ඔබ කෝපවූ කල ඔවුන් ගිනි උදුනක්මෙන් කරනසේක. ස්වාමීන්වහන්සේ තමන් උදහසින් ඔවුන් නැතිකර දමනසේක, ගින්නද ඔවුන් දවා ලන්නේය.
හෙබ්‍රෙව් 10:27 - Sinhala Revised Old Version විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවාදමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලාසිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත. Sinhala New Revised Version අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි. සිංහල කාලීන පරිවර්තනය ඇත්තේ විනිශ්චය ගැනත්, සතුරන් දවා දමන උදහස් ගින්න ගැනත් බියජනක බලාහිඳීමක් පමණි. Sinhala New Revised Version 2018 අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි. |
ඔබ කෝපවූ කල ඔවුන් ගිනි උදුනක්මෙන් කරනසේක. ස්වාමීන්වහන්සේ තමන් උදහසින් ඔවුන් නැතිකර දමනසේක, ගින්නද ඔවුන් දවා ලන්නේය.
ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.
සියොන්හි පව්කාරයෝ භයවෙති; අභක්තීන්ට වෙවුලුම හදිසියෙන් අල්ලා තිබේ. නාස්තිකරන ගින්නෙහි සිටින්ට අපෙන් කාට පුළුවන්ද? සදාකාල දැවීම්වල සිටින්ට අපෙන් කාට පුළුවන්ද?
යූදාහි මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වැසියෙනි, නුඹලා ස්වාමීන්වහන්සේ උදෙසා චර්මඡේදිතවී, නුඹලාගේ සිත්වල චර්මාග්‍රය පහකරන්න. නැත්නම් නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්ට බැරිලෙස ඇවිළෙනවා ඇත.
එසේවූ බැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ දේශය කොල්ලයක් කොට උඳුරාගන්න පිණිස මුළු සිතේ සන්තෝෂයෙන්ද ආත්මයේ උඩඟුකමින්ද ඒක තමුන්ට උරුමයක් කොට නියමකරගත් ඉතුරු ජාතීන්ටත් මුළු ඒදොම්ටත් විරුද්ධව සැබෑවටම මාගේ ජ්වලිත ගින්නෙන් මම කථාකෙළෙමි.
මක්නිසාද මාගේ කෝපයෙන්ද මාගේ උදහස් ගින්නෙන්ද මෙසේ කියමි: සැබවින්ම ඒ කාලයේදී ඉශ්‍රායෙල් රටෙහි මහත් කම්පාවක් වන්නේය;
එකල රජුගේ මුහුණේ පාට වෙනස්විය, ඔහු තමාගේ සිතිවිලිවලින් කැලඹුණේය; ඔහුගේ කටිසන්ධි බුරුල්වී, ඔහුගේ දණහිස් එකිනෙකට වැදුණේය.
ඉශ්‍රායෙල්ගේ පාපය වන ආවෙන්හි උස්තැන්ද නාස්තිවෙයි. කටු සහ ගොකටු ඔවුන්ගේ පූජාසනවල හටගන්නවා ඇත. ඔවුන්: අප වසාගන්නැයි කඳුවලටත්, අප පිටට වැටෙන්නැයි හෙල්වලටත් කියනවා ඇත.
ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ පළිගන්න දෙවිකෙනෙක්ය; ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය; ස්වාමීන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නාසේක, තමන්ගේ සතුරන්ට උදහස තබාගන සිටිනසේක.
ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; උන්වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද උන්වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, පමුණුවනසේක.
එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.
මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.
එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.
තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ.
උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.
බලව, ඔව්හු මොරගසමින්: දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් කම මොකද? කාලයට ප්‍රථමයෙන් අපට වදදෙන්ට ඔබ මෙහි ආසේක්දැයි කීවෝය.
මොරගසා: පියවූ ආබ්‍රහම්. මට කරුණාකොට, තමාගේ ඇඟිල්ලේ අග දියේ ගලා, මාගේ දිව සිසිල්කරන්ට ලාසරුස් එවුව මැනව; මක්නිසාද මම මේ ගිනිදැලෙහි වේදනා විඳිමියි කීවේය.
එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.
මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.
ඒ කාලයේදී ඔව්හු කඳුවලට කථාකොට: අප පිට වැටෙන්න; හෙල්වලට: අප වසාගන්නැයි කියන්ට පටන්ගන්නෝය.
යහපත්කම් කළාහු ජීවනයේ නැවත–නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත–නැගිටීමටත් පිටත්ව එන්නෝය.
එම්බා ජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවන්න. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ලේවලට පළිගනිමින්, තමන් එදිරිකාරයන්ට ප්‍රතිඵල දී, ස්වකීය දේශයටත් සෙනඟටත් ක්ෂමා වනසේක.
කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?
පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?
නුඹලාගේ රන්රිදී මලකඩකා තිබේ; ඒ මලකඩ නුඹලාට විරුද්ධව සාක්ෂියක් වී, ගිනි මෙන් නුඹලාගේ මාංස දවනවා ඇත. අන්තිම දවස්වලදී නුඹලා වස්තු රැස්කොට තැබුවහුය.
මනුෂ්‍යයෙකුට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් දෙවියන්වහන්සේ ඔහුට යුක්තිය කරනවා ඇත. නුමුත් ස්වාමීන්වහන්සේට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් ඔහු වෙනුවට මැදහත්වන්නේ කවුදැයි ඔවුන්ට කීවේය. නුමුත් ඔව්හු තමුන්ගේ පියාගේ හඬට ඇහුම්කන් නුදුන්නෝය, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් නසන්ට අභිප්‍රාකළසේක.