Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 3:12 - Sinhala Revised Old Version

12 උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේ අතේ ය; උන්වහන්සේ තම කමත පවිත්‍ර කරමින්, තම ධාන්‍ය අටුවේ රැස්කර, බොල් නො නිවෙන ගින්නෙහි හෙළන සේකැ” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 3:12
30 හුවමාරු යොමු  

මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරින්න. කපන කාලයේදී–පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බඳින්න. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරන්නැයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.


කමත හොඳහැටි පවිත්‍රකරන්ටත් ධාන්‍ය තමන් අටුවට රැස්කරන්ටත් උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේගේ අතේය; නුමුත් බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.


මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි, ඔවුන් ඈ පොළා ඇගේ දේශය හිස්කරදමනවා ඇත. මක්නිසාද ඔව්හු විපත්ති දවසේදී වටකරින්ම ඈට විරුද්ධවන්නෝය.


නුඹ ඒවා පොළන්නෙහිය, එවිට ඒවා සුළඟට ගහගන යන්නේය, සුළිහුළඟින් විසිරයන්නේය. නුඹ වනාහි ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිමත්වී, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෙහිය.


මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට,


දුෂ්ටයෝ එසේ නොව, සුළඟින් විසිර යන බොල් හා සමානය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මාගේ උදහසත් මාගේ කෝපයත් මේ ස්ථානය පිට එනම් මනුෂ්‍යයාද මෘගයාද කෙතේ ගස්ද භූමියේ ඵලද කෙරෙහි වගුරවනු ලබන්නේය; එය නොනිවෙන ලෙස ඇවිළෙන්නේයයි කියනසේක.


මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.


මම කුල්ලකින් දේශයේ දොරටුවලදී ඔවුන් පොළාදැමුවෙමි; ඔවුන්ගේ දරුවන් ඔවුන් කෙරෙන් තුරන්කෙළෙමි; තමුන්ගේ මාර්ගවලින් හැරී නාවාවූ මාගේ සෙනඟ නැතිකෙළෙමි.


නුමුත් සබත් දවස ශුද්ධලෙස පවත්වන හැටියටද සබත් දවසේදී බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලට ඇතුල්නොවන හැටියටද නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළවන්නෙමි, එය නොනිවී යෙරුසලමේ මාළිගා දවාදමන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එසේම බිම හාන ගවයෝද තරුණ කොටළුවෝද ස්කෝප්පයෙන් හා කුල්ලෙන් පෙළූ ලුණු මිශ්‍රවූ ගොදුරු කන්නෝය.


ජාතීන් බොහෝ ජලවල ගර්ජනාව මෙන් ගර්ජනාකරන නුමුත් උන්වහන්සේ ඔවුන්ට සැරකරනසේක, ඔව්හු ඈතට පලාගොස් කඳුවල තිබෙන බොල් හුළඟටත් රොඩු සුළිහුළඟටත් ගහගනයන්නාක්මෙන් පන්නාදමනු ලබන්නෝය.


එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලායන්නාක්මෙන්ද වියළි තෘණ ගින්නට වැටීයන්නාක්මෙන්ද ඔවුන්ගේ මුල දිරුම මෙන් වන්නේය, ඔවුන්ගේ මල ධූලි මෙන් නැගීයන්නේය. මක්නිසාද ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකර, ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ වචනය සුළුකළෝය.


බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියනසේක.


ඔව්හු හුළඟ ඉදිරියෙහි බොල් මෙන් වෙත්වා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් එළවා යේවා.


ඔවුන් සුළඟට ගහගනයන ඉපනැල්ල මෙන්ද සුළඟට අසුවීයන බොල් මෙන්ද වෙන්නෙත් කොපමණ වාරවලද?


එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය. ඇසීමට කන් ඇත්තේ අසාවා.


කිසි ඇටයක් බිම නොවැටෙන හැටියට පෙනේරෙන් හලන්නාක්මෙන් මම අණකර, ඉශ්‍රායෙල් වංශය සියලු ජාතීන් අතරෙහි හලන්නෙමි.


එබැවින් ඔව්හු උදයේ වලාකුළ මෙන්ද ඉක්මනින් පහවයන පිනි මෙන්ද සුළිහුළඟ කරණකොටගෙන කමතෙන් ගසාගෙනයන බොල් මෙන්ද දුම් කවුළුවෙන් යන දුම මෙන්ද වන්නෝය.


ඒ කාලයේදී මේ සෙනඟටත් යෙරුසලමටත් මෙසේ කියනු ලබන්නේය: කාන්තාරයේ මුඩු කඳුවල ග්‍රීෂ්ම හුළඟක් එනම් පෙළීමටවත් ශුද්ධකිරීමටවත් නොව,


ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.


මා තුළ කෝපය නැත. කටුගස්ද ගොකටුද මට විරුද්ධව යුද්ධයට සිටියොත් යහපති! මම ඒවා පාගා එකට දවාදමන්නෙමි.


ගිනි උදුනෙහි හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටිකෑමද වන්නේය.


යොහන් සියල්ලන්ට උත්තර දෙමින්: මම වනාහි වතුරෙන් බව්තීස්ම කරමි; නුමුත් මට වඩා බලවන්තයා එනසේක, උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් මම නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්ම කරනසේක.


රොටි-ධාන්‍ය අඹරනු ලබන්නේය; මක්නිසාද ඔහු ඒවා නිතරම තළ තළා නොසිටින්නේය. තමාගේ රථ රෝද සහ තමාගේ අශ්වයන් ඒවා පිට ගෙනගොස් ඒවා විසුරුවන නුමුත් ඒවා පොඩිකරවන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්