Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 1:2 - Sinhala New Revised Version 2018

2 සමිඳාණන් වහන්සේ හොසියා මඟින් පළමු වරට ඉශ්රායෙල් සෙනඟට කතා කළ විට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් වෙසඟනක විවාහ කරගෙන ඇගේ වේශ්‍යාකමින් දරුපල ලබාගන්න. මන්ද, මේ රට සමිඳාණන් වහන්සේ කෙරෙන් වෙන් වී යාමෙන් වෙසඟනකට සමාන වී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සමිඳාණන් වහන්සේ හොසියා මඟින් පළමු වරට ඉශ්රායෙල් සෙනඟට කතා කළ විට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් වෙසඟනක විවාහ කරගෙන ඇගේ වේශ්‍යාකමින් දරුපල ලබාගන්න. මන්ද, මේ රට සමිඳාණන් වහන්සේ කෙරෙන් වෙන්‍ වී යාමෙන් වෙසඟනකට සමාන වී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 හොෂෙයා ලවා ස්වාමීන්වහන්සේ කියෙවු කාරණාවල පටන්ගැන්මය. ස්වාමීන්වහන්සේ හොෂෙයාට කථාකොට: නුඹ ගොස් වේශ්‍යා භාර්යාවක්ද වේශ්‍යා දරුවන්ද අරගන්න. මක්නිසාද දේශය ස්වාමීන්වහන්සේගෙන් අහක්වී බොහෝසේ වේශ්‍යාකම්කෙරේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 1:2
24 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: “අන් පෙම්වතෙකු ඇති, කාමමිථ්‍යාචාරය කරන ස්ත්‍රියක වෙත ගොස්, ඈට පෙම් කරන්න. අන් දෙවිවරුන් වෙත හැරී යන, වියළි මිදි පලවලින් සෑදූ පිදේනි දෙවිවරුන් වෙත ගෙනයන්න කැමැති ඉශ්රායෙල් සෙනඟට මා තවමත් ප්‍රේම කරන්නාක් මෙන් ම ඔබත් ඈට පෙම් කරන්න.”


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, නුඹේ පියවරුන් කළුරිය කළ පරිදි නුඹත් කළුරිය කරන්නට දැන් ආසන්න ව සිටින්නෙහි ය. නුඹේ මරණින් පසු මේ සෙනඟ මට අවිශ්වාසවන්ත ව ඔවුන් පදිංචි වන රටෙහි විදේශිකයන්ගේ දෙවිදේවතාවන් වැළඳගෙන, මා අත්හැර, ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩ කරන්නෝ ය.


වේශ්‍යාකම සුළු දෙයක් කොට සලකා ගල් හා ගස්වලට නමස්කාර කිරීමේ වේශ්‍යාකමින් ඈ දේශය පිළිකුල් කළා ය.


මෙසේ ඔව්හු මෙවැනි ක්‍රියාවලින් අපිරිසිදු වූ හ. ඔව්හු දෙවිඳුන් හට විශ්වාසී ව නොසිට වෙසඟනන් මෙන් හැසුරුණෝ ය.


ඇගේ නළල පිට: “මහා බබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේ ද පිළිකුල්කම් වල ද මව” යන ගුප්ත නාමයක් ලියා තිබිණි.


ඔවුන්ගේ ඇස් කාමුක බැල්මෙන් පිරී ඇත. ඔවුන්ගේ පාපාශාවන්ට තෘප්තියක් නැත. ඔව්හු වැනෙන සුලු පුද්ගලයන් වරදට පොළඹවන්නෝ ය. ඔව්හු තණ්හාවට ඇබ්බැහි වූ සිත් ඇත්තෝ ය. සාප ලත් දරුවෝ ය.


නුඹලා අතරෙන් ගැළවෙන අය විප්‍රවාසයට ගෙනයනු ලැබූ විට ඒ ඒ ජාතීන් අතර මා සිහි කරනු ඇත. එසේ වන්නේ, මා වෙතින් වෙන් වී ගිය ඔවුන්ගේ අවිශ්වාසී සිත මා බිඳදැමූ විට ද මා තුළ විශ්වාසය නොතබා දේව රූප දෙසට හැරුණු ඔවුන්ගේ ඇස් අන්ධ කළ විට ද වේ. ඔවුන් කළ නපුරුකම් නිසා ද ඔවුන්ගේ ද්වේෂ සහගත ක්‍රියා නිසා ද ඔව්හු ඔවුන්ගේ ඇස් හමුයෙහි ම පිළිකුලක් වන්නෝ ය.


එප්‍රායිම්ගේ හැටි මම හොඳින් දනිමි. මාගෙන් සැඟවෙන්නට ඉශ්රායෙල්වරුන්ට බැරි ය. එම්බා එප්‍රායිම්, ඔබ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂණය වී ඇත.


දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්නේ ආරම්භය මෙය ය.


මාගේ සෙනඟ දෙවිධියක පව් කර ඇත. ඔව්හු ජීවන වතුර උල්පත වන මා අත්හැර දමා, තමන්ට ම කටාරම්, වතුර නාල්ලන බිඳුණු කටාරම් කපාගත්හ.”


ඔබ අත්හැර දමන්නෝ සැබැවින් ම වැනසී යන්නෝ ය; ඔබට ද්‍රෝහි වූවන් ඔබ වනසන සේක.


ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කරමින්, ආහබ්ගේ වංශය කළ පරිදි ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද අන් දෙවිවරුන් ඇදහීමට පමුණුවා, ඔබේ පියාගේ වංශය වන, ඔබට වඩා යහපත් වන ඔබේ සහෝදරයන් මැරූ බැවින්,


සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙලය, අතීතයේ දී නුඹ මාගේ වියගහ නමැති පාලනයත් මට කීකරුවීමත් ප්‍රතික්ෂේප කර, ‘මම සේවය නොකරන්නෙමි’යි කීවෙහි ය. එහෙත්, උස් වූ හැම හෙලක් පිට ද අතුපතර ඇති හැම ගසක් යට ද නුඹ වැතිර වෙසඟනක මෙන් අන් දෙවිවරුන්ට නමස්කාර කෙළෙහි ය.


‘මම අපවිත්‍ර නොවෙමි’යි ද, ‘බාල් දෙවියන්ට නමස්කාර නොකෙළෙමි’යි ද නුඹ කියන්නේ කෙසේ ද? මිටියාවතේ නුඹ පව් කළ අන්දමත්, එහි නුඹ කළ දේත් දෙස බලන්න. නුඹ ඒ මේ අත දුවන ඔටු දෙනක හා සමාන ය.


ඈ සිය පෙම්වතුන් පසුපස ගියත්, ඔවුන් වෙත පැමිණෙන්නේ නැත; ඔවුන් සොය සොයා ගියත්, ඔවුන් හමු වන්නේ නැත. එවිට ඈ මෙසේ කියනු ඇත: ‘මම මාගේ පළමු සැමියා වෙත හැරී යමි. මන්ද, අදට වඩා එදා යහපත් ව තිබිණි.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්