තමාගේ හිතේ තිබුණු සියල්ලවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවලත්, වටකර කාමරවලත්, දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත්, කැපකරනලද දේ තිබූ ගබඩාවලත්,
හෙබ්‍රෙව් 8:5 - Sinhala Revised Old Version මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල: කන්දේදී නුඹට පෙන්වනලද ආදෘශය ලෙස සියල්ල සාදන්ට බලාගන්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති. Sinhala New Revised Version මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති. සිංහල කාලීන පරිවර්තනය ස්වර්ගීය දේවල අනුරූපයකට හා ඡායාවකට ඔවුහු සේවය කරති. මන්ද මෝසෙස් කූඩාරම හදන්නට යද්දී: “කන්දේදී ඔබට පෙන්වූ සැලැස්මට අනුව හැම දේම හදන්නට වගබලා ගන්නැ” යි ඔහු දෙවියන්වහන්සේගෙන් උපදෙස් ලැබී ය. Sinhala New Revised Version 2018 මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති. |
තමාගේ හිතේ තිබුණු සියල්ලවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවලත්, වටකර කාමරවලත්, දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත්, කැපකරනලද දේ තිබූ ගබඩාවලත්,
මේ සටහනේ සියලු වැඩ තේරුම්කර දුන්නාවූ ස්වාමීන්වහන්සේගේ අතින් මා ලවා සියල්ලම ලියවා තිබේයයි දාවිත් කීවේය.
මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.
පහන් රුකේ කර්මාන්තය වනාහි තළාපු රනින් විය; ඒකේ අඩිය හා ඒකේ මල් දක්වා එය තළාපු කර්මාන්තය විය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට පෙන්වූ ආදර්ශය ලෙස ඔහු පහන්රුක සෑදුවේය.
තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.
තමා දුටුවාවූ ආදර්ශය මෙන් සාක්ෂියේ කූඩාරම සාදන්ට මෝසෙස්ට කී තැනන්වහන්සේ නියමකළ ලෙස අපගේ පියවරුන්ට ඒක වනයෙහි තිබුණේය.
මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන.
ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.
කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?
ඒ මණ්ඩපය වර්තමාන කාලයට උපහැරණයක්ය. ඒ ප්‍රකාරයට හෘදයසාක්ෂිය සම්බන්ධව සේවයකරන්නා සම්පූර්ණකරන්ට නොහැකිවූ පඬුරු සහ පූජා ඔප්පුකරනු ලබන්නේය.
එසේ හෙයින් ඔවුන් අපටවත් අපේ පරම්පරාවලටවත් මතු කාලයේ එසේ කීවොත්: දවන පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට නොව අප සහ නුඹලා අතරේ සාක්ෂියක් පිණිස අපේ පියවරුන් සෑදුවාවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්නය කියා අපට කියන්ට පුළුවනැයි අපි කියාගත්තෙමුව.