Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 16:24 - Sinhala Revised Old Version

24 මොරගසා: පියවූ ආබ්‍රහම්. මට කරුණාකොට, තමාගේ ඇඟිල්ලේ අග දියේ ගලා, මාගේ දිව සිසිල්කරන්ට ලාසරුස් එවුව මැනව; මක්නිසාද මම මේ ගිනිදැලෙහි වේදනා විඳිමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙ‍නි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 එවිට ඔහු, ‘ආබ්‍රහම් පියාණෙනි, අනේ මට අනුකම්පා කරන්න. මගේ දිව තෙමාගන්නට ලාසරස්ගේ ඇඟිලි තුඩ දියේ ගිල්වා, මා වෙත එවන්න. මම මේ ගිනි ජාලාවේ විඳවනවා’ යි කිව්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙ‍නි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 16:24
29 හුවමාරු යොමු  

තවද දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්,


යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.


නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.


එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.


යමෙකුගේ නම ජීවන-පොතෙහි ලියා නැති බව සම්බවීද, ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය.


එය අපේ අවයවයන් අතරේ අධර්මමිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරය කිලුටුකොට, සකල ලෝකයට ගිනි අවුලවයි, ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය.


ඔහු කථාකොට: එසේ නොවේ, පියවූ ආබ්‍රහම්. මළවුන්ගෙන් යමෙක් ඔවුන් වෙතට ගියොත් ඔවුන් පසුතැවිලිවෙනවා ඇතැයි කීවේය.


එබැවින්–ආබ්‍රහම් අපගේ පියාණෝයයි සිතින් කියන්ට පටන් නොගෙන පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.


මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.


යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවාවූ සියලුම ජනයන්ට ස්වාමීන්වහන්සේ පමුණුවන්නාවූ පීඩාව මේය: ඔවුන් හිටගන සිටිද්දීම ඔවුන්ගේ මාංසය ක්ෂයවන්නේය, ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ක්ෂයවන්නේය; ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටේම ක්ෂයවන්නේය.


ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.


ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.


එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය.


නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.


අපගේ පියවූ ආබ්‍රහම් අචර්මඡේදිතව සිටිය කල්හි ඔහුට තිබුණු ඇදහිල්ලේ අඩිපාරේ යන්නෝව සිටින්නන්ට චර්මඡේද්‍යයේ පියා වන පිණිසත්ය.


මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ.


නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි කියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, නුඹ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය.


මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.


එවිට සාමුවෙල්: ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙන් අහක්වී නුඹට විරුද්ධව සිටිද්දී නුඹ මාගෙන් අසන්නේ මක්නිසාද?


යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය, කුමක්හෙයින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය.


ඔහුගේ තෘෂ්ණාවට ගොදුරු නොවූ දෙයක් නැත; එබැවින් ඔහුගේ සැපත නොපවත්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්