නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එවිට උන් වහන්සේ මට කතා කොට, “නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 37:9
12 හුවමාරු යොමු  

හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය නුඹට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක.


එම්බා, උතුරු හුළඟ, පිබිදෙන්න; දකුණු හුළඟ, එන්න; මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට හමාඑන්න. මාගේ ප්‍රේමවන්තයා තමාගේ උයනට ඇවිත් තමාගේ අනර්ඝ ඵල කෑවාවේ.


නුඹලා ජීවත්වන ලෙස මා විසින් නුඹලා තුළ මාගේ ආත්මය තබා, නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා ඒක කියා ඉෂ්ටකළ බව නුඹලා දැනගන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි මට කීය.


මේ ඇටවලට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹලා ජීවත්වන ලෙස මම නුඹලා තුළට ආත්මය පමුණුවන්නෙමි.


ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති; ඔබ පොළෝතලය අලුත් කරනසේක.


තවද: නුඹ බොහෝ සෙනඟද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගතවාක්‍ය කියන්ට ඕනෑයයි මට කියනලද්දේය.


ඒ දවස් තුනහමාරට පසු ජීවන හුස්ම දෙවියන්වහන්සේගෙන් ඔවුන් තුළට පැමිණ, ඔව්හු නැගිට සිටියෝය; ඔවුන් දුටුවන් කෙරෙහි මහත් භය පැමුණුණේය.


උන්වහන්සේ නැවත මට කථාකොට: නුඹ මේ ඇට කෙරෙහි අනාගතවාක්‍ය කියමින් ඒවාට මෙසේ කියන්න–වියළි ඇට, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


මම බැලූවිට නහර ඒවා පිට තිබෙනවා දුටිමි, මාංසය හටගැනී, ඒ උඩ සමින් වැසුණේය. නුමුත් ඒවා තුළ ආත්මයක් නොවීය.


ඔහු සිටගත්තායින් පසු ඔහුගේ රාජ්‍යය බිඳී, අහසේ සතර හුළඟට බෙදෙන්නේය; නුමුත් එසේ වෙන්නේ ඔහුගෙන් පැවත එන්නන්ටවත් ඔහු ආණ්ඩුකළ පරාක්‍රමයේ හැටියටවත් නොවේ; මක්නිසාද ඔහුගේ රාජ්‍යය උදුරාදමන්ට යෙදී, මොවුන්ට පමණක් නොව අන්‍යයන්ටත් ලැබෙන්නේය.


මම ඔවුන් මිනීවළේ බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි. එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ, නුඹේ විනාශය කොතැනද? පසුතැවිල්ල මාගේ ඇස්වලින් සැඟවී තිබෙයි.


දූතයා මට උත්තරදෙමින්: මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට පිටත්ව යන්නාවූ ආකාශයේ හුළං සතරයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්