Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 26:30 - Sinhala Revised Old Version

30 කන්දේදී නුඹට පෙන්වූ ප්‍රකාරය ලෙස මණ්ඩපය පිහිටුවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මෙසේ කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මණ්ඩපය ඉදි කළ යුතු වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 මෙසේ කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මණ්ඩපය ඉදි කළ යුතු වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 26:30
14 හුවමාරු යොමු  

කන්දේදී නුඹට පෙන්වනලද ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලාගන්න.


මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල: කන්දේදී නුඹට පෙන්වනලද ආදෘශය ලෙස සියල්ල සාදන්ට බලාගන්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති.


මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.


තමා දුටුවාවූ ආදර්ශය මෙන් සාක්ෂියේ කූඩාරම සාදන්ට මෝසෙස්ට කී තැනන්වහන්සේ නියමකළ ලෙස අපගේ පියවරුන්ට ඒක වනයෙහි තිබුණේය.


එබැවින් ස්වර්ගයේ තිබෙන දේවල සටහන් මේවායින් පවිත්‍රකරන්ට ඕනෑව තිබුණේය; නුමුත් ස්වර්ගීය දේවල්ම මේවාට වඩා උතුම් පූජාවලින් පවිත්‍රකරනු ලබන්ට යුතුය.


මනුෂ්‍යයා විසින් නොව ස්වාමීන්වහන්සේ විසින් පිහිටුවනලද ශුද්ධස්ථානයේ හා සැබෑවූ මණ්ඩපයේ සේවකයෙක්වූ උත්තම පූජකයෙක් අපට සිටින බවය.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය.


එවිට කොහාත්වරු පිටත්වී ශුද්ධස්ථානය උසුලාගන ගියෝය. ඔවුන් එනතුරු අනික් අය මණ්ඩපය පිහිටෙවුවෝය.


පළමුවෙනි මාසේ පළමුවෙනි දින සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපය පිහිටුවන්න.


ඒක ලෑලිවලින් කුහර ඇතුව සාදන්න. කන්දේදී නුඹට පෙන්වූ ලෙස ඔව්හු එය සාදත්වා.


ලෑලි රනින් වසා පොලු දමන පිණිස ඒවායේ වළලු රනින් සාදා පොලුද රනින් වසන්න.


පහන් රුකේ කර්මාන්තය වනාහි තළාපු රනින් විය; ඒකේ අඩිය හා ඒකේ මල් දක්වා එය තළාපු කර්මාන්තය විය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට පෙන්වූ ආදර්ශය ලෙස ඔහු පහන්රුක සෑදුවේය.


මේ සටහනේ සියලු වැඩ තේරුම්කර දුන්නාවූ ස්වාමීන්වහන්සේගේ අතින් මා ලවා සියල්ලම ලියවා තිබේයයි දාවිත් කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්