ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, ආහබ්ගේ වංශය කළාක් මෙන් යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යාකමට පමුණුවා, නුඹේ පියාගේ වංශය වන නුඹට වඩා යහපත්වූ නුඹේ සහෝදරයන් මැරූ බැවින්,
හොෂෙයා 1:2 - Sinhala Revised Old Version හොෂෙයා ලවා ස්වාමීන්වහන්සේ කියෙවු කාරණාවල පටන්ගැන්මය. ස්වාමීන්වහන්සේ හොෂෙයාට කථාකොට: නුඹ ගොස් වේශ්‍යා භාර්යාවක්ද වේශ්‍යා දරුවන්ද අරගන්න. මක්නිසාද දේශය ස්වාමීන්වහන්සේගෙන් අහක්වී බොහෝසේ වේශ්‍යාකම්කෙරේයයි කීසේක. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ හොසියා මඟින් පළමු වරට ඉශ්රායෙල් සෙනඟට කතා කළ විට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් වෙසඟනක විවාහ කරගෙන ඇගේ වේශ්‍යාකමින් දරුපල ලබාගන්න. මන්ද, මේ රට සමිඳාණන් වහන්සේ කෙරෙන් වෙන් වී යාමෙන් වෙසඟනකට සමාන වී ඇත.” Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ හොසියා මඟින් පළමු වරට ඉශ්රායෙල් සෙනඟට කතා කළ විට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් වෙසඟනක විවාහ කරගෙන ඇගේ වේශ්‍යාකමින් දරුපල ලබාගන්න. මන්ද, මේ රට සමිඳාණන් වහන්සේ කෙරෙන් වෙන් වී යාමෙන් වෙසඟනකට සමාන වී ඇත.” |
ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, ආහබ්ගේ වංශය කළාක් මෙන් යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යාකමට පමුණුවා, නුඹේ පියාගේ වංශය වන නුඹට වඩා යහපත්වූ නුඹේ සහෝදරයන් මැරූ බැවින්,
මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය. මිථ්‍යාචාරලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශකළසේක.
මක්නිසාද මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.
මක්නිසාද පුරාණයේ සිට නුඹ නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද නුඹ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.
මම අපවිත්‍ර නොවීමි, මම බාල්වරුන් පස්සේ නොගියෙමියි නුඹ කියන්නේ කොහොමද? මිටියාවතෙහි තිබෙන නුඹේ හැසිරීම බලන්න, නුඹ කළේ මොකද කියා දැනගන්න. නුඹ එහා මෙහා දුවන ශීඝ්‍ර ඔටුදෙනකි;
ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.
නුඹලාගෙන් ඉතිරි වෙන අය මා වෙතින් අහක්ව ගියාවූ ඔවුන්ගේ වේශ්‍යා සිත්ද තමුන්ගේ දේව රූප පස්සේ වේශ්‍යාකමින් යන ඔවුන්ගේ ඇස්ද මා විසින් බිඳදැම්මාම, ඔවුන් වාලට ගෙනයන ජාතීන් අතරේදී මා සිහිකොට, තමුන්ගේ සියලු පිළිකුල් ක්‍රියාවලින් තමුන් කළාවූ නපුරුකම් නිසා තමුන්ටම පිළිකුල්කරන්නෝය.
ඈද ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ දුවන නුමුත් ඔවුන් කරා නොපැමිණෙන්නීය; ඈ ඔවුන් සොයන නුමුත් ඔව්හු ඈට සම්බ නොවන්නෝය. එවිට ඈ කථාකොට: මාගේ පළමු පුරුෂයා ළඟට හැරීයන්නෙමි; මක්නිසාද දැනට වඩා ඒ කාලය මට යහපත්ව තිබුණේයයි කියන්නීය.
තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන් අන් දෙවිවරුන් වෙතට හැරී [ඔවුන්ට පිළිගන්වන] මුද්‍රිකඵල කැටිවලට ඇලුම්වෙන නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකරන්නාක්මෙන්ම නුඹ නැවත ගොස්, මිත්‍රයෙකුගේ ප්‍රේමවන්තියක් වී කාමමිථ්‍යාචාරිණියක්ව සිටින ස්ත්‍රියෙකුට ප්‍රේමවෙන්නැයි කීසේක.
මම එප්‍රායිම් අඳුනමි, ඉශ්‍රායෙල්ද මාගෙන් සැඟවී නැත. මක්නිසාද, එප්‍රායිම්, නුඹ දැන් වේශ්‍යාකම්කර තිබේ, ඉශ්‍රායෙල් අපවිත්‍රවී සිටියි.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ නුඹේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.
ඔව්හු කාමමිථ්‍යාචාරයෙන් පිරුණාවූ, පාපයෙන් වලකින්ට නුපුළුවන් ඇස් ඇත්තෝය; ඔව්හු අස්ථිර ආත්ම පොලඹවන්නෝය; තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය; ශාපයේ දරුවෝය;
ඇගේ නළල පිට: රහසක්ය, මහා බබිලෝනියය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවුය යන නාමයක් ලියා තිබුණේය.